ඉන්ධන අර්බුදයට විසදුමක් රජය සපයා ඇත..ප්‍රයෝජන ගැනීම ජනතාව සතුය. Featured

Friday, 17 June 2022 11:41

පසු ගිය දිනවල ප්‍රවාහන අමාත්‍යාංශය සහ විෂය පිළිබඳ ප්‍රවීණයන්ගේ අදහස් ලබාගෙන පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස් රථ සේවය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ.

එහි මූලික අරමුණ බවට පත්ව තිබෙන්නේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමය. ඒ පිළිබඳ අදහස් දක්වන ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ,

“පොදු ප්‍රවාහන අංශය ශක්තිමත් කිරීම මඟින් ඉන්ධන අර්බුදය යම් පමණකට පාලනය කළ හැකි බවය. උදේ හයයි තිහට ආරම්භ වන පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවය උදේ හය හමාරෙ සිට අට හමාර වෙන තෙක් විනාඩි දහයෙන් දහයට ධාවනය කරනවා. හවසත් එහෙමයි. මාකුඹුර බහුවිධ හුවමාරුව, කඩවත සහ කටුබැද්දේ සිට මේ වගේ බස් සේවාවක් ක්‍රියාත්මක කරනවා. මෝටර් රථයෙන්, යතුරුපැදියෙන් කොළඹ එන කෙනකුට තමන්ගේ වාහනය ආරක්ෂිතව ගාල් කරලා, වායු සමනය කළ සිටි බස් රියෙන් ගමන් පහසුව සලසා ගන්න පුළුවන්. එය මගියාට ආර්ථික අතින් වගේම, සුවපහසුව, ආරක්ෂාව අතින් බෙහෙවින්ම වැදගත්. ප්‍රවාහන ගාල් කිරීමේ ගාස්තුවත් අප අඩු කළා. ඒ නිසා මගියාට වඩාත් හොඳ පහසුවක් සලසා ගන්න හැකියාව ලැබී තිබෙනවා. අපේ බලාපොරොත්තුව, පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමයි. එමඟින් ඉන්ධන, පරිසර සහ තදබදය යන තුන් පැත්තටම විසඳුමක් ලැබෙනවා.’’

අප රටේ වාහන තදබදය පිළිබදව කතිකාවතන් අද ඊයේ ඇති වූ මාතෘකා නොවන්නේය..අතීතයේ සිටම මෙය ක්‍රමයෙන් වර්ධනය වෙමින් ද, තාක්ෂණයේ දියුණුවත් සමග වර්තමානය වන විට මෙය රටටම මහත් පීඩාකාරී ලෙස බලපා ඇත..මෙමගින් රටට සිදුව ඇති නොපෙනෙන අලාභයන් සුළු පටු නොවේ..මන්ද මෙරට ජිවත් වෙන විශේෂයෙන් කොළඹ නගරය තුළ ජිවත්වන ජනතාව තම රාජකාරි සදහා උදෑසන පිටත් වුවද මෙම වාහන තදබදය නිසා ඇති වන ප්‍රමාදය හේතුවෙන් සේවයට නිසි ලෙස වාර්තා කිරීමට බොහෝ අවස්ථාවල නොහැකි තත්වයක් පෙන්නුම් කර තිබේ..එසේම ඉතාම අසීරුවෙන් තම රාජකාරි ස්ථාන වෙත ළගා වන සේවකයන්ට කාර්යක්ෂම සේවාවක් සැපයීමට මානසිකව මෙන්ම කායිකවද මෙම අපහසුතාවය බලපායි..

මේ තත්වය අද වන විට ඉතාම දරුණු ලෙස බලපා ඇති බව කිව හැකිය. මන්ද වත්මන් ආර්ථික සහ තෙල් අර්බුදය හේතුවෙන් නගරයට ඇතුළු වන වාහන ප්‍රමාණය සහ තදබදය නිසා දැවෙන ඉන්ධන ප්‍රමාණය නිසා මෙරට මුදල් නිකරුණේ අපතේ යයි.. පසු ගිය දශක දෙක තුළද මේ තත්ත්වය තිබුණද, එය අද තරම් ඉස්මතුව නොපෙනුණේ, රට තුළ ඉන්ධන හෝ ආර්ථික අර්බුදයක් මතුව නොතිබීම නිසාය. එහෙත් අද තත්ත්වය වෙනස්ය. ඒ නිසා අනවශ්‍ය ඉන්ධන ප්‍රමාණයක් දැවී යෑම වැළැක්විය යුතුය. කළ යුත්තේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම පමණි. ඒ සදහා වත්මන් රජය මෙම පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස් රථ සේවය ක්‍රියාත්මක කිරීම ඉතාම කාලෝචිත ක්‍රියාවකි..මෙමගින් මගීන්ට පහසුකම් සැලසෙනවා පමණක් නොව වාහන තදබදය අඩු කරගනිමින් කාර්යක්ෂමව තම රාජකාරීන් ඉටු කර ගැනීමට මෙමගින් අවස්ථාව සැලසේන බව කිව යුතුය..එම නිසා මගීන් වෙනුවෙන්ම ක්‍රියාත්මක කෙරන ලද මෙම බස් රථ සේවාවෙන් නිසි ප්‍රයෝජන ගනිමින් ,තම ගමනාන්තයේ පහසුකර ගන්නා අතරම රටේ සමස්ත ප්‍රජාවගේම සුව පිණිස මෙය ප්‍රයෝජනයට ගැනීම පුරවැසි ඔබගේ යුතුකම වන්නේය.

-මහේෂි

Leave a comment

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us