ඔළිඳ කෙළියට තහංචි

Published in පුවත්
Saturday, 06 June 2015 08:31

පන්ති කාමර තුල උග්‍ර විෂ සහිත ඔලිඳ බීජ භාවිතා කිරීමෙන් වැළකී සිටින ලෙස, ජාතික විෂ තොරතුරු ඒකකය අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

සමහර ග්‍රාමීය පාසල් ප්‍රාථමික පන්ති වලදී ගණන් කිරීම සඳහා මෙම ඔලිඳ බීජ භාවිතා කරනු ලබන බවත් මෙම බීජ අතිශයින් විෂ සහිත නිසා ඉතා භයානක බැවින් පන්ති කාමර තුළ මේවා භාවිතය නතර කළ යුතු බවත් අහම්බෙන් මේවා සැපීමෙන් දරුවන්ට මාරාන්තික විය හැකි බවත් ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානී වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පැවසීය.

ඔලිඳ බීජ අහඹු ලෙස සැපීම් හා ගිලීම පිළිබඳ ව තම ඒකකයට දෙමාපියන්, ගුරුවරුන් සහ වෙනත් අයගෙන් නිරතුරුවම ඇමතුම් ලැබෙන බවත් පසුගිය වසර දෙක තුන තුළ මේ නිසා සිදු වූ මරණ කිහිපයක් ද වාර්තා වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

තද රතු සහ කළු පැහැවන මෙම බීජවලට දරුවන් ආකර්ෂණීය වන බැවින් ඔවුන් එය හැපීමට හෝ ගිලීම සඳහා නිතැතින්ම පෙළඹිය හැකි බවත් එහි ප්‍රතිඵලය මාරක විය හැකි බවටත් ඔහු අනතුරු ඇඟවීය.

පන්ති කාමර ක්‍රියාකාරකම් සඳහා ප්‍රමාණයෙන් විශාල හා ආරක්ෂිත මදටිය බීජ හෝ ද ඉතා ආරක්ෂිත හා විෂ සහිත නොවන වන සියඹලා බීජ භාවිතා කිරීම වඩා යෝග්‍ය බවත් ඒ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා වියළි කලාපයේ පහත් බිම්වල වන ලැහැබවල වැවෙන ඔලිඳ ඖෂධීය ගුණ අඩංගු බව පැවසේ. පර්යේෂණ අධ්‍යයන අනුව, වණ, තුවාල සහ බල්ලන්, බළලුන් හා මීයන් හැපීමෙන් හටගන්නා හොරි සුව කිරීමට සාම්ප්‍රදායික අත් බෙහෙතක් ලෙස භාවිතා කරයි.

කෙසේ වෙතත් ඔලිඳ බීජ දරුවන් සඳහා මාරක විය හැකි බැවින් පන්ති කාමර ක්‍රියාකාරකම් සඳහා මෙම බීජ ගෙන ඒමෙන් වැළකීම සුදුසු බවත් මෙම විෂ සහිත බීජ වර්ග පිළිබඳ වැඩිදුරටත් තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය ඕනෑම අයෙකුට 2686143 යන හොට්ලයින් අංකයෙන් අමතා අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි බවත් ආචාර්ය ගුණතිලක මහතා පැවසීය.

mawbima

Last modified on Saturday, 06 June 2015 08:38

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us