ඡන්ද හිමි නාමලේඛනයට ආකෘතිපත්‍ර බෙදීම 15 සිට

Published in පුවත්
Monday, 04 May 2015 09:16

ඡන්ද හිමි නාමලේඛනයට අදාළ ආකෘති පත්‍ර ග්‍රාම නිලධාරීවරුන් විසින් ගෙයින් ගෙට බෙදාහැරීමේ කටයුතු ලබන 15 වනදා සිට සිදුකරන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි.

එම කටයුතු ජුනි මස 15 වන දිනෙන් අවසන් වීමට නියමිත අතර සේවා අවශ්‍යතාවන් මත එම කාලය තවදුරටත් දිගුවිය හැකි බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි.

ආකෘති පත්‍ර ලැබුණු වහාම එම ආකෘති පත්‍රය හැකි ඉක්මනින් නිවැරදිව පුරවා යළිත් ග්‍රාම නිලධාරීවරයා වෙත බාරදීමට කටයුතු කරන ලෙසද එම කාර්යාලය ඉල්ලීමක් කරයි. මේ වනවිට ග්‍රාම නිලධාරීන් ඒ පිළිබඳව දැනුවත් කරමින් පවතින බවද මැතිවරණ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

අදාළ බී සී ආකෘති පත්‍ර සඳහා අත්සන් තැබීමේ කටයුතු මැතිවරණ කොමසාරිස්වරයා විසින් සැප්තැම්බර් මාසයේ දී පමණ සිදුකිරීමට නියමිතය.

ඉන් අනතුරුව ඉදිරි මැතිවරණ සඳහා 2015 ඡන්ද හිමි නාමලේඛනය භාවිතයට ගන්නා බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us