subash

subash

වත්මන් ආර්ථික අර්බුදය දක්වා සිය වගකීම් පැහැර හරින ලද නිලධාරීන් ඇතුළු සියලු දෙනා සම්බන්ධව පරීක්ෂණය කිරීම සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට කෝප් කමිටුව අද නිර්දේශ කර තිබේ. ඊයේ දිනයේදී ද මහ බැංකු අධිපතිවරයා විසින් හෙළිදරව් කර තිබුණේ රාජ්‍ය ආදායම් සම්බන්ධයෙන් වැරදි තොරතුරු අයවැය වාර්ථාවට ඇතුළත් කිරීම නිසා රට ණය උගුලක සිරවූ බවය.

අද වන විට මෙරට අත්‍යවශ්‍ය ආහාර මිල වේගයෙන් ඉහළ යමින් තිබේ. එයට හේතු වූයේ මෙරට තුළ ඩොලරයේ අගය වේගයෙන් ඉහළ යෑම මත සිදුව තිබෙන ආනයන සීමාවන් සහ අන්තර් ජාතික වශයෙන් ඇති මුල්‍ය අර්බුද තත්ත්වයද බලපා තිබීමයි.

වත්මන් අසීරු ආර්ථික තත්වය තුළ පවතින සැබෑ යථාර්ථය නොසගවා ජනතාවට පවසා දීර්ඝකාලීන ආර්ථික ස්ථාවරය සදහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ සදහා පටු දේශපාලන වාසි නොතකා පක්ෂ භේදයකින් තොරව සහයෝගය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී අද පවසා තිබිණි.

වර්තමානයේ රට මුහුණ දෙන තෙල් ගෑස් ආහාර ඖෂධ ආදී වන අර්බුදකාරිත්වයන් වහා විසඳිය යුතුව තිබෙන ගැටලුව වන බවට කිසිදු සැකයක් නැත. නමුත් මේ මොහොත දඩමීමා කරගෙන වර්තමාන මජර රාජපක්ෂ පාලනය තවදුරටත් තහවුරු කරගැනීමට බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ පොහොට්‍ටු කල්ලිය දරණ තැත ඉතා තුච්ඡය. නින්දිතය.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථ සංශෝධන පනත් කෙ‍ටුම් පත අද දින කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කරනු ලැබීය. අද දින මෙම කෙ‍ටුම් පත ඉදිරිපත් කිරීම වැලැක්වීම සඳහා පොදුජන පෙරමුණු කණ්ඩායම ජනාධිපතිවරයාට බලපෑම් කර තිබු බව ඊයේ වාර්ථා විය. එසේම එය ඉදිරිපත් කළහොත් අනුමත නොකරන ලෙසටද ජනාධිපතිවරයාට බලපෑම් කර තිබුණු බවත් වාර්තා විය.

මේ වසරේ මුල් පහ තුළ මේ දක්වා විදේශ රැකියා සඳහා පමණක් පුද්ගලයන් 105821 දෙනකු පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

හෙට දිනයේ 21 වන සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළහොත් එය අනුමත නොකර සිටින ලෙස පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට බලපෑම් කර තිබෙන බව වාර්තා වේ.ඒ අනුව මෙම පනත් කෙටුම්පත හෙට දිනයේදී කැබිනට් මණ්ඩලය අනුමත නොකෙරෙනු ඇති බව දැනගැනීමට ඇත.

මේ ගෙවෙමින් තිබෙන්නේ මෙරට මෑත ඉතිහාසයේ දුෂ්කරම කාලයයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩ භාර ගැනීමෙන් පසු සඳහන් කළ පරිදි නිදහසින් පසු නොව නිදහස ලැබීමට පෙර තිබූ කාලය තුළදීවත් මෙතරම් දැවැන්ත සහ ගැඹුරු ආර්ථික ප්‍රපාතයකට, අර්බුදයකට මෙරට වැටී නැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය කෙටුම්පත් කර අවසන් බවත්, සඳුදා එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.

Connet With Us