සී වි සැමරුමේදී මහින්දගේ කෑදර වෛරීසහගත දේශපාලනය යළිත් එළියට පනී

Published in පුවත්
Wednesday, 10 June 2015 08:07

එල්ටීටීඊ සංවිධානයේ ප්‍රහරයකින් මරුමුවට පත් හිටපු ඇමැති සීවී ගුණරත්න මහතා ගේ අනුස්මරණ උත්සවක් පවත්වමින් හිටපු ජනාධිපතිවරයා යළි ජාතිවාදී බේදීම වර්ධනයවන වෛරීසහගත ආකාරයේ මුග්ධ ප්‍රකාශයක් කිරීමට තරම පහත් තත්වයකට ඇද වැටී ඇත.


ඔහු බලයේ සිටි කිසිදු දිනක සීවී ගුණරත්න මහතාගේ සැමරුම් උළෙලක් නොපැවැත් වූ නමුදු හදිසියේ මේ වසරේ එම උත්සවයක් සූදානම් කර තිබුණේ එල්ටීටීඊ ප්‍රහාරයකින් මිය යාම දඩමීමා කර ගෙන රාජපක්ෂවරුන්ගේ කාලකණ්නි ජාතිවාදී දේශපාලන වුවමනාවන් ජන ගත කිරීමේ අභිලාෂයෙන් බව පැහැදිලිය.

එමෙන්ම එදා යුද්ධයට එරෙහිව, යුධ විසඳුමකින් තොරව එල්ටීටීඊ සංවිධානය සමඟ ප්‍රශ්නය බේරා ගැනීම සඳහා වගකිව යුතු රජයක් ලෙස ගත් පියවරයන් හාස්‍යයට උපහාසයට හා පහත් කොට සලකමින් මහින්ද රාජපක්ෂ පැවැත් වූ කතාවෙන් ඔහුගේ ඇති දේශපාල මුග්ධ භාවය පැහැදිලිව පෙන්නුම් කළේය.


ඕනෑම දෙයකට විසඳුම අනෙකා විනාශ කිරීම යන මූලික ධර්මතාවය තමන්ගේ දේශපාලන ඉතිහාසය පුරාම පවත්වාගෙන ගිය මහින්ද රාජපක්ෂ සිය ජනාධිපතිධුර කාලයේදීද රට පාලනය කලේ ඒ අනුවමය. සුදු වෑන් කල්ලි කණ්ඩායම් මඟින් විරුද්ධවාදීන් ඝාතනය කිරීම, අතුරුදහන් කිරීම මඟින් රට පාලනය කිරීමක් හැර පසු ගිය කාලයේ දියුණු දේශපාලන භාවිතාවක් මෙරට දකිනට ලැබුණේ නැත.අවනීතිය රජ කළේය. අවසන් මොහොතේදීද ලේවැකි කුමන්ත්‍රනයක් මඟින් බලය ‍රැක ගැනීම සඳහා කුමන්ත්‍රනයක් යෙදී තිබිණි. පසුගියදා වත්මන් ජනාධිපතිවරයාද අවධාරණය කළේ මහින්දට අගමැති තනතුර ලබා දීම එක උන්ඩයකින් ජනාධිපති පු‍ටුවට පත් වීමට ඔහුට හැකියාව ලබා දීමක් බව කියමිනි.


මහින්ද රාජපක්ෂලාගේ වර්ගවාදී බඩගෝස්තරවාදී මජර දේශපාලනය ලත් පළමු මොහොතේම පරාජය කර වළලා දැමීමට සමාජය අසමත් වේ නම් යළිත් උදාවනු ඇත්තේ ජාතිවාදයේ භීෂණ සමයකි.


පහතින් දැක්වෙන්නේ මහින්ද රාජපක්ෂගේ බල ලෝභී, වෛරී සහගත මුග්ධ ප්‍රකාශයන් කිහිපයකි.

....එක පැත්තකින් 'සුදු නෙලුම්' ව්‍යාපාරය කියල එකක්‌ ගොඩ නැඟුවා. සාමය සඳහා 'සුදු නෙලුම' මෙහෙ උස්‌සන කොට අනෙක්‌ පැත්තෙන් ලංකාවේ ලොකුම හමුදා කඳවුරුවලට ගහල දහස්‌ ගණන් මළමිනී ගම්බිම් වලට එව්වා. අද ඉන්න ෆීල්ඩ් මාර්ෂල්වරු උතුරේ ඉන්නකොට තමයි උතුරෙන් හතළිස්‌ දාහක්‌ සෙබළු ත්‍රස්‌තවාදීන්ට යටත් වෙලා දකුණට ගෙන්වන්න සූදානම් කෙරුණේ. ඒ එක්‌කම යුද්ධ කරන්නේ මෝඩයෝ කියල තවලම් ව්‍යාපාරයකුත් රට පුරා කියාගෙන ගියා.....


