subash
අල්ලස් හෝ දූෂණ විමර්ශනය කිරීමේ කොමිසමේ සභාපතිවරයා එම කොමිසමේ කටයුතු අඩපණ කරන අයුරින් කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳ ඔහුට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට රජයේ අවධානය යොමුවී තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ අලූත් ප‍්‍රතිපත්ති මාලාවක් එළිදැක්වීම සඳහා මේ වනවිට ඒ පිළිබඳ පුවත්පත් දැන්වීම් පළකර විවිධ ජන කණ්ඩායම්වල උගතුන්ගේ, බුද්ධිමතුන්ගේ යෝජනා ලබාගනිමින් සිටින බවත් එම යෝජනා සැලකිල්ලට ගනිමින් ඉතා ඉක්මනින් අලූත් ප‍්‍රතිපත්ති මාලාවක් සකස් කරන බවත් ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
විශ්වාසභංගයෙන් මන්ත්‍රීවරු 35ක් අත්සන් ඉවත් කරගැනීමට සැරසෙයි
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන විශ්වාසභංග යෝජනාවෙන් තම අත්සන් ඉවත් කරගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 35 දෙනෙකු පමණ සූදානමින් පසුවන බව වාර්තාවේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය භාර දීමත් සමඟ පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණ්‍යකට යෑම හැර වෙනත් කිසිදු විකල්පයක් නැතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
පන්ති කාමර තුල උග්‍ර විෂ සහිත ඔලිඳ බීජ භාවිතා කිරීමෙන් වැළකී සිටින ලෙස, ජාතික විෂ තොරතුරු ඒකකය අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ විවාද කර හැකි නම් ඡන්ද විමසුමක් සිදු කර පෙන්වන ලෙස එක්‌සත් ජාතික පක්‍ෂය මහින්ද රාජපක්‍ෂ පාර්ශ්වයට අභියෝග කර සිටින බව එක්‌සත් ජාතික පක්‍ෂයේ හිටපු සභාපති ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවැසීය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් විශේෂ සාකච්ඡාවක් ජනධිපති ලේකම් කාර්යාලයේදී සවස 7.30 ට පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
'මගේ හදවතට එකඟව සේවය කිරීමට නොහැකි නිසා මම තනතුරෙන් ඉවත් වුණා" යැයි පාරිභෝගික අධිකාරියේ හිටපු සභාපති රූමි මර්ෂුක් මහතා ඊයේ (4 දා) ප්‍රකාශ කළේය.
පරිසරය වනසන්නන්ගේ තරාතිරම නොබලා නීතිය හමුවට ගෙනවා - ජනාධිපති
පරිසරයට එරෙහි මානව ක්‍රියාකාරකම් වළකා ස්වභාවික උරුමයන්ගේ නිරුපද්‍රිත පැවැත්ම උදෙසා ඇප කැපවීම අපගේ වගකීම යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් විමසීමකින් තොරව ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් පත් කිරීම සම්බන්ධයෙන් අද (03) රැස්වෙන පාර්ලිමේන්තුවේදී විරෝධතා දැක්වීමට ආණ්ඩුවට සහාය නොදක්වන විපක්ෂයේ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.
