මෙරට ලක්ෂ 30 කට ආහාර වවුචර්පත්, ලෝක ආහාර වැඩසටහන ආරම්භවේ.  

Published in පුවත්
Friday, 17 June 2022 16:49

ශ්‍රී ලංකාවේ උත්සන්න වන ආහාර අර්බුදය හමුවේ ලෝක ආහාර වැඩසටහන හදිසි මානුෂීය ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ගැබිණි මවුවරුන් වෙත ඊයේ (16) ආහාර වවුචර්පත් ලබා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ආහාර සපයා ගැනීමට නොහැකි දැඩි අවදානමකට ලක්ව සිටින ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 30 කට පමණ ආහාර වවුචර්පත්, ආහාර හෝ මුදල් ලබා දීමට සැලසුම් කරමින් සිටින බවත් ජූනි සිට දෙසැම්බර් දක්වා ලක්ෂ 30ක ජනතාවකට ආධාර ලබා දීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 60 ක මුදලක් අවශ්‍ය බවට ගණන් බලා ඇති බවත් ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කළේය.

ලෝක ආහාර වැඩසටහන මගින් ලබාදෙන මාසික වවුචර්පත රුපියල් 15000 ක, වටිනාකමින් යුක්ත වන අතර එය ගැබිණි මවුවරුන් 2000 කට වැඩි ප්‍රමාණයකට අවශ්‍ය ආහාර ලබාගැනීමට ප්‍රයෝජනවත් වනු ඇතැයි පැවැසෙයි.ශ්‍රී ලංකාවේ මැයි ආහාර උද්ධමනය සියයට 57.4 ලෙස සටහන් විය.

අත්‍යාවශ්‍ය භාණ්ඩ වල හිඟය හේතුවෙන් දුප්පත් පවුල් ආහාර ලබාගැනීමට නොහැකිව අසීරුතාවයට පත්ව ඇති බවත් ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 22 කට ආහාර සුරක්ෂිතතාවයක් නොමැති වීම හේතුවෙන් සහාය අවශ්‍ය බවත් ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කළේය.

එසේම එළවලු,පළතුරු සහ ප්‍රෝටීන් බහුල ආහාර ලබා ගැනීම අඩු අදායම්ලාභී පවුල් වලට ඉතාමත් අසීරු කටයුත්තක් වී ඇතැයි ලෝක ආහාර වැඩසටහන පෙන්වා දුන්නේය.

ලෝක ආහාර වැඩසටහනේ සමීක්ෂණයකට අනුව සියයට 86 ක් පවුල් වත්මන් අර්බුදයට මුහුණ දීම සඳහා ආහාරයට ගන්නා ප්‍රමාණය අඩු කිරීම,පෝෂ්‍යදායි ආහාර ගැනීම අඩු කිරීම හෝ ආහාර වේලක් නොගෙන සිටීම සිදු කරන බව හෙළිවී ඇත.

"ගැබිණි මව්වරුන් සෑම දිනකම පෝෂ්‍යදායි ආහාර ලබා ගන්න ඕනේ නමුත් දුප්පත් පවුල් වලට ඒ දේ සිදුකිරීමට අපහසුයි.

ආහාර වේල් මග හැරීමෙන් කුස තුළ සිටින දරුවාගේ සෞඛ්‍යයත් අවදානමකට ලක් කරනවා"ලෝක ආහාර වැඩසටහනේ ආසියා සහ පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ඇන්තියා වෙබ් පැවසුවාය.

 https://news.un.org/en/story/2022/06/1120562

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us