ආදිවාසි නායකකම බලෙන් පැහැරගෙන

Published in පුවත්
Sunday, 10 May 2015 07:50

WaddasCheafදිඹුලාගල දලුකාන ආදිවාසී නායක හන්ද්‍රගේ අමරසිංහ ඇත්තෝ රෝගාතුර වීමත් සමග එම නායකත්වය ප්‍රදේශයේ වෙනත් අයකු විසින් බලහත්කාරයෙන් පවරාගෙන ක්‍රියා කිරීමෙන් තම ආදිවාසී ජනතාවට මහත් අසාධාරණයක් වී ඇති බව ඥාතීහු පවසති.

දලුකාන, ගිනිදමන, කුඩාවැව, බෝඅත්, මිල්ලාන, යක්තුරේ, ඇල්‍ලේවැව ඇතුළු ගම්මාන රැසකට ආදිවාසී නායකත්වය මතෛක් කලක් ලබා දුන්නේ හන්ද්‍රගේ අමරසිංහ ඇත්තෝ බව ද ඔහුගේ සහෝදර හන්ද්‍රගේ සුදුබණ්ඩා මහතා පැවසීය.

70 වියෙහි පසුවන දලුකාන ආදිවාසී නායක හන්ද්‍රගේ අමරසිංහ ඇත්තෝ පස්දරු පියකු වන අතර ඔහුට බාල සහෝදරයින් 10ක් සහ සහෝදරයින් දෙදෙනකු ජීවතුන් අතර සිටිති. අමරසිංහ ඇත්තන් මීට මාස කිහිපයකට ඉහත දී ශාන්තිකර්මයක් කිරීමට ගොස් නිවස බලා එමින් සිටිය දී වැටී තුවාල ලැබිමත් සමග මේ දක්වාම කතාකිරීමට නොහැකිව සිටියේය.

“අමරසිංහ ඇත්තෝ මේ වන විට ඇවිද යන්නේ හැරමිටියක වාරුවෙනි. ඇතැම් අවස්ථාවල දී ඇවිදීමට අත්වැලක් වෙන්නේ ඔහුගේ බාල සොයුරු ඒ. නිහාල් රංජිත් යන අය විසිනි.

අයියලා ඇත්තන්ට සිහි‍පොජ්ජ කොදොයි. සිරි‍පෝරු, තඹ‍පෝරු කොදොයි. කිරි කොරහා නටලා අයියලා ‍පොජ්ජගේ ලෙඩේ හොඳ කරන්න සල්ලි රුපියල් 5000ක් අප්පිලා ඇත්තන්ට ඕනේ. සල්ලි ‍පොජ්ජ කොදොයි. ආදිවාසී වරිගයාට අසාධාරණ වෙලා. මේවා ගැන මහහූරාට කරුකුරු ගච්චලා මේ ඇත්තන්ට පිහිටක් වෙන්න.” හන්ද්‍රගේ අමරසිංහ ඇත්තන්ගේ සොයුරු 68 වියැති එච්. සුදුබණ්ඩා මහතා එලෙස කීය.

“අපේ අයියට සිහිය නැහැ. කිරිකොරහා ශාන්තිකර්මයක් කරගන්න සල්ලිත් නැහැ. ඒකට රුපියල් 5000ක් අපට ඕනෑ කරලා තිබෙනවා. අපේ අයට ගොඩක් අසාධාරණ වෙනවා. මේ ගැන පත්තරේට ලියලා ජනාධිපතිව දැනුවත් කරලා අයියාගේ ලෙඩ සුව කරගන්න පිහිට වෙන්න.” ඒ සුදු බණ්ඩා කී කතාවයි.

“මගේ අයියත් එක්ක දඹානේ වරිග සභාවට ගියාම තීරණය වුණේ අයියාගෙන් පස්සේ ආදිවාසී නායකකම මට උරුම වෙනවා කියලා.

නමුත් අද දලුකානේ ආදිවාසී නොවන අයකු නායකයා කියලා බොරුවට රඟපානවා. මේකෙන් ගම්මාන 08ක ආදිවාසී ජනතාවට අසාධාරණයක් වෙලා. අද අපිට ඉහළින් මොකුත් දැනුම්දීමක් නොමැතිව වැඩකටයුතු සිදු වෙනවා. අපි නමින් සමහර අය ආධාර, උපකාර ලබාගන්නවා. මේකෙන් ගම්මාන 08ක ආදිවාසී පවුල් 2500ක් අසරණ වෙලා. අද අයියට කතාකරගන්න බැහැ. හරියට ඇවිදගන්න බැහැ. මේකෙන් ප්‍රයෝජන ගන්නේ ආදිවාසී නොවන අයයි.” එම්. සුදුබණ්ඩා ඇත්තෝ වැඩිදුරටත් එලෙස කීය.


ප්‍රසාත් සමන් - මනම්පිටිය
rivira

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us