හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ ප්‍රකාශය කර ඇත්තේ හිටපු ඇමැතිවරයකු වූ සී. වී. ගුණරත්න අනුස්මරණ උලෙළෙහි දී ය.
මාළුවා නහින්නේ කට හින්දා යැයි ජන කියමනක් ඇතත් පන්සල් ගානේ යමින් ජනතාවට විනෝදය සපයන ප්‍රකාශ දිගින් දිගට ම ඉදිරිපත් කිරීමේ හැකියාව ඔහුට ලැබේවා යි මම ප්‍රාර්ථනා කරමි.
මේ ප්‍රකාශයෙහි ඇතුළත් වන තවලම, සුදු නෙළුම හා ගඩොලින් ගඩොල (මෙය පොතයි ගඩොලයි මැයෙන් නිවැරැදි විය යුතු ය) පිළිබඳ මතකය අවදි කර ගනිමු.
1995 ජූලි 8 වැනි දින සුදු නෙලුම් ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ එවක ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය විසිනි.
බෙදුම්වාදී ත්‍රස්තවාදයට හා සාම විරෝධී අන්තවාදයට එරෙහි ව සුදු නෙලුම් ව්‍යාපෘතිය ආරම්භ කරන බව රජය නිවේදනය කළේ ය.
ත්‍රස්තවාදයට මෙන් ම ත්‍රස්තවාදය අවුළුවන සාම විරෝධීන්ට ද එරෙහි ව හඬක් නැඟීම සඳහා ජනතාව දැනුවත් කිරිම ඇතුළු වැඩ සටහන් රැසක් ආරම්භ කරන බව ද සුදු නෙළුම් ව්‍යාපාරයේ කැඳවුම්කරු තැපැල් හා විදුලි සංදේශ ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ ය.
1996 ජනවාරි මස 25 දින මහවැලි කේන්ද්‍රයේ දී පැවැති දැනුවත් කිරීමේ උලෙළ සඳහා ජනාධිපති ලේකම් කේ. බාලපටබැඳි, තැපැල් හා විදුලි සංදේශ ඇමැති මංගල සමරවීර සහ කම්කරු හා වෘත්තීය පුහුණු ඇමැති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීහු රැසක් සහභාගි වූහ.
මෙයින් පැහැදිලි වන්නේ සුදු නෙළුම වැනි වැඩ සටහන් වලින් මහින්ද රාජපක්ෂ මහතා කියන පරිදි ජනතාවගේ උරුමය නැති කර බෙදුම්වාදය තහවුරු වී ඇත්නම් ඔහු ද එහි කොටස්කරුවකු වී ඇති බව ය.
මහින්ද රාජපක්ෂ මේ බෙදුම්වාදී කතාව ඇද ගත්තේ සී. වී. ගුණරත්න අනුස්මරණ උලෙළේ දී ය. සී. වී. යනු මහින්ද රාජපක්ෂ ද නියෝජනය කළ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකි.
1996. 08. 08 වැනි දින රත්මලාන ගුවන් තොටුපළ පාරේ සුදු නෙළුම් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වූ සී. වී. ගුණරත්න මහතා කළ ප්‍රකාශය මෙසේ ය.
“උතුරට සාමය මිස යුද්ධයක් අවශ්‍ය නැහැ. උතුරු නැඟෙනහිර ජනතාවගේ හිත දිනා ගත් මේ රජයේ වැඩපිළිවෙළ පිළිබඳ ලොව හැම රටක් ම පැසසුම් කරනවා”
මේ ප්‍රකාශය අනුව පෙනී යන්නේ මහින්ද රාජපක්ෂ දැන් කරන චෝදනාව ඔහු සමරන්නට ගිය සී. වී. ගුණරත්නට ද එල්ල විය හැකි බව ය.
එහෙත් මහින්ද රාජපක්ෂ මහතා දැන් පසුවන තත්ත්වය අනුව තමන් කරන ප්‍රකාශවලින් වදින්නේ තමන්ට ම බව වටහා ගැනීමේ නිරවුල් මනසක් ඔහුට නොමැත.
සුදු නෙළුම් ව්‍යාපාරය ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සුබ සාධන කටයුතු සඳහා කොඩි හා ස්ටිකර් අලෙවි කිරීම වැඩ සටහනක් 1995. 12. 30 දා තිස්සමහාරාමයේ දී දියත් කළේ චමල් රාජපක්ෂ මහතාගේ ද සහභාගිත්වයෙනි. 1995. 10. 21 දින මුල්කිරිගල පැවැති සුදු නෙළුම් පා ගමන සඳහා එවක නියෝජ්‍ය ඇමැතිවරියක ව සිටි නිරූපමා රාජපක්ෂ මහත්මිය ද සහභාගි වූවා ය. මේ අනුව සුදු නෙළුම බෙදුම්වාදයට පාර කැපුවේ යැයි මහින්ද රාජපක්ෂ නඟන චෝදනා ඔහුගේ පවුලේ අයට ද එල්ල වෙයි.
