ඉන්ධන මිළ ඉහළ දමන්නැයි සංස්ථාව රජයෙන් ඉල්ලයි

Published in පුවත්
Thursday, 07 May 2015 07:31

ඉන්ධන මිල ගණන් විශාල ගණනකින් අඩු කිරීම නිසා පසුගිය මාස තුනේදී ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවට රුපියල් මිලියන හාරදහසක (බිලියන 4 ක්‌) පාඩුවක්‌ සිදුවී ඇති අතර මෙම තත්ත්වය මත පෙට්‍රල් හා ඩීසල් මිල ඉහළ දැමිය යුතු බව සංස්‌ථාව මහා භාණ්‌ඩාගාරයට දන්වා තිබේ.

කෙසේ වෙතත් ජනතාවට සහනදීමට රජය ගත් තීරණය අනුව පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ නොදමා යම්කිසි ක්‍රමවේදයක්‌ හරහා අදාළ පාඩුව මහා භාණ්‌ඩාගාරය හරහා පියවීමට රජය තීරණය කර ඇත.

පසුගියදා ඉන්ධන මිල කැපී පෙනෙන ලෙස අඩු කළද ඒ සඳහා අය කෙරෙන බදු පහත නොදැමීම හේතුවෙන් සංස්ථාවට දැඩි මූල්‍ය අලාභයක් සිදුව ඇති බව ඛනිජතෙල් සංස්ථා ආරංචි මාර්ග පවසයි.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 21කට අධික අලාභයක්ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 15 කට අධික අලාභයක් ද සිදුවන බව සඳහන්ය. රුපියල් 65කට අලෙවි කරන භූමිතෙල් ලීටරයකින් රුපියල් 16කට අධික අලාභයක් සිදුවන බවද ඩීසල් ලීටරයකින් රුපියල් 15 ක පමණ පාඩුවක්‌ ද විඳීමට තෙල් සංස්‌ථා ආරංචි මාර්ග පවසයි.
.

2002-2003 වසරවල තෙල් මිල ක්‍රියාත්මක කළ ''මිල සූත්‍රය'' යළිත් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව ඇති අතර ඒ අනුව ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල උච්චාවචනය වන ආකාරයට මාසෙන් මාසයට මෙරට ඉන්ධන මිල ඉහළ පහළ දැමීමට අවධානය යොමු කර ඇත.

ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව ලංකා බැංකුවට හා මහජන බැංකුවට රුපියල් බිලියන 375 ක්‌ ණය බරව සිටින අතර ඒ හා සැසඳීමේදී පසුගිය මාස තුනේදී සිදුව ඇති රුපියල් බිලියන හතරක පාඩුව විශාල එකක්‌ නොවන බව එම සංස්ථාවේ නිළධාරීන් පවසයි.

පසුගිය වසර පහළොවක විස්‌සක කාලයේදී සපුගස්‌කන්ද තෙල් පිරිපහදුව නවීකරණය නොකිරීම, ගබඩා පුළුල් නොකිරීම, තෙල් නළ අලුත්වැඩියා නොකිරීම නිසා ගැටලු රැසක්‌ පැන නැගී ඇති අතර එම කටයුතු සඳහා දස අවුරුදු සැලසුමක්‌ කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කර තිබේ.

Last modified on Thursday, 07 May 2015 07:35

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us