මහින්දගේ කුරුණෑගල ‍රැළිය සංවිධානයට මෛත්‍රීගේ ඇමැතිවරුත්.

Published in පුවත්
Thursday, 07 May 2015 16:48
හෙට(08) කුරුණැගල මාලිගාපිටිය අසල සත්‍යවාදී පිටියේ පැවැත්වෙන මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ ‍රැළිය සංවිධානය කිරීම සිදුකරන්නේ මේ වන විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සමීපව සිටින ශ්‍රීලනීප කණ්ඩායමක් විසින් බව හෙළිවේ. ඒ අතර  දයාසිරි ජයසේකර ,  එස්.බී නාවින්න, ජයරත්න හේරත් ප්‍රමුඛව කටයුතු කරන අතර  ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනන්දු ද විශාල දායකත්වයක් සපයමින් ඇත. එහෙත් මෙම ‍රැළිය සංවිධානයකයා ලෙස  අසංක නවරත්න නැමැති  පළාත් සභා මන්ත්‍රිවරයා පෙනී සිටී.
 
අදාල ක්‍රීඩා පිටිය වෙන් කර ගැනීම හා අනෙක් නෛතික පහසුකම් සලසා දීම සඳහා දයාසිරි රාජපක්ෂ මහතා මැදිහත් වී තිබේ. එමෙන්ම මෙම රැළිය මෙතෙක් කුරුණෑගල් දිස්ත්‍රික්කයේ පැවැත්වූ විශාලම රැලියට වඩා විශාල ප්‍රචාරක කටයුතක් සිදුවෙමින් පවතින අතර මේ වෙනුවෙන් කිලෝමීටර 6ක දුරක් ආවරණය වන පරිදී  ශබ්ද විකාශන යන්ත්‍ර සවිකර ඇත. මේ සඳහා ඊයේ උදැසන සිට කටයුතු කරමින ඇති අතර ශබ්ද විකාශන යන්ත්‍ර පිරවූ  ලොරි දෙකක්  ගෙන්වාගෙන ඇත
 
එමෙන්ම මාලිගා පිටියේ පැවැත්වෙන වෙසක් කලාපයට පැමිණෙන සෙනග ද මෙම ‍රැලියට සහභාගී කරවා ගත හැකි ආකාරයට ‍රැලියේ වේදීකාව ඇතුළු ප්‍රදේශය සකස් කොට ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us