නුදුරේම එජාපයේ නායකත්ව අර්බූදයක් කරලියට !

Published in පුවත්
Wednesday, 24 June 2015 16:59

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නායකත්වය සම්බන්ධ අර්බුදයක් කෘතිමව නිර්මාණය කිරීමේ සැලසුමක් පවතින බව ශ්‍රි ලනීප ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පර්ශ්වයේ කණ්ඩායමක් මෙම සැලසුමේ මහ මොළකරුවන් ලෙස වන බවද වාර්තාවේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ලබන වසර දක්වා කල්දමා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව කැමැති කරවා ගැනීම මෙහි මුලික පියවර වන අතර පසුව රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කර එජාපයේම වෙනත් නායකයකුට අගමැති ධුරය ලබා දීම මෙහි දෙවන පියවරය. ඒ සඳහා අගමැතිවරයාට එරෙහි විස්වාශභංග යෝජනාව පාර්ලිමේන්තු විවාදයට ගැනීමටද අපේක්ෂිතය.

ඉන් පසු එජාප ආණ්ඩුව පිරිහීමට ඉඩ හැර මහ මැතිවරණයකට යාම ශ්‍රී ලනීපයේ ජයග්‍රහණය පහසු කරවන්නක් බව මෙම පිරිසේ සැලසුම බව එම ආරංචි මාර්ග පවසයි. මෙම කාලය තුල මහින්දවාදී කොටස් ජනාධිපතිවරයා වෙත නම්මවා ගැනීමද තමන්ට පාලනය කර ගත හැකි එජාප රූකඩ අගමැතිවරයෙකු හා ආණ්ඩුවක් යටතේ රාජපක්ෂවරු ඇතුළු මෛත්‍රී විරෝධීන් හා දූෂිතයන් දේශපාලන භූමියෙන් ඉවත් කිරීමද පහසු බවත් මෙම කණ්ඩායමේ අදහස වී තිබේ.ශ්‍රීලනීප ආණ්ඩුවක් යටතේ රාජපක්ෂවරුන්ට හා පසුගිය රජයේ දූෂිතයන්ට එරෙහිව කටයුතු කිරීමේ පවතින අපහසුතාවය මෙයින් මඟ හරවා ගත හැක.

රනිල් වික්‍රමසිංහව ඉවත් කිරීම සඳහා මේවන විට ප්‍රමුඛ මාධ්‍ය ජාලයක හිමිකරුවෙකුගේද සහය ලැබී තිබෙන අතර ඔහු මඟින් ජනාධිපතිවරයාව පොළඹවා ගැනීමටද එජාපය තුල නායකත්ව අර්බූදයක් ඇති කිරීමටද සහය ලබා ගැනීමට අපේක්ෂිතය. මෙම නව දේශපාලන තත්වයට හේතු වී ඇත්තේ එජාප නායකයා ඉතා ශක්තිමත් එජාප ආණ්ඩුවක් බිහිකර ගැනීම වෙනුවෙන් පවතින දේශපාලන වියවුල කලමණාකරනය කිරීම වලක්වා ගැනීමය.

එමෙන්ම එජාපයේ නායකත්වය වෙනුවෙන් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හෝ කරූ ජයසූරිය මහතා හෝගෙන ඒම සඳහා සැලසුමක්ද සකස් වෙමින් පවතී.

 

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us