දූෂණ වංචා විමර්ශන 45ක් ක්‍රියාත්මකයි - ජනාධිපති පරීක්ෂණ කොමිසම

Published in පුවත්
Monday, 11 May 2015 07:27

ඉහළ පෙළේ දේශපාලනඥයන් සහ නිලධාරීන්ගේ බරපතළ වංචා දුෂණ අක්‍රමිකතා මෙන්ම බලය අයුතු ලෙස අවභාවිත කිරීම් ඇතුළුව තවත් විමර්ශන 45ක කටයුතු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මඟින් ආරම්භ කර ඇතැයි එම කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පැවැසීය.

ජනාධිපති කොමිෂන් සභාව වෙත මහජනතාව වෙතින් මේ වන විටත් පැමිණිලි 400ක් ලැබී ඇතැයි සඳහන් කළ ලේකම්වරයා එයින් පැමිණිලි 116ක් අනිවාර්යෙන්ම විමර්ශනයට ලක්කරන ගණයෙහිලා පැමිණිලි බව ද සඳහනක් කළේය.

මේ අතර පසුගිය රජය සමයේ ප්‍රබල අමාත්‍යධුර දැරූ 2 දෙදෙනෙකු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයන් අවසන් කර අවසන් වාර්තා සකස් කර ඇති අතර එයින් දැවැන්ත මූල්‍ය අක්‍රමිකතා 5 සම්බන්ධයෙන් වාර්තා නීතිපතිවරයා වෙත යොමු කර තිබේ. ඉතිරි විමර්ශන වාර්තා 16 ළඟදීම නීතිපතිවරයා වෙත යෙමු කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේය.

මේ අතර පසුගිය ආණ්‌ඩුවේ විවිධ තරාතිරම් දැරූ දේශපාලනඥයන් සහ රජයේ නිලධාරීන් 169 දෙනකුට විරුද්ධව පොලිස්‌ මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසයට පැමිණිලි ලැබී ඇත.

මෙම පැමිණිලිවලින් 31 දෙනකුට එරෙහිව අධිකරණයට කරුණු වාර්තාකර ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

Last modified on Monday, 11 May 2015 07:34

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us