subash

subash

බුධ හැකිලේ

Published in අනං මනං
Monday, 04 May 2015 14:04

බුධ ග්‍රහයා කිලෝමීටර් 7කින් පමණ හැකිලී ඇති බව නවතම අභ්‍යවකාශ ගවේෂණයකින් අනාවරණය වී ඇත.

අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ විමර්ශන කටයුතු සඳහා පත් කිරීමට නියමිත කණ්ඩායම් හතර මෙම සතිය තුළ පත් කරනු ඇතැයි වාර්තාවේ. මීට අදාල තොරතුරු ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති අතර මේ අනුව ඊට අදාලව පත් කිරීම් ජනාධිපතිවරයා විසින් සිදු කරනු ඇත.

රෝගීන්ට නිකුත් කරන බිල්පත්වල ඔවුන් වෙනුවෙන් ලබාදුන් ඖෂධවල සහ වෛද්‍ය උපකරණවල මිල ගණන් විස්තරාත්මකව දැක්වීම අනිවාර්යය කරමින් ඉදිරියේදී ගැසට් නිවේදනයක් නිකුත් කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

මුහම්මද් තුමා සම්බන්ධකරගනිමින් කාටූන් නිර්මාණය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ඩලාස් නගරයේ පැවති සම්මන්ත්‍රණයක අතරතු වෙඩි තැබීමක් කළ පුද්ගලයන් දෙදෙනකු පොලිස් වෙඩිපහරින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දමිළ ජාතික සංධානයේ මන්ත්‍රි පිරිසක් සමග පැවති හමුවකදී ,ජාතික ගැටලුව විසදීම සදහා ලංකාවට තව දුරටත් කාලය අවශ්‍ය බව ජෝන් කෙරී පවසයි.

නේපාලයේ සහන සේවා කටයුතු වල නිරතව සිටින ශ්‍රී ලංකා හමුදා භට පිරිස් පුද්ගලයින් 2000කට ආසන්න පිරිසකට ප්‍රතිකාර ලබාදී ඇති බව ශ්‍රී ලංකා ආධාර කණ්ඩායමේ නායක මේජර් ජනරාල් මෛත්‍රී ඩයස් මහතා පවසයි.

ඡන්ද හිමි නාමලේඛනයට අදාළ ආකෘති පත්‍ර ග්‍රාම නිලධාරීවරුන් විසින් ගෙයින් ගෙට බෙදාහැරීමේ කටයුතු ලබන 15 වනදා සිට සිදුකරන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවෙන් සම්මත විය. මන්ත්‍රීවරු 212 ක් පක්ෂවත්, එක් මන්ත්‍රීවරයෙක් විරුද්ධවත් ඡන්දය පාවිච්චි කළහ. තවත් මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළැකී සිටි අතර මන්ත්‍රීවරු 10 දෙනෙක් ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටියහ.

රාජපක්ෂ පාලනයේ ආර්ථික කළමණාකරනයේ දුර්වලතාවය මත ගිය වසරේ (2014) ඇස්‌තමේන්තගත අයවැය හිඟය රු.කෝටි 7511.8 කින් ඉහළ ගොස්‌ තිබේ.

හිටපු වෙළෙඳ හා සමුපකාර ඇමැති කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාට හෙට (05 වැනිදා) පොලිස්‌ මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. එම අවස්ථාවේදි ඔහුව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇති බව පැවැසේ.

Connet With Us