සංගක්‌කාර 'ටිකක්‌ කලින්' සමුගන්නේ විශේෂ හේතුවක්‌ නිසාද?

Published in පුවත්
Monday, 15 June 2015 09:05
ලෝකයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම වමත් පිතිකරුවකු වන කුමාර් සංක්‌කාර ඉන්දියාව සමග ලබන අගෝස්‌තු මාසයේදී පැවැත්වෙන ටෙස්‌ට්‌ තරගාවලියේදි සිය ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ දිවියට සමුදීමට තීරණය කර තිබේ. එම තරගාවලියේ පළමු තරගයෙන්ම ඔහු සිය සමුගැනීම තීරණය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
 
සිය සමුගැනීම පිළිබඳව කුමාර් සංගක්‌කාර ක්‍රිකට්‌ තේරීම් කමිටු සාමාජිකයන් සහ ක්‍රිකට්‌ අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි මහතා සමග පසුගිය දින දෙකේදී සාකච්ඡා කර තිබේ. එංගලන්ත ප්‍රාන්ත තරගාවලියකට සහභාගි වීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි කුමාර් සංගක්‌කාර මේ සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ.
 
"සංගක්‌කාරගේ තීරණයට අපි ගරු කරන්න ඕන. ඔහු ලෝකයේම ඉන්න සුපිරිම ක්‍රීඩකයෙක්‌." යනුවෙන් සංගක්‌කාරගේ තීරණය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ අතුරු කමිටුවේ ප්‍රධානියකු පැවසීය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධාන විධායක ඈස්‌ලි ද සිල්වා මහතා පවසන්නේ, 'සංගක්‌කාර ඔහුගේ සමුගැනීම තීරණය කරල අවසන් කියල තමයි ආරංචි. නමුත් ඒ පිළිබඳව අපිට මෙතෙක්‌ නිල වශයෙන් ඔහු කියල නැහැ" යනුවෙනි.
 
ලොව බිහිවූ ශ්‍රේෂ්ඨතම පිතිකරුවා වශයෙන් සැලකෙන ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් තබා තිබෙන වැඩිම ද්විත්ව ශතක සංඛ්‍යාවේ (12) වාර්තාව සම කිරීමට සංගක්‌කාරට අවශ්‍යව ඇත්තේ තවත් එක්‌ ද්විත්ව ශතකයක්‌ පමණි. ඔහු මේ වන විට ද්විත්ව ශතක 11 ක්‌ ලබා තිබේ. ටෙස්‌ට්‌ තරග 130 කදී ශතක 38 ක්‌ ලබා තිබෙන සංගක්‌කාර ඒ අතරතුර ඉනිමක ලබා ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව 319 කි. ඒ 2014 වසරේදී බංග්ලාදේශයට එරෙහිවය. ලකුණු 199 දී සහ 192 පකිස්‌තානය හමුවේ දැවී ගොස්‌ ඇති සංගක්‌කාර තවත් වරක්‌ ලකුණු 192 දී ඔස්‌ටේ්‍රලියාව හමුවේ දැවී යැම හේතුවෙන් බ්‍රැඩ්මන්ගේ වාර්තාව පසු කිරීමට තවදුරටත් බලා සිටීමට සිදු විය.
 
කෙසේ වෙතත් පකිස්‌තානය සමග පැවැත්වෙන ටෙස්‌ට්‌ තරග තුන සහ අනතුරුව ශ්‍රී ලංකාවේදී ඉන්දියාව සමග පැවැත්වෙන ටෙස්‌ට්‌ තරග තුනකට සහභාගි වීමට සංගක්‌කාර ඉකුත් ලෝක කුසලාන අතරතුර කැමැත්ත පළ කර තිබේ. එහෙත් ඉන්දියානු සංචාරයේ පළමු ටෙස්‌ට්‌ තරගයෙන්ම සිය ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ දිවිය නිමා කිරීමට සංගක්‌කාර තීරණය කර තිබෙන්නේ විශේෂ හේතුවක්‌ නිසා යැයි දැනගන්නට තිබේ. ඇතැම් මාධ්‍ය වාර්තා පවසන්නේ සංගක්කාර එළඹෙන මහමැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසනය කේන්ද්‍ර කරගෙන එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසෙන බවය.
 
ඉන්දියාව සමග ලබන අගෝස්‌තු මාසයේදී ගාල්ලේදී ආරම්භ වන ටෙස්‌ට්‌ තරගයේදී සංගක්‌කාර සමුගැනීම තීරණය කිරීමට ආසන්නම හේතුව වනුවේ ඔහු ටෙස්‌ට්‌ තරග දිවිය ආරම්භ කළේද ගාල්ල ක්‍රීඩාංගණයෙන් වීමයි. 2000 වසරේදී ජුලි 20 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව ගාල්ලේදී ටෙස්‌ට්‌ වරම් ලැබූ සංගක්‌කාර එතැන් සිට ටෙස්‌ට්‌ තරග 130 දී ලකුණු 12,203 ක්‌ ලබා ඇති අතර එහි ඉනිමක සාමාන්‍ය 58.66 ක්‌ වැනි ඉහළ අගයක්‌ව සටහන් වේ.
 
මේ වන විට විස්‌සයි විස්‌ස සහ එක්‌දින තරගවලින් සමුගෙන සිටින සංගක්‌කාර සිය ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ දිවියේ ආරම්භය සටහන් කළ ගාල්ල ක්‍රීඩාංගණයේදී ටෙස්‌ට්‌ තරග 21 කට සහභාගි වී ශතක 07 ක්‌ සමග ලකුණු 1808 ක්‌ ලබා ගැනීමට සමත්ව තිබේ.
 
දිවයින ඇසුරෙණි

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us