අදාළ බිල්පත්වල ඖෂධවල සහ වෛද්‍ය උපකරණවල මිල ගණන් සඳහන් කරන්නැයි පෞද්ගලික රෝහල්වලින් කළ ඉල්ලීම ඒ සඳහා සූදානම් වීමක් බව එහි අධ්‍යක්ෂ ජනරාල් ජේ.ඒ.එම්. ඩග්ලස් මහතා කියා සිටියේය.
විස්තරාත්මක බිල්පත් නිකුත් නොකිරීම සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල්වලට එරෙහිව දැනට නීතිමය ක්‍රියාමාර්ග ගත නොහැකි බවත් අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරියට හැකිවන බව ඩග්ලස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.