‘රාඩා’ ලක්ෂ 1670 වංචාවට ලලිත් වීරතුංගත් ගෑවෙයි

Published in පුවත්
Monday, 11 May 2015 06:52

රාඩා ආයතනයට මහා භාණ්ඩාගාරයෙන් ලබාදුන් රුපියල් ලක්ෂ 1670ක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අත්අඩංගුවට ගැනීමෙන් පසු එම ආයතනයේ ගණන් තැබීමේ නිලධාරියා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයාට දැනුම් දෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පිහිටුවා තිබූ රාඩා ආයතනය තුළ සිදු වූ මේ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් එම ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

යුද ගැටුම් හේතුවෙන් අවතැන් වූ උතුරු, නැගෙනහිර පදිංචි ජනතාවට නිවාස ඉදිකිරීම සඳහා පසුගිය රජය සමයේ දී රාඩා ආයතනයට මේ මුදල මහා භාණ්ඩාගාරයෙන් ලබා දී තිබෙන අතර මේ මුදල රාධා ආයතනයෙන් වෙනත් පෞද්ගලික සමාගමකට ලබා දී තිබෙන බවද එම සමාගමේ අධ්‍යක්ෂවරියක් හා අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

රාඩා ආයතනය විසින් එම මුදල් අවභාවිතා කොට ඇති බවත් නිවාස ඉදිකෙරෙන ඉදිකිරීම් සමාගම්වලට නොව එම මුදල් විදේශ රටවලින් ජුකී මැෂින් ගෙන්වනු ලබන ආයතනයක් වෙත ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

 

සබැඳි පුවත් :සිල් රෙදි නඩුව: ලලිත් වීරතුංගට යළිත් නොතීසි 

ලබන සතියේ, හොරු ‍රැසක් අත්අඩංගුවට, ලලිත් වීරතුංගව නොගන්නැයි බලපෑම්. 

ලලිත් වීරතුංග - අනුෂ පැල්පිට අත් අඩංගුවට ! 

ටිරාන් විතරක් නෙවෙයි මේ වංචාවට මහින්දයි ලලිතුයි දෙන්නත් හවුල් - ජාතික හෙළ උරුමය 

ඡන්ද සිල් රෙදි බෙදීම ගැන ලලිත් වීරතුංගට නොතීසි 

Last modified on Monday, 11 May 2015 06:54

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us