අපි තනිවම වැඩ කරනවා-ජවිපෙ

Published in පුවත්
Monday, 15 June 2015 10:12

ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ජනතාව දැනුම්වත් කරනු ලැබුවේ එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ කඩේ බඩු විෂ සහිත බවත්, පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කඩේ බඩු ෂුවර් නොමැති බවත් යැයි ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ජනතාව දැනුම්වත් කරනුයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කඩේ බඩු ෂුවර් නොමැති බවත් හවුල් ආණ්ඩුව එක්ව ගෙවී ගිය මාස කිහිපය තුළ පවත්වාගෙන ගිය කඩයේ බඩුත් ෂුවර් නොමැති බව යැයි පවසා සිටියේය.

මෙවන් තත්වයක් මත ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී මෙන්ම පත්වන නව පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන්නේද තනිවම බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

ජනතා විමුක්ති පෙරමුණ පැවසූ දේ අද වනවිට රටට ඔප්පුවී තිබෙන නිසා ජනතා විමුක්ති පෙරමුණ වටා විශාල පිරිසක් මේ වනවිට ඒකාරාශී වී සිටින බව ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.

මේ හරහා ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තුවේ නියෝජන ප්‍රමාණය ඉහළ යන බව සදහන් කළේය. ජනතා පැතුමන් ඉටුකිරීම සඳහා පාර්ලිමේන්තුව තුළ ජනතා විමුක්ති පෙරමුණ තනි කණ්ඩායමක් ලෙස කටයුතු කරන බව ඔහු පවසා සිටියේය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us