තමා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම වළක්වන ලෙස ඉල්ලා තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේය. තිස්ස අත්තනායක මහතා ඉවත් කළ ක්‍රමවේදය නිසි ආකායරට සිදුවී නැතැයි ද එහිදී ප්‍රකාශ වූයේය.
අත්තනායක මහතා පසුගිය ජනපතිවරණ සමයේදි එජාපයෙන් ඉවත්ව එවකට පැවැති සන්ධාන ආණ්ඩුවට එක්විය. එහිදී ඔහුට සෞඛ්‍ය ඇමැතිකම ද හිමි වූයේය.