ඡන්ද සිල් රෙදි බෙදීම ගැන ලලිත් වීරතුංගට නොතීසි Featured

Published in පුවත්
Wednesday, 01 April 2015 07:36

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී ඡන්ද අල්ලස් ලෙස සිල් රෙදි ඇතුළු විවිධ ද්‍රව්‍යය බෙදා හරිමින් මහජන මුදල් අයථා පරිහරණය කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සමෙහි වගඋත්තරකාර හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඇතුළු ‍ පිරිසකට එම පෙත්සම පිළිබඳ නොතිසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31) නියෝග කෙළේය.

ඔවුන් අධිකරණයට කැඳවීමෙන් පසුව එම පෙත්සම පිළිබඳ කරුණු සලකා බැලීමට නියම විය. ඒ අනුව පෙත්සම මැයි මස 05 වැනිදා නැවත කැඳවීමට නියම කෙරිණි.

අගවිනිසුරු කේ. ශ්‍රී පවන්, සිසිර ද ආබෲ, අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවන ලදී. පැෆරල් සංවිධානය සහ එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

ඉකුත් ජනාධිපතිවරණ මැතිවරණ සමයේදී ඡන්ද අල්ලස් ලෙස සිල් ‍රෙදි ඇතුළු විවිධ ද්‍රව්‍යය බෙදා හරිමින් මහජන මුදල් අයථා පරිහරණය කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබුණි.

මැතිවරණ කොමසාරිස්වරයා, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙහි අධ්‍යක්ෂ ජෙනරාල්වරිය, පොලිස්පතිවරයා, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, විගණකාධිපතිවරයා, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවෝ වූහ.

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී මහජන මුදල් සහ දේපළ අවභාවිත කළ බවට පෙත්සම මඟින් පෙන්වා දී තිබිණි. එක් අපේක්ෂකයකුගේ ප්‍රවර්ධන කටයුතු සඳහා සෘජු සහ වක්‍රලෙස මෙම රාජ්‍ය දේපළ හා මුදල් යොදාගත් අතර රජයේ සංවර්ධන වැඩසටහන් වලදී ද එම අපේක්ෂකයා ඉස්මතු කිරීමට උත්සාහ කළ බව සඳහන් විය.

මැතිවරණ නීතියට මෙන්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන පනතටද පටහැනි ව කටයුතු කරමින් මෙම ද්‍රව්‍යය බෙදා හැරීම් සිදු කළ බව පෙන්වා දෙන ලදී. එබැවින් දේශපාලන පත්‍රිකා ඇතුළත් සිල් රෙදි අල්ලස් ලෙස බෙදා හැරීම, ලිත් බෙදා හැරීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන ලෙස ද මෙම පෙත්සම මඟින් ඉල්ලා තිබිණි. නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතා පෙත්සම වෙනුවෙන් කරුණු ඉදිරිපත් කෙළේය.

Last modified on Wednesday, 01 April 2015 08:17

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us