....'තවලම්' වලින් 'සුදු නෙලුම්' වලින් යුද්දෙට යන්නේ මෝඩයෝ කියල කියද්දීත් සී.වී. හමුදා ජීවිතයට, හමුදා ඇඳුමට ප්‍රිය කළා. හමුදාවේ අභිමානය සිහිපත් වෙන්න ඊට සමාන ඇඳුමක්‌ ඇඳපු එකම ඇමැති සී. වී. එදා සී.වී. නියෝජනය කළ මේ කොළඹ එකම යුද බංකරයක්‌ විදියටයි තිබුණේ. අද රාජපක්‍ෂ පාලනය විවේචනය කරකර කොළඹ මන්තීරුවල නිදහසේ ඇවිදින මහත්වරුන්ට කොළඹ තිබුණ හැටි මතක්‌ කරන්න ඕන. බස්‌ එකේ කොළඹ එන කොට හමුදා බැරියර් ගණනාවකම බැහැලා බෑග් චෙක්‌ කරවා ගන්න ඕන. කොච්චිය ද, බස්‌ එක ද, අධි ආරක්‍ෂිත කලාපය ද කියලා නෑ කොතනත් මාරයා දත් විලිස්‌සාගෙන හිටියා. ත්‍රස්‌තවාදය මර්දනය කරන තීන්දුව ගන්නවා වෙනුවට ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් කරන්න පුළුවන් වුණේ බස්‌ එකේ පාර්සල් තියෙන කොටසේ පාර්සල් තැබීම තහනම් කිරීම, අද මංකොල්ලකාරයින් දාන නිසා ෆුල් ෆේස්‌ හෙල්මට්‌ තහනම් කරනවා වගේ වැඩක්‌ තමයි ඒකත්.....

.. මොන තරම් ජාතික අභිමානය යටගහන්න හැදුවත්, ත්‍රිවිධ හමුදාව තුට්‌ටු දෙකට දාන්න හැදුවත් ඔහු මියයන මොහොතෙත් හමුදා වීරත්වය පිළිබිඹු කරන ඇඳුමක්‌ ඇදගෙන අභිමානයෙන් මියගියා. ත්‍රස්‌තවාදයට එරෙහි යුද්ධයේ දී මියගිය වීරයෙක්‌ කියලා සී. වී. හඳුන්වන කොට ඔහුට යම් අසාධාරණයකුත් මෙම ආණ්‌ඩුවෙන් වෙන්න පුළුවන් කියල මම හිතනවා. මොකද ත්‍රස්‌තවාදයට එරෙහිව කටයුතු කළ වීරයෝ සමරන්න මේ ආණ්‌ඩුව සූදානම් නෑ. ඒ නිසා සී. වී. ගුණරත්න වැනි අය සමරන්න මේ වගේ උත්සවයක්‌ සංවිධානය කළ අය කළේ වීරකමක්‌ කියල මම කියන්න ඕන...

....එදා සාමය කියන වචනය නිරන්තරයෙන් පාවිච්චි කළා. අද සංහිඳියාව කියන වචනය පාවිච්චි කරනවා. එදා සාමය කියන වචනය පිටුපස තිබුණේ යුද හමුදාව. ජාතියේ අභිමානය විනාශ කරන එක, සාමය කියන වචනයට පිටුපසින් ආවේ බෙදුම්වාදයට උඩගෙඩි දෙන එක. සී. වී. වාගේ රටට ආදරය කළ කී දෙනෙක්‌ ඒ සාමය යටතේ මැරුම් කෑවද? එදා සාමය, තවලම, සුදු නෙලුම, ගඩොලින් ගඩොල යන වචන භාවිත කරලා මේ රටේ ජනතාවගේ උරුමය නැති කරපු උදවියම තමයි අදත් සංහිඳියාව, යහපාලනය කියන වචන භාවිත කරන්නේ.....


..උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කළාට වග කියන්න කෙනෙක්‌ නෑ. ජාතික ගීයට මොකක්‌ කළත් වග කියන්න කෙනෙක්‌ නෑ. මාධ්‍යවේදීන්ගෙන් නොයෙක්‌ වෘත්තිකයන්ගේත් වැඩ කරන ජනතාවගෙන් පලිගත්තාට වග කියන්න කෙනෙක්‌ නෑ. මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය පිහිටෙව්වේ කව්ද කියලා කවුරුවත් දන්නේ නෑ. පාර්ලිමේන්තුවේ සුළුතරය ආණ්‌ඩු කරනවා බහුතරය පලිගැනීමට ලක්‌වෙනවා. ඒවාට වග කියන්න කෙනෙක්‌ නෑ. බඩු මිල අහස උසට ගියත් ඩොලරය හතළිස්‌ එකට නැග්ගත් කොටස්‌ වෙළෙඳ පොළවල් කඩා වැටුණත් වගකියන්න කෙනෙක්‌ නෑ. සංවර්ධන වැඩ කටයුතු සම්පූර්ණයෙන් නතර කළත් ඒවා මේ රටේ නොකෙරුණත් කවුරුවත් වග කියන්නේ නෑ. මේ තත්ත්වය තමයි රටට ද්‍රෝහී බලවේගවලට උදා කර ගන්න ඕනෑ වුණේ...

 

Last modified on Wednesday, 10 June 2015 08:13

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us