රටට ඩොලර් ගෙන්වා ගැනීමට නුවරඑළියත් සැරසේ !

Published in පුවත්
Friday, 17 June 2022 12:10

නුවරඑළිය යනු සංචාරකයින්ගේ පාරාදීසයක් කිවොත් නිවැරදිය..දෙස් විදෙස් බොහෝ දෙනාගේ ආකර්ශනීයම තෝතැන්න නුවර එළියයි..

මෙය අප ශ්‍රී ලංකාවේ පුංචි එංගලන්තය යන නමින්ද විරුදාවලි ලබයි..එහි ඇති මනරම් දේශගුණයත් ,ස්වභාවික සුන්දරත්වයත් මෙරටට වැඩි වශයෙන් විශේෂ විනිමය ලබා දෙයි..

කෙසේ වෙතත් වර්තමානයේ අප රට මුහුණ දෙන මේ දැවැන්ත අර්බුදයට හොදම විසදුමක් වන්නේ විදේශිකයන් මෙරටට ගෙන්වා ගැනීමය..ඒ අනුව
විදෙස් සංචාරක අවධානය වැඩි වශයෙන් යොමු කරවා ගැනීම ඉලක්ක කර ගනිමින් නුවරඑළිය සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙයි..

"අනාගතය උදෙසා නුවරඑළිය සංවර්ධනය" යන තේමාව යටතේ මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතයි. නුවරළිය පැරණි තුරඟ තරග පිටිය, ග්‍රෙගරි වැව ඇතුළු නුවරඑළියේ සංචාරක ආකර්ෂනීය ස්ථාන ආවරණය වන පරිදි එය ක්‍රියාත්මක කෙරේ.

නාගරික සංවර්ධන අධිකාරිය හා නුවරඑළිය නගර සභාව අතර ඊයේ පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය. සාකච්ඡාව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

නුවරඑළිය මූලික කරගත් ග්‍රෙගරි වැව සංවර්ධනය, අදියර පහක් යටතේ සිදුකෙරේ. රථවාහන ගාල් කිරීමේ ස්ථාන සහ මෝටර් ධාවන පථ ඉදිකිරීමට ද මේ යටතේ සැලසුම් කර තිබේ. ග්‍රෙගරි වැව අසල උණුසුම් ජල තටාකයක් ද ඉදිකිරීම ද සැලසුම් කර ඇතැයි මෙහිදී අනාවරණය විය.

යෝජිත මෙම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ, "නුවරඑළිය පැරණි තුරග තරග පිටිය ප්‍රතිසංවර්ධනය කිරීමේ පළමු අදියර" ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ යටතේ පැරණි තුරග තරග පිටිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කෙරේ. කේබල් කාර් ව්‍යාපෘතියක්, අශ්වරේස් මංතීරුවක්, සැණකෙළි සංකීර්ණයක්, අශ්වයින් ගාල් කර තැබීමට ස්ථානයක් සහ අවන්හල් ජාලයක් ද ඉදිකිරීමට අපේක්ෂිතයි.

නානුඔය නගරයේ සිට නුවරඑළිය නගරය දක්වා ඉදිකරන කේබල් කාර් ව්‍යාපෘතිය සංචාරකයන්ට නැවුම් අත්දැකීමක් ගෙන දෙනු ඇතැයි ඇමතිවරයා විශ්වාසය පළ කරයි. නුවරඑළිය පොළව මට්ටමට ඉහළ අහසේ සිට අවට ප්‍රදේශ නැරඹීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

නුවරඑළිය සංවර්ධන ව්‍යාපෘතියත් සමඟ ම පූඩලුඔය, නානුඔය, ගිනිගත්හේන, වලපනේ, රිකිල්ලගස්කඩ, පුසසැල්ලාව සහ කිතුල්ගල යන නගර ද සංවර්ධනය කිරීමට තීරණය කර තිබේ.

යෝජිත මෙම සංවර්ධන ව්‍යාපෘති යටතේ මූලික සහ අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් සැපයීම ද සිදුකෙරේ. මෙයට අමතරව විදුලිය, තැපැල් සහ අදාල වෙනත් ක්ෂේත්‍ර සංවර්ධනය කිරීමත්, පරිසර හිතකාමි ගස් වර්ග සිටුවීමත් සිදුකරන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

-මහේෂි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us