subash
රාජපක්ෂ යුගයේදී ඛනිජ තෙල් සංස්ථාව බිලියන 238.85 ක පාඩුවක් ලබා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ආරංචි මාර්ග හෙළි කරයි.
දිඹුලාගල දලුකාන ආදිවාසී නායක හන්ද්‍රගේ අමරසිංහ ඇත්තෝ රෝගාතුර වීමත් සමග එම නායකත්වය ප්‍රදේශයේ වෙනත් අයකු විසින් බලහත්කාරයෙන් පවරාගෙන ක්‍රියා කිරීමෙන් තම ආදිවාසී ජනතාවට මහත් අසාධාරණයක් වී ඇති බව ඥාතීහු පවසති.
දලුකාන, ගිනිදමන, කුඩාවැව, බෝඅත්, මිල්ලාන, යක්තුරේ, ඇල්‍ලේවැව ඇතුළු ගම්මාන රැසකට ආදිවාසී නායකත්වය මතෛක් කලක් ලබා දුන්නේ හන්ද්‍රගේ අමරසිංහ ඇත්තෝ බව ද ඔහුගේ සහෝදර හන්ද්‍රගේ සුදුබණ්ඩා මහතා පැවසීය.
Photography - RAY MAC photos
Dressed By - Ruchira Lakmali Liyanagamage
Florist - Blooming Flora Dilum Bandara
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ නව මහානායක ධුරය සඳහා ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්සි නාහිමියෝ ඊයේ පස්වරුෙව් තේරී පත් වූහ.
බැංකු බැඳුම්කර ගනුදෙනුව බැංකු නීතියට අනුකූලයි - ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව මුළුමනින්ම බැංකු නීතියට අනුකූලව සිදු වී ඇති අතර එහි එක් කරුණක් පමණක් හුවාදක්වමින් ජනතාව අතර වැරැදි මතයක් පැතිරවීමට ඇතැම් පිරිස් කටයුතු කරන බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඊයේ (8) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කීය. බැංකු නීති-රීති ගැන නොදන්නා කිහිපදෙනකු හැරෙන්නට මෙම ගනුදෙනුවට සම්බන්ධ කිසිදු පාර්ශ්වකරුවකු විසින් ඒ සම්බන්ධ එකම පැමිණිල්ලක් කර නැතැයි රොමේෂ් ද සිල්වා මහතා වැඩිදුරටත් කීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව හමු වීම ගැන පැහැදිළි කිරීමක් කරන ජනාධිපති මාධ්‍ය අංශය, වර්තමාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද සභාපතිවරයා වන බැවින් මෙවැනි හමුවක් “විශේෂ” දෙයක් නොවන බව කියා සිටී. ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකයෙකු වන ඩිලාන් පෙරේරා කියන්නේ, එම සාකච්ඡාව රනිල්ව එලවා දැමීම සඳහා පවත්වන බවයි.
අධිකරණ නියෝග නොතැකූ භික්ෂූන් හා මන්ත්‍රීවරු අද මහෙස්ත්‍රාත් හමුවට
උසාවියේ තහනම් නියෝගය නොතකා අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවක නියැළීමේ චෝදනාව මත එම විරෝධතාවට එක්වූ භික්ෂූන් වහන්සේලා නව දෙනෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 10 දෙනෙක් ඇතුළු 27 දෙනකු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉදිරියේ අද (08) පෙරවරු නවයට පෙනී සිටීමට නියමිතය.
අස්ගිරි පාර්ශ්වයේ 21 වැනි මහානාහිමිපාණන් පත්කර ගැනීම අද (08) පස්වරු 3.00ට අස්ගිරි මහ විහාරීය මංගල උපෝෂථාගාරයේදී සිදු කෙරේ.
පසුගිය මැයි පලවෙනිදා කිරුළපන පැවැති මහින්ද පාර්ශවයේ මැයිදින රැස්වීමේදී ආචාර්ය නිර්මාල් දේවසිරි මහතාට හා ආචාර්ය කුමුදු කුසුම්ට පහරදීමට හා පහරදුන් මැරයන් තවම අත්අංඩගුවට නොගැනීමට විරෝධය පළකරමින් පුරවැසි බලය සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් අද (07)සවස කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවයක නියැලිනි. මෙමෙ පහරදීම හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂගේ අනුදැනුම මත සිදුවූවක් බව ඔවූහු පවසති.
එල්ටීටීඊ සංවිධානය සතුව තිබී හමුදා භාරයට ගන්නා ලද රත්තරන් හා මුදල් මහා භාණ්ඩාගාරයට ලබා දීමේදී ඒ වෙනුවෙන් භාණ්ඩාගාරය හා යුධ හමුදාව අතර හුවමාරු වූ ලියැවිලි පසුව රාජපක්ෂ පවුලේ ප්‍රබලයකුගේ උපදෙස් පරිදි පුළුස්සා දැමිමට කටයුතු කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගැනීමට තිබේ.
