නීති ආධාර කොමිසමට දික්කසාද නඩු 32000ක් ඇවිල්ලා

Published in පුවත්
Saturday, 30 May 2015 06:47

නීති ආධාර කොමිසන් සභාවට පසුගිය වසර දෙකේ දී පමණක් දික්කසාද හා නඩත්තු නඩු 32000ක් ඉදිරිපත්ව තිබේ.

මෙසේ ඉදිරිපත් වී ඇති නඩු වලින් සියයට 99ක්ම බිරින්දෑවරු පවරු ඒවා වන අතර එයින් වැඩි ප්‍රමාණයක් දරුවන්ට නඩත්තු ලබා ගැනීම සඳහා ඉදිරිපත් වූ ඒවා බව නීති ආධාර කොමිෂන් සභාව සඳහන් කරයි.

කාන්තාවගේ අනියම් සබඳතාවය,ද්වේශසහගතව හැරයාම ආදී කරුණක් හේතුවෙන් පිරිමියාට ද සිය බිරියගෙන් දික්කසාද වීමට මේ කොමිසමේ සහාය පැතිය හැක. මෙයට ඉදිරිපත්ව ඇති නඩු වලින් සියයට එකක් පමණ පිරිමියා තම බිරියගෙන් වෙන්වීමට ඉදිරිපත් කළ ඒවා වේ.

නඩත්තු සඳහා මේ කොමිසම වෙත නීතියේ පිළිසරණ පතා ඉදිරිපත්ව ඇති කාන්තාවන්ගෙන් වැඩි දෙනෙක් අවුරුදු 18ත් 35ත් අතර වයස් ප්‍රමාණයේ අය වෙති. කුඩා දරුවන් දෙතුන් දෙනකුවත් මේ එක් කාන්තාවකට සිටින බව පෙනී යන්නේ යැයි එම කොමිසම පෙන්වා දෙයි.

විවාහය කෙබඳු වගකීම් හා යුතුකම්වලින් යුතු බැඳීමක්ද යන්න පිළිබඳ නිසි අවබෝධයකින් තොරව විවාහ වීම දික්කසාදය දක්වා දුරයාමට හේතුවී ඇති බව මෙහිදී පෙනී ගොස් ඇත.

අඩු ආධායම් ලාභී නොවන්නන් බොහෝ විට මේ කොමිසමේ පිහිට නොපතන අතර එවැනි දික්කසාද හා නඩත්තු නඩු පෞද්ගලික මට්ටමින් නීතීඥවරුන් මඟින් අධිකරණය වෙත වෙනම ඉදිරිපත් වෙයි.

අනියම් සබඳතා,බීමත් කම ආදී සාම්ප්‍රදායික සිද්ධීන් මෙසේ අධිකරණය දක්වා යන්නට හේතු වී ඇති අතර පවුලේ යුතුකම් පැහැර හැරීම,සදාචාර විරෝධී බව නීතියේ පිහිට පැතීම දක්වා දුරදිග ‍යාමට හේතුවී තිබෙන බව මේ නඩු ‍තොරතුරු අනුව හඳුනා ගෙන ඇත .

මේ කොමිෂන් සභාව රුපියල් 15000කට අඩු අදායම් ලබන අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් දික්කසාද හා නඩත්තු නඩු වෙනුවෙන් නොමිලේ අධිකරණයේ පෙනී සිටින අතර ඕනෑම නීති ගැටලුවක් සඳහා නොමිලේ නීති ආධාර ද ලබා‍ දෙන බව කොමිසමේ නීතීඥවරියක වන සජීවනී අබේකෝන් මහත්මිය පවසයි.

දික්කසාදය හෝ නඩත්තු සඳහා එකම නිවෙසේ සිට‍ වුවද ඉදිරිපත් විය හැක .තමන් රුපියල් 15000කට අඩු ආදායම් ඇත්තකු බවට ග්‍රාමසේවා සහතිකයක් ඉදිරිපත් කිරීමෙන් පසු නොමිලේ නීතීඥ සහය ලබා ගැනීමට කොමිසම පියවර ගනී .

ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව වෙන පැමිණෙන බොහෝ දෙනෙක් අඩු අදායම්ලාභී අය වුවද ‍ඕනෑම අයකුට මෙයින් නීති සහය ලබා ගැනීමට හැකියාව ඇත.

 

dinamina

Last modified on Saturday, 30 May 2015 07:09

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us