ක්‍රීඩා සංගම් මා‍ෆියාව ජනපතිට දුක කියති

Published in පුවත්
Monday, 11 May 2015 07:37

මෙරට ක්‍රීඩාවේ උත්ගතවී ඇති අර්බුදකාරී තත්ත්වය විසඳීම පිණිස මැදිහත්වන ලෙස ඉල්ලා ක්‍රීඩා සංගම් 14 ක බලධාරින් විසින් අත්සන් කළ ලිපියක්‌ ඉකුත් සිකුරාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදී තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාතික සංගම් වන ක්‍රිකට්‌, වොලිබෝල්, මලල ක්‍රීඩා ආදී සංගම් අත්සන් තබා ඇති මෙම ලිපිය ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපති බණ්‌ඩාර හේරත් මහතා විසින් ජනාධිපතිතුමා වෙත බාරදී ඇත.

විශේෂයෙන්ම වසර හතරේ නීතිය හේතුවෙන් අද්දැකීම් සහිත පරිපාලකයන් ජාතික සංගම්වලට බිහි වීම සහ ජාත්‍යන්තර සංගම් වලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පරිපාලකයන් බිහිවීමට ඇති අවස්‌ථාව අහිමි වීම ආදී කරුණු ගණනාවක්‌ ගැන මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමට ක්‍රීඩා සංගම් බලධාරින් පියවර ගෙන තිබේ.

ජාතික ජල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපතිවරයෙක්‌ වශයෙන් ක්‍රීඩා පරිපාලනයට මෙවැනි නීති මගින් උද්ගතවන අයහපත් බලපෑම ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට තේරුම් ගැනීම අපහසුවක්‌ නොවනු අතැයි මෙහිදී ක්‍රීඩා සංගම් සිය විශ්වාසය පළකර ඇත.

අදාළ කරුණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ සඳහා අනිවාර්යයෙන්ම තමන් මැදිහත් වන බවට ජනාධිපතිවරයා පොරොන්දු වු බව බණ්‌ඩාර හේරත් මහතා පැවැසීය.

divaina

Last modified on Monday, 11 May 2015 07:47

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us