දැයට කිරුළෙන් ගෝඨගේ ගිණුමට කෝටි 13ක් ගියේ කොහොමද? - ජවිපෙ

Published in පුවත්
Thursday, 07 May 2015 07:14

අම්පාර දිස්ත්‍රික්කයේ 2013 වසරේදී පවත්වනු ලැබු දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී රුපියල් කෝටි 13කට අධික මුදලක් (රු.130,000,000) වංචා සහගතව හිටපු ආරක්ෂක ලේකම් නමින් ඇති ගිණුමකට චෙක්පත් තුනක් මඟින් අයුතු ලෙස මුදල් බැරකොට පරිහරණයේ යෙදී ඇති බවට පැමිණිල්ලක් ඊයේ (06දා) පෙරවරුවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබූවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එල්. ජී. වසන්ත පියතිස්ස මහතාය. මෙම පැමිණිල්ල හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු අම්පාර දිසාපති වර්තමානයේ මාතලේ දිසාපති නීල් ද අල්විස්, අම්පාර නගරාධිපති ඉන්දික නලින් ජයවික්‍රම සහ අම්පාර පළමු මාවතේ පදිංචි එස්. ඒ. දිනූෂ ප්‍රභාත් රංගජීව යන අයට එදිරිව ඉදිරිපත් කරනු ලැබීය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අම්පාර දිසාපති (වත්මන් මාතලේ දිසාපති) නීල් ද අල්විස් මහතා තනි තනිව හෝ සාමුහිකව ක්‍රියා කරමින් 2013 අම්පාර දිස්ත්‍රික්කයේ පැවැති දැයට කිරුළ ප්‍රදර්ශනයේදී රුපියල් කෝටි 13කට අධික මුදලක් වංචා සහගතව ආරක්ෂක ලේකම් නමින් ඇති ගිණුමකට චෙක්පත් තුනක් මඟින් ව්‍යාපෘති 3ක් සඳහා අයුතු ලෙස මුදල් බැරකොට අයුතු පරිහරණයේ යෙදී ඇතැයි මේ පැමිණිල්ලෙන් පෙන්වා දී තිබේ.

මහඔය ප්‍රධාන බස් නැවතුම්පොළ, පදියතලාව ප්‍රධාන බස් නැවතුම්පොළ, දෙහිඅත්තකණ්ඩිය ප්‍රධාන බස් නැවතුම්පොළ යන ප්‍රධාන බස් නැවතුම්පොළවල් ඉදිකිරීමේදී හෝ ප්‍රතිසංස්කරණයේදී මෙවැනි මුදල් ප්‍රමාණයක් අවශ්‍ය නොවන බවද දෙවන වගඋත්තරකරු විසින් නිසි ක්‍රමවේදයකින් තොරව කොන්ත්‍රාත්කරුවන් කැඳවා හිටපු ආරක්ෂක ලේකම්වරයාට මෙන්ම තමාට අයුතු ලාභයක් ලැබෙන ආකාරයට මේ මුදල් පරිහරණය කර ඇතැයි හිටපු ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තම පැමිණිල්ලේ සඳහන් කොට ඇත.

එසේම චෙක්පත් අංක 404522 යටතේ රුපියල් මිලියන 30ක් 2014/04/22 දින ද චෙක්පත් අංක 437075 යටතේ මිලියන 50ක් 2014/09/03 දින ද චෙක්පත් අංක 437128 යටතේ රුපියල් මිලියන 50ක් 2014/12/12 දින ද නිකුත් කොට ඇති බව ද පැමිණිල්ලෙන් දක්වා ඇතැයි ද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එසේම දැයට කිරුළ ප්‍රදර්ශනයේ දී සමහර ව්‍යාපෘතින් සඳහා භාණ්ඩ මිලදී ගැනීම ගෙන්වීම සහ බෙදාහැරීම වැනි කටයුතුවලදී මෙන්ම රජයේ නිල නිවාස ප්‍රතිසංස්කරණය සඳහා නිසි පාවිච්චියෙන් තොරව අතිවිශාල මූල්‍ය ප්‍රමාණයක් හිටපු දිසාපතිවරයා සිදුකර ඇතැයි පවසන මන්ත්‍රීවරයා අම්පාර අතිරේක දිසාපතිවරයාගේ නිල නිවස සාමාන්‍ය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් ලක්ෂ 47ක් වැය කර තිබුණත් වත්මන් දිසාපතිවරයාව පැත්තකට දමමින් අම්පාර නගරාධිපති ඉන්දික නලින් ජයවික්‍රම මහතා එහි වාසය කරන බව ද සඳහන් කළේය.

මෙම පැමිණිල්ල ඉතාමත් සාක්ෂි සහිතව ඉදිරිපත් කරනු ලැබූ බව පැවසු හිටපු මන්ත්‍රීවරයා නගරාධිපතිවරයකුට දිසාපති නිල නිවසක පදිංචිවීමට කිසිදු නෛතික අයිතියක් නැති බව ද පෙන්වා දුන්නේය.

දෙවන වගඋත්තරකරු ව්‍යාපෘතිය සඳහා භාණ්ඩ මිලදී ගැනීමේ දී නිසි ක්‍රමවේදයක් අනුගමනය කර නොමැති බව සඳහන් කළ මන්ත්‍රීවරයා අවශ්‍ය ප්‍රමාණයට වඩා බිත්ති තීන්ත වර්ග විශාල ප්‍රමාණයක් මිලදී ගෙන තවදුරටත් ඒවා භාවිතා කිරීමෙන් තොරව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගොඩ ගසා ඇති බවත් එවැනි මිලදී ගත් භාණ්ඩ අවභාවිතාවී ඇති බවත් සඳහන් කළේය.

එසේම අම්පාර නගරාධිපතිවරයා අම්පාර නගර මධ්‍යයේ තිබෙන ඉතාමත් වටිනා පර්චස් 40 ඉඩමක් මහජනතාවට අවශ්‍ය පොදු පහසුකම්වලට පාවිච්චි කර තිබෙන බවත් එම භූමිය ඉඩම් අත්පත් කර ගැනීමේ ආඥා පනතේ ප්‍රතිපාදනවලට පරිබාහිරව ගොස් සුඛ විහරණය සඳහා තමන්ට අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියක නියැළී සිටින බව සඳහන් කළ මන්ත්‍රීවරයා අම්පාර නගර මධ්‍යයේ තිබෙන වටිනාම ඉඩම් තෝරා ගනිමින් තමන්ගේ හිතවතුන්ට ලබාදීමේ ක්‍රියාවලියක නිරතව ඇතැයිද පැවැසීය.

මෙම පැමිණිල්ල අනුව අල්ලස් කොමිසම දැඩි ක්‍රියාමාර්ග ගනීවි යැයි තමන් ඉල්ලා සිටින බව සඳහන් කළ හිටපු මන්ත්‍රීවරයා නිසි අධිකරණ ක්‍රියාමාර්ගවලට ඉතාමත් ඉක්මනින් අවතීර්ණ වනු ඇතැයි බලාපොරොත්තු වන බව පැවැසීය.

මෙහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා පැවැසුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හැකි ඉක්මනින් විමර්ශන කටයුතු ආරම්භ කරන බවට පොරොන්දු වූ බවය.

Last modified on Thursday, 07 May 2015 07:17

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us