ජනමාධ්‍ය අමාත්‍යංශය ජනපති යටතට ගැනීමේ උත්සාහයක්

Published in පුවත්
Sunday, 05 July 2015 15:24

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණතිලක මහතා අමාත්‍ය වගකීම දරණ ජනමාධ්‍ය අමත්‍යංශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතට ගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙයට හේතු වී ඇත්තේ ජනාධිපතිවරයා ගනු ලබන ඇතැම් දේශපාලන තීන්දු තීරණ රජයේ ජනමාධ්‍ය වෙතින් විවෙචනයට ලක්වීමය. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජන ලබා දිමට ගත් තීරණය ගැන විවේචනාත්මක තොරතුරු රැසක් පසුගිය දින කිහිපයේදී පළ විය.

ජනවාරී 08 වෙනිදා ආණ්ඩු බලය වෙනස් වීමන් පසුව රජය යටතේ පවතින ස්වාධීන රූපවාහිනී ආයතනය හා ලේක්හවුස් ආයතනය එක්සත් ජාතික පක්ෂයේ පලනයට නතු වූ අතර රූපවාහිනී සංස්ථාව හා ගුවන් විදුලි සංස්ථාව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයට නතු විය.ඒ අනුව එම ආයතනවල වැදගත් තනතුරු පි‍රැවිණි. රූපවාහිනී සංස්ථාවේ වගකිව යුතු තනතුරු ‍රැසක්ම ජාතික හෙළ උරුමයේ බලපෑමට නතුවිය. රූපවාහිනී සංස්ථාවේ සභාපතිධුරයට සෝමරත්න දිසානායක මහතා පත් කිරීමද අතුරලියේ රතන හිමිගේ මැදිහත් වීමෙන් සිදුවිය.

මේ වන විට හෙළ උරුමයද සන්ධාන ආණ්ඩුවෙන් ඉවත්ව සිටී. මේ තත්වය මත රාජ්‍ය මාධ්‍ය පාලනය කිරීම ජනාධිපතිවරයා අතට නොගත හොත් ඉදිරි මැතිවරණ සමයේදී රාජ්‍ය මාධ්‍ය විසින් ජනාධිපතිවරයාට හා ඔහු සමඟ එක්ව සිටින හිටපු පරාජිත ජනාධිපතිවරයාට එරෙහිව ජනමතය හැසිරවීම සිදුවිය හැකි බව ජනාධිපතිවරයාගේ සමිපතමයන් ඔහුට පෙන්වා දී තිබේ. අද සිළුමිණ පුවත් පතෙහිද එවැනි ලිපි කිහිපයක්ම පල වී ඇත.

එමෙන්ම ජනමාධ්‍ය අමාතයංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා මහ මැතිවරණයේදී නිදහස් සන්ධානයෙන් තරඟ කිරීමට සූදනම්ව සිටියද ජනාධිපතිවරයා, රාජපක්ෂ මහතා සමඟ එකතු වීම කෙරේ දැඩි කළ කිරීමෙකින් පසුවන බවත් දැන ගන්නට තිබේ.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us