දුෂ්ඨ මාධ්‍යකරණය නිසා සිදුවූ විනාශයක්..! මේජර් රවීන්ද්‍රගේ සංවේදී සටහන Featured

Saturday, 18 June 2022 13:46

ලංකාවේ මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් යනු ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය සහ දේශපාලකයන්ට වඩා දූෂිත තැනකි. මේ එක උදාහරණයකි.

මාධ්‍යවල පළ වන දේ නිතරම නිවැරදි නොවේ. ඒ බොරුවට එරෙහිව සටන් කළ යුතුය. ඇත්ත හෙළිවෙන්න කාලයක් යයි, එත් ඒ වෙන විට සිදුවිය යුතු විනාශය සිදුව අවසන්ය. මේ දූෂිත මාධ්‍යයන් ඒවාට වන්දි ගෙවන්නේ ද නැත.

මේජර් රවීන්ද්‍ර මීගමාරච්චි සිය ෆේස්බුක් ගිණුමෙහි තමන්ට වූ අසාධාරණය ගැන ඔහුගේ බිරිඳ තැබූ සටහන කියවන්න. (https://www.facebook.com/ravindra.meegamarachchi/posts/10220463469727141)

මෙහිදී මේ පජාත කටයුතුවලට හවුල් වූවන් ගැන ඔහු විසින් නම් සඳහන් නොකරන අයවලුන් සම්බන්ධයෙන් සාක්ෂි ඇති බවත් ඔහු මෙයට එරෙහිව නීතිමය පියවර ගනන් බව සඳහන්  කර තිබේ. අනිවාර්යෙන්ම ඒ අනුව ඔහු කටයුතු කළ යුතුය. විශේෂයෙන්ම මේ දුෂ්ඨ මාධ්‍යකරණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය.

මගේ ස්වාමිපුරුෂයා රවින්ද්‍ර මීගමආරච්චි වන අතර මා විසින් මෙසේ ඔහුට සහ පවුලට මුහුණ දීමට සිදු වූ අමිහිරි අත්දැකීම් කිහිපයක් අනාවරණය කරමි.

මෙච්චර හිතේ හිතේ පිච්චි පිච්චි තිබිච්ච දෙයක් .ඕගොල්ලොත් වෙලා අරන් කියවන්න. ජීවිතයට පාඩමක් කරගන්න. ???

ප්‍රබලයින් යැයි සිතා සිටිනා පිරිසක් විසින් බලය අයුතු ලෙස පාවිච්චි කරමින් නින්දිත සහ පිළිකුල් සහගත ලෙස මාගේ ස්වාමි පුරුෂයාගෙන් මගෙන් සහ මගේ පවුලේ අයවලුන්ගෙන් පලිගැනීම.

2009 වසරