සිල් රෙදි නඩුව: ලලිත් වීරතුංගට යළිත් නොතීසි

Published in පුවත්
Thursday, 07 May 2015 07:20

ඉකුත් ජනාධිපතිවරණ මැතිවරණ සමයේදී ඡන්ද අල්ලස් ලෙස සිල් රෙදි, ලිත්, ඇතුළු විවිධ ද්‍රව්‍යයන් බෙදා හරිමින් මහජන මුදල් සහ දේපළ අයථා පරිහරණය කිරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ඇතුළු වගඋත්තරකරුවන්ට දෙවන වරටද නොතිසි යවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (06) නියෝග කෙළේය.

ඒ අනුව එම චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ජූලි මස 08 වැනිදා අධිකරණයෙහි පෙනී සිටින ලෙස වගඋත්තරකරුවන්ට දැනුම් දෙන ලදී.

පැෆරල් සංවිධානය සහ එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් ගොනු කළ මේ පෙත්සම මීට පෙර කැඳවූ අවස්ථාවේදී ලලිත් වීරතුංග මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලද නමුත් ඊයේ (6) එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී ඔවුන් හෝ ඔවුන් වෙනුවෙන් නීතිඥවරු පෙනී සිටියේ නැත. වගඋත්තරකාර මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂවරයා වෙනුවෙන් පමණක් නීතිඥවරයකු පෙනී සිටියේය.

ඒ අනුව එම වගඋත්තරකරුවන්ට නැවත නොතිසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කෙළේය. අගවිනිසුරු කේ. ශ්‍රී පවන්, රෝහිනී මාරසිංහ, ප්‍රියසාත් ඩෙප් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මේ පෙත්සම කැඳවන ලදී.

මැතිවරණ කොමසාරිස්වරයා, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙහි අධ්‍යක්ෂ ‍ෙජනරාල්වරිය, පොලිස්පතිවරයා, මාර්ග සංවර්ධන අධිකාරියෙහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, විගණකාධිපතිවරයා, හිටපු ජනාධිපති ලලිත් වීරතුංග සහ නීතිපති මෙහි වගඋත්තරකරුවෝ වෙති.

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී විවිධ ඡන්ද අල්ලස් ලබා දීම සඳහා රජයේ මුදල් සහ දේපළ අවභාවිතා කළ සහ ඊට සම්බන්ධ අයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසද, ඔවුන්ගෙන් එම මුදල් නැවත අයකර ගැනීමට පියවර ගන්නා ලෙසද ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබුණි.

එසේම මැතිවරණ නීති උල්ලංගනය කරමින් සිදු කරන ලද සිල් රෙදි, ලිත් ඇතුළු භාණ්ඩ බෙදා හැරීම සිදුකරමින් සහ රජයේ සේවකයන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදාගත් පුද්ගලයන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙසද මෙම පෙත්සම මගින් ඉල්ලා තිබේ.

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට අදාළව සිද්ධි රැසක් වාර්තා විය. ඒ සඳහා රජයේ මුදල්, දේපළ මෙන්ම සේවකයන්ද යොදාගෙන තිබෙන බව පෙත්සමෙහි සඳහන් විය.

රුපියල් මිලියන 100ක් වැය කරමින් මැතිවරණ අල්ලසක් ලෙස ලක්ෂ අටකට අධික සිල් රෙදි ප්‍රමාණයක් බෙදා හැරීම, රජයේ සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම යනාදිය මෙහිදී සිදු කර තිබෙන බව ප්‍රකාශ විය.

එක් ජනාධිපතිධුර අපේක්ෂකයකුගේ සේයාරුව ඇතුළත් පත්‍රිකාවක් සහිතව එම භාණ්ඩ බෙදා හැරීමත්, එහි වටිනාකම වන රුපියල් මිලියන 100ක මුදල බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් නොව එවකට අරලියගහ මන්දිරයෙන් ලබාදී තිබේ. එසේම එම අ‍ෙප්ක්ෂකයාගේ රුව ඇතුළත් ලිත් විශාල ප්‍රමාණයක් අල්ලස් ලෙස බෙදාහැර ඇති බව සඳහන් කෙරිණි. එසේම මාර්ග සංවර්ධන අධිකාරිය මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදාගෙන ඇති අතර වාර්ෂික ප්‍රසාද දීමනා ලබාදීමේ උත්සව ඇතුළු නිල උත්සවද මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගෙන ඇත.

මෙලෙස පොදු ජනතාවගේ මුදල් හා දේපළ අයථා පරිහරණය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුදල් රෙගුලාසි උල්ලංඝනය කිරීමක් මෙන්ම අල්ලස් පනත යටතේ ගැනෙන වරදක් බව පෙත්සමෙහි සඳහන් වේ. එසේම එවැනි ක්‍රියාවන්වලට එරෙහිව නීතිමය පියවර නොගැනීම මඟින් බලධාරීන් මෙරට ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය කර ඇතැයි සඳහන් කෙරිණ.

එබැවින් ඔවුන්ට එරෙහිව ගත හැකි සියලු නීතිමය පියවර ගන්නා ලෙස පෙත්සම මඟින් අධිකරණයෙන් ඉල්ලා ඇත.

නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතා පෙත්සම වෙනුවෙන් පෙනී සිටි අතර රජයේ නීතිඥ ‍මනෝහාර ජයසිංහ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

-dinamina

 

සැබැඳි පුවත්:

ලබන සතියේ, හොරු ‍රැසක් අත්අඩංගුවට, ලලිත් වීරතුංගව නොගන්නැයි බලපෑම්. 

ලලිත් වීරතුංග - අනුෂ පැල්පිට අත් අඩංගුවට ! 

හිටපු ජනාධිපති ලේකම්ගෙන් ප්‍රශ්න කරයි 

ඡන්ද සිල් රෙදි බෙදීම ගැන ලලිත් වීරතුංගට නොතීසි

Last modified on Thursday, 07 May 2015 07:22

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us