අද(29) සිරිකොත මුලස්ථාන පරිශ්‍රයේ පවතී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා ප්‍රකාශ කරේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමකින් තොරව දින සියය ක්‍රියාත්මක කිරීම නිසා නැවත හොරු වෙනුවෙන් හොරු ක්‍රියාත්මක වෙමින් සිටින බවයි. ලබාගත් ජයග්‍රහණය ආපසු හරවා නැවත ඒකාධිපති පාලනයක් වෙත රට ගෙනයාමට ඔවුන් උත්සාහ ගනිමින් සිටින බව ඔහුගේ අදහසයි.
නව රජය බලයට පත්වීමට ප්‍රථම දින සියය වැඩපිළිවෙළ හරහා පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට පොරොන්දු වූ නමුත් දැන් දින 150 ක් පමණ ගත වී ඇති මුත් එය ක්‍රියාත්මක කර නොමැති බවත් ජනමතය පාර්ලිමේන්තුව තුල නියෝජනය වීමට නම් මැතිවරණයක් වෙත යායුතු බවත් ඔහුගේ අදහසයි.
එසේම මෙහිදී අදහස් දැක්වූ වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසන්නේ ආණ්ඩුව 20 වන වන සංශෝධනය පෙන්වමින් මැතිවරණය කල් දමමින් සිටින බවයි. නමුත් එම සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ අතර කිසිඳු එකඟතාවයක් නොමැති බව කිරිඇල්ල ඇමතිවරයා පවසයි.
{soundcloud}https://soundcloud.com/tags/kabirhashimpress{/soundcloud}
ඡායාරූප : නිශාන්ත ප්‍රියදර්ශන