subash
ආර්ථික අර්බුද, දේශපාලන අර්බුද, සාමාජීය අර්බුද කවරක් වේවා වඩාත්ම පීඩාවට සහ අසාධාරණයට ලක් වෙමින් තිබෙන්නේ දරුවන්ය. මේ අර්බුද කිසිවකට දරුවන්ගේ මැදිහත් වීමක් හෝ වගකීමක් නැත. මේ වැඩිහිටියන් විසින් හිතා මතා හෝ නොදැන ඇතිකරන ලද අර්බුදයන්ය. පාලකයාත්, එම පාලකයන් පත් කරගත් ජනතාවත් ඇතිකර ගත් අර්බුදයන්වේ. මේ දෙපාර්ශ්වයම මේ තත්වයන්ට සම සමව වගකිව යුතුවේ.
දුෂ්ඨ මාධ්‍යකරණය නිසා සිදුවූ විනාශයක්..! මේජර් රවීන්ද්‍රගේ සංවේදී සටහන
ලංකාවේ මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් යනු ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය සහ දේශපාලකයන්ට වඩා දූෂිත තැනකි. මේ එක උදාහරණයකි.
ආහාර අර්බුදය හමුවේ කිසිවෙක් බඩගින්නේ නොතැබීම තමාගේ ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
මෙරට ලක්ෂ 30 කට ආහාර වවුචර්පත්, ලෝක ආහාර වැඩසටහන ආරම්භවේ.
ශ්‍රී ලංකාවේ උත්සන්න වන ආහාර අර්බුදය හමුවේ ලෝක ආහාර වැඩසටහන හදිසි මානුෂීය ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ගැබිණි මවුවරුන් වෙත ඊයේ (16) ආහාර වවුචර්පත් ලබා දුන්නේය.
නුවරඑළිය යනු සංචාරකයින්ගේ පාරාදීසයක් කිවොත් නිවැරදිය..දෙස් විදෙස් බොහෝ දෙනාගේ ආකර්ශනීයම තෝතැන්න නුවර එළියයි..
ඉන්ධන අර්බුදයට විසදුමක් රජය සපයා ඇත..ප්‍රයෝජන ගැනීම ජනතාව සතුය.
පසු ගිය දිනවල ප්‍රවාහන අමාත්‍යාංශය සහ විෂය පිළිබඳ ප්‍රවීණයන්ගේ අදහස් ලබාගෙන පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස් රථ සේවය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ.
අල්ලන කංසා ගිනි තැබීම අත්හිටුවයි. තොගය පිටින් වෛද්‍යවරුන්ට දෙයි.
පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබන කංසා (ගංජා) ශාක ඖෂධ සකස් කිරීම සඳහා ආයුර්වේද සංස්ථාවට භාර දීමට හැකි වන ලෙස නීති සකස් කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
විදේශ විනිමය අර්බුදය හේතුවෙන් රටපුරා ඉන්ධන, ගෑස් පෝලිම් නිර්මාණය වී තිබේ. උද්ධමනය වැඩි වී භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ.
ඩොලර් අහේනියට පිළියම්. ශ්‍රී ලංකික දෙමළ ඩයස්පෝරා සංවිධාන තහනම ඉවතට !
රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට විදෙස් ගත ශ්‍රී ලංකික දෙමළ ජනයාගෙන් ආධාර අපේක්ෂා කරන ආණ්ඩුව පසුගිය සමයේ මෙරට ත්‍රස්තවාදයට අනුබල දෙන සංවිධාන ලෙස සලකා තහනම් කරන ලද දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් සහ පුද්ගලයන්ට පනවා තිබු තහනම ඉවත්කිරීමට ඇති සුදානම ජාත්‍යන්තරය හමුවේ ප්‍රකාශයට පත්කර තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ නොහොත් ජාතික ජන බලවේගය ආණ්ඩුවක් පිහිටවූ පසුව මුලින්ම කරන්නේ කුමක්ද යන්න ගැන එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ආර්ථික ඔස්තාර් සුනිල් හඳුන්නෙත්ති පැහැදිලි ප්‍රකාශයක් සිදු කර තිබේ. මව්බිම පුවත් පත පළ කර තිබෙන එම ප්‍රවෘත්තිය අනුව ජාජබය සිදු කරන මුල්ම වැඩේ 2019 දී වත්මන් ආණ්ඩුව පිහිටු වන අවස්ථාව වන විට පැවැති මෙරට විදේශ සංචිත ඩොලර් බිලියන 7.5 ට සිදු වූයේ කුමක්ද යනන් සෙවීමය.