සුදු නෙළුම් ව්‍යපාරය මඟින් ස්ටිකර් හා කොඩි අලෙවි කර ඇත්තේ ආරක්ෂක අංශවල හා පොලීසියේ සුබ සාධන කටයුතු සඳහා ය. රාජ්‍ය හා වෙනත් ආයතනවලින් සේවා ලබා ගැනීමේ දී ප්‍රමුඛත්වය ලබාදීමේ අරමුණු ඇති ව ආරක්ෂක අංශ සාමාජිකයන් හට හැඳුනුම් පත් ලබාදීම ද සුදු නෙළුම් ව්‍යාපාරය මඟින් ආරම්භ කෙරිණ. ආරක්ෂක අංශවල සුබ සාධන කටයුතුවලට උදව් කිරිම ද මේ අනුව බෙදුම්වාදයට පාර කැපීමකි.
ඊළාම් කොඩියට පසු
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නායකත්වය යටතේ ඇරැඹුණු, තවලම, පොතයි ගඩොලයි සහ සුදු නෙළුම යනාදි ව්‍යාපෘති ඒ රජය විසින් දියත් කරන ලද සාම ක්‍රියාවලියට අයත් විය.
ගිනි තබා විනාශ කරන ලද යාපනයේ මහජන පුස්තකාලය ගොඩ නැංවීම සඳහා උතුරේ ද දකුණේ ද ජනතා සහභාගිත්වය ලබා ගැනීම ‘පොතයි ගඩොලයි’ වැඩ සටහනේ අරමුණ විය. එය ජාතික එක්සත්කම ඇති කිරීමේ අදහස මහජනයා අතරට ගෙන යෑමේ අගනා වෑයමකි. යාපනය පුස්තකාලය නවීකරණය කර යළි විවෘත කරන්නට ලැබීම, ඉතිහාසයේ ම අඳුරු යුගයක කළු ලපයක් ඉවත් කිරීමක් විය.
එනිසා වැරැදීමකින්වත් පොතක් අතින් නෑල්ලු දේශපාලකයකුගේ මුවින් “පොතයි ගඩොලයි” සමච්චලයට ලක්වීම අරුමයක් ද නොවේ. ජාතික එක්සත්කම සහ සහජීවනය පිළිබඳ පණිවිඩය ජනතාව අතරට ගෙන යෑම සඳහා සාහිත්‍ය කලා සහ සංස්කෘතිකාංග භාවිතයට ගැනීමේ අත්හදා බැලීමක් හැටියට “තවලම” හැඳින්විය හැකි ය. ගමින් ගමට යමින් එම කණ්ඩායම් දැරූ උත්සාහය ජාතිවාදී විෂබීජ ගමින් ගම වැපිරීමට වඩා සිය දහස් ගුණයකින් වටිනා බව අමුතුවෙන් කිව යුතු නොවේ.
මහින්ද රාජපක්ෂ මහතාට මේ දිනවල නපුරු සිහින පෙනෙයි. ඊළාම් කොඩි හීනෙන් පෙනී සතියක් දෙකක් යන විට සුදු නෙළුම් පෙනෙන්නට පටන්ගෙන ඇත. ඉදිරියේ දී තව හොඳ හොඳ දේවල් පෙනෙන්නට නියමිත ය.
සාම ක්‍රියාවලිය අසාර්ථක වූ කල්හි යුද්ධයට තල්ලු වීමේ අත්දැකීම් එජාප හා ශ්‍රීලනිප ආණ්ඩු දෙකට ම ඇත. මහින්ද රාජපක්ෂ යුගයේ දී උතුරේ යුද්ධය අවි බලයෙන් අවසන් කළ බව ඇත්ත ය. එහෙත් ලොව ඕනෑ ම යුද්ධයක් අවසානයේ පැන නඟින ගැටලු සමුදායට දැන් මෙරට මුහුණ දී සිටී.
“යුද්ධය ම ත්‍රස්තවාදයක් වන විට ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක් තිබිය හැක්කේ කෙසේ දැයි ඉතිහාසඥයකු වන හවර්ඩ් සීන් අසා ඇත. ශිෂ්ට සම්පන්න සමාජයක් යුද්ධය පිළිකුල් කරන්නේ එයින් වන අතිමහත් ජීවිත හා දේපළ හානි ගැන සිතීමෙනි. යුද්ධයෙන් අහිමි වන්නේ මනුෂ්‍යත්ව යි.
උතුරේ සහ දකුණේ තරුණ නැගිටීම් තුනක් ලෙයින් යකඩින් මර්දනය කළ රටක් හැටියට යළි කිසි දිනෙක එවැනි අමිහිරි අත්දැකීමක් රටට දිය යුතු නැත.
එහෙයින් පාලකයන්ගේ වගකීම වන්නේ නැවත එවැනි තත්ත්වයක් ඇති නොවන පරිදි පිළියම් යෙදීම ය.
ජාතික එක්සත්කම තහවුරු කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීම සඳහා එළඹෙන මැතිවරණයෙන් පසු පෙරමුණ ගැනීම ඔවුන්ගේ වගකීමයි. යුද්ධයට සරුබිමක් වන සමාජ විෂමතා තුරන් කළ හැකි පදනම එය වේ. එහි දී බලයේ සිටින සහ විපක්ෂයේ සිටින නායකයන්ගේ කැපවීම අවංක එකක් විය යුතු ය. ඒ මිස හොර ගල් අහුලමින් යටිකූට්ටු වැඩ කරමින් ජාතික එක්සත්කම පළුදු කිරීම හා සංහිඳියා ක්‍රියාමාර්ගය කිච කිරීම දේශපාලන පක්ෂ නායකයකුට තරම් නොවේ.

තිඹිරියාගම බණ්ඩාර
silumina