වකුගඩු ලෙඩේ මදිවට උතුරුමැදට පිළිකාවත් එයි

Published in පුවත්
Wednesday, 10 June 2015 07:19

ඉතාමත් බිහිසුණු ලෙස පිළිකා රෝගය උතුරුමැද පළාත පුරා පැතිරෙනවා. 2014 වසරේ පමණක්‌ හඳුනාගත් පිළිකා රෝගීන් සංඛ්‍යාව 1116 ක්‌. වසරින් වසරම මේ තත්ත්වය වැඩිවන නමුත් වැඩිවන ප්‍රමාණයට පිළිකා ප්‍රතිකාර අංශයේ පහසුකම් නැතැයි අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය තුෂාරි හපුආරච්චි මහත්මිය ශ්‍රී ලංකා පිළිකා සංගමයේ රැස්‌වීමට එක්‌වෙමින් මේ කරුණු අනාවරණය කළාය.

තවදුරටත් පිළිකා රෝග ව්‍යාප්තිය පිළිබඳව කරුණු අනාවරණය කළ විශේෂඥ වෛද්‍යතුමිය මෙසේද පැවැසුවාය.

වාර්ෂිකව පිළිකා රෝග සායනවලදී ප්‍රතිකාර ලබන රෝගී සංඛ්‍යාව විසිදහස දක්‌වා ඉහළ ගොස්‌ තිබෙනවා. පිළිකා රෝගීන් සඳහා වාට්‌ටු දෙකක්‌ තිබෙනවා. මේ වාට්‌ටු දෙකේම තියෙන්නේ ඇඳන් 30 යි. රෝගීන් සිය ගණනක්‌ නේවාසිකව ඉන්නවා. රෝගීන්ට ඇඳන් ලබාදීම බරපතල ගැටලුවක්‌. සෑම ඇඳකම රෝගීන් දෙදෙනා බැගින්. ඊට අමතරව කොරිඩෝව දිගේ, පුටුවල, රාත්‍රි කාලයට බිම රෝගීන් ගත කරනවා. මෙය මානුෂික ගැටලුවක්‌. අලුතෙන් ලියාපදිංචි වී සිටින පිළිකා රෝගීන් 1116 කට පහසුකම් සැලසීම ලොකුම ප්‍රශ්නයක්‌.

මේ තත්ත්වය නිසා වකුගඩු රෝගය මෙන්ම පිළිකා රෝගයද උතුරුමැද පළාත පුරා ඝන සැරේට ව්‍යාප්ත වන හෙයින් මහල් හයකින් යුත් පිළිකා රෝගීන් සඳහා රෝහලක්‌ ඉදිකරන ලෙස රජයට යෝජනා කර සිටිනවා යෑයිද වෛද්‍යවරිය පැවැසුවාය.

ශ්‍රී ලංකා පිළිකා සංගමයේ අනුශාසක උතුර උතුරුමැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක නුගේතැන්නේ පඤ්Æනන්ද හිමියෝ මෙහිදී කරුණු දක්‌වමින් විශේෂයෙන් උතුරු මැද පළාතේ පළාත් සභාව ඇතුළු මැති ඇමැතිවරුන්ගේ කඩිනම් අවධානය යොමුවී උතුරුමැද වකුගඩු රෝගීන්ටත්, පිළිකා රෝගීන්ටත් ප්‍රතිකාර ලබාදීම සඳහා නිවැරදි වැඩපිළිවෙළක්‌ කඩිනමින් ක්‍රියාත්මකකිරීම ජනතාවගෙන් ජීවත්වන මැති ඇමැතිවරුන්ගේ පරම වගකීම යෑයි පැවසූහ.

divaina

Last modified on Wednesday, 10 June 2015 08:07

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us