අක්කරෙයිපත්තුවේ අහස්ගෙන් අරුම පුදුම ඇස් කණ්ණාඩියක්

Published in පුවත්
Thursday, 07 May 2015 07:45

සම්පූර්ණයෙන්ම දෙනෙත් අන්ධව අසරණභාවයට පත්ව සිටින අයෙකුට පවා කිසිවෙකුගේ ආධාරයක්, උපකාරයක් නොමැතිව තමාගේ එදිනෙදා ඕනෑම කටයුත්තක් සිදුකිරීමට මහෝපකාරී වන ලොව අරුම පුදුම ඇස් කණ්ණාඩියක් නිපදවීමට ශ්‍රී ලාංකික තරුණයකු සමත්වී තිබේ. “ආර්ටිපිල් අයි” නම් වන මේ ඇස් කණ්ණාඩිය නිපදවා ඇත්තේ අක්කරෙයිපත්තුව පදිංචි යූ. එල්. එම්. අහස් නම් තරුණයාය.

“ආර්ටිපිකල් අයි” නම් වන මේ ඇස් කණ්ණාඩිය පැළඳ ගැනීමෙන් පසුව කිසිම කෙනෙකුගේ ආධාරයක් නොමැතිව ඕනෑම කාර්යයක් ඉටු කිරීමට දෙනෙත් අන්ධ පුද්ගලයාට මාර්ගෝපදේශය මෙමඟින් ලබාදෙනු ලැබේ.

යම් ගමනක් යෑමට පිටත්වූ විට මාර්ගයේ හමුවන බාධා, මාර්ගයේ පවතින නීතිරීති පිළිපදිමින් පාර මාරුවීම ඇතුළු ඕනෑම කටයුත්තක් සිදු කිරීමට තමන් කැමැති භාෂාවකින් අන්ධ පුද්ගලයාට උපදෙස් ලබාදීම මෙහි ඇති සුවිශේෂිම පහසුකම බව එහි නිපැයුම්කරු අහස් මහතා  ප්‍රකාශ කෙ‍ළේය. ජනාධිපති ‍ෛ‍මත්‍රීපාල සිරිසේන මහතාගේත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේත් අවධානය මේ නිපැයුම කෙරෙහි නුදුරේදීම ලබාගෙන, ඉන් අනතුරුව අසරණභාවයට ලක්ව සිටින අන්ධ ජනතාවගේ ප‍්‍රයෝජනයට මෙය ඉතා අඩු මිලකට ලබාදීමට කටයුතු යෙදීම තම ඒකායන අරමුණ බවද අහස් මහතා කීය.

අන්ධ පුද්ගලයාට නව ඇස් කණ්ණාඩිය පැළඳ ගත් පසු ඔහුගේ කනට ඉදිරි ක්‍රියාමාර්ග සිදු කිරීමට අවශ්‍ය සියලු මගපෙන්වීම් ශබ්ද මඟින් ලබාදීම මින් සිදු කැරේ. මෙය ඇත්තටම අන්ධ පුද්ගලයින්ගේ ජීවිත ආලෝකය කරා ‍රැගෙන යෑමට උදව් කරන ලොව මවිත කරනා කාරයේ නිපැයුමක් බව ද අහස් මහතා අවධාරණය කෙළේය. මේ උපකරණය අධික මිලකට නොව සාධාරණ මිලකට ඕනෑම දුබල අයෙකුට පවා මිලදී ගැනීමට හැකිවන රජයේ අනුග්‍රාහකත්වයෙන් ලබාදීමට තමා බලාපොරොත්තු වන බව ද ඔහු කියා සිටියේය. අද රටේ යුග පෙරළියක් සිදු වී තිබෙනවා. ජාති, ආගම්, වෙනත් ශබ්ද කිසිවක් නැහැ. ඔක්කෝම එක මවකගේ දරුවෝ වාගේ සමගියෙන් ඉදිරියට යන්න සූදානම්. ඒ ගමන ශක්තිමත් කරන්න අපි නව නිපැයුම්කරුවෝ ලෙස පෙරට එන්න ඕනෑ. ඒ අරමුණින් තමයි මමත් මේ නිපැයුම සිදු කළේ අහස් මහතා පැහැදිලි කෙළේය.

සම්පූර්ණයෙන්ම දෙනෙත් අන්ධ ජනතාවට නව නිපැයුම භාවිතාකොට තම එදිනෙදා කටයුතු වඩාත් පහසු කරවීම කළ හැකියි. අපි මෙය වැඩිදියුණු කරන්න රජයේ විශේෂයෙන් ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් අවධානය මගපෙන්වීම් බලාපොරොත්තු වෙනවා. ඔහු අවසාන වශයෙන් පැවැසීය.

 

dinamina

Last modified on Thursday, 07 May 2015 07:56

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us