subash
හැංගිමුත්තන් නොකොට මෛත්‍රී කළ යුත්තේ මහින්දට ප්‍රසිද්ධ විවාදයකට ආරාධනය කිරීමය.
නිලන්ත ඉලංගමුව
නීතිය ක්‍රියාත්මක කළ යුතු හරයාත්මක දෑ අමතකකොට දමා අනෙකාගේ සමච්චලයට සහ උපහාසයට ලක්වන දෑ පසුපස හඹා යමින්, තමාත් තම ජයග්‍රහණයට උරදුන් අයත්, මුළු රටත් විපාකයේ හෙළීම තරම් විලිලජ්ජා සහගත මෙන්ම අසමත් වැඩපිළිවෙලක් තවත් නැත. අනෙකාට කෘතගුණ සැලකීම, අනෙකා අභියස බාල්දු වීමෙන් සහ අනෙකාගේ උගුල්වලට හසු වී මාධ්‍ය ඉදිරියටවිත් විරිත්තීමෙන් කළ නොහැකිය. එය කළ හැකිවන්නේ සිහි ණුවනින් යුතුව කටයුතු කිරීමෙන් සහ සෑමවිටම සැබෑ කටුකත්වය අවබෝධ කරගැනීමෙනි.
හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන ඇත.
යුද හමුදා මුලස්ථානය ප්‍රභූ ආරක්ෂකයන් සඳහා වන නීති රීති මාලාව අලුත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
දැනට පවතින ඡන්ද ක‍්‍රමය වෙනස්වීම සුළු ජාතීන්ට අවාසි සහගත බව වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය පී. දිගම්බරන් මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ අද(05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
නගර සභා, මහ නගර සභා, ප්‍රාදේශීය සභා ඇතුළු සියලුම පළාත් පාලන ආයතන මේ මස 15 වැනිදා විසුරුවා හැරීමට රජය තීරණය කර තිබේ. මේ අනුව මහ නගර සභා 23ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 271ක් විසුරුවා හරිනු ලැබේ.
ගොඩගේ ප‍්‍රකාශන ආයතනය සහ ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව එක්ව සංවිධානය කරන ජ්‍යෙෂ්ඨ ලේඛක ප‍්‍රණාම සම්මාන උළෙල දෙවන වරටත් පැවැත්වීමට කටයුතු යොදා ඇත. සම්මාන උළෙල 2015 මැයි 09 වන දින සවස 03.00 ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථවේ ආනන්ද සමරකෝන් මැදිරියේ දී පැවැත්වෙන අතර මීට සමගාමීව පොත් ප‍්‍රදර්ශනයක් සහ දේශන මාලාවක් ද සංවිධානය කොට ඇත.
‘මහා සිනමාව වෙත පියනඟමු’ තේමාවෙන් යුක්තව නූතන ලෝක සිනමාව පිළිබඳ රසික-සෘහද-විද්වත් සිනමා සම්භාෂණය 2015 මැයි මස 09 වැනි සෙනසුරාදා දින පස්වරු 4.30 ට ජාතික චිත‍්‍රපට සංස්ථා ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.
විවිධ හැලහැප්පීම් මධ්‍යයේ වුව 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට හැකිවීම ජනතා ජයග්‍රහණයකි. එහෙත් මෙය පරාජිතයාගේ ජයග්‍රහණයක් ලෙස ඔවුන් හදුන්වයි. එක් අතකට එහි සත්‍යයතාවක් නැතුවාම නොවේ. මන්ද මේ අනාථ රැළ නිරන්තරව ම උත්සාහ කළේ 19 වන සංශෝධනය කුජීත කර දැමීමට ය. එය කළ නොහැකි වූ විට ‘‘නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත්පට්ටයක්’’ සේ ඒ සදහා විවිධ සංශෝධන එක් කරන්නට උත්සුක වූහ. ඉන් කිහිපයක් එක් කිරීම සම්බන්ධයෙන් ඔවුන් ස්වයං තෘප්තියක් ලැබීම එතරම් තැකිය යුතු නැත.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පක්ෂයෙන් ඉවත් කිරීමට ගත් ක්‍රියාමාර්ගය සුදුසු නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) දැනුම් දුන්නේය.
මේ දිනවල විකාශය වන 'මේ ආදරයයි' ටෙලි නාට්‍ය මාලාව ලංකාව තුල අතිශය ජනප්‍රියයි. 'යේ හේ මොහොබ්බතීන්' නමින් ඉන්දියාවේ විකාශය වන මේ ටෙලි නාට්‍ය මාලාව ලංකාවේ වගේම ඉන්දියාව තුලත් ගොඩක් ජනප්‍රිය ටෙලි කතා මාලාවක්.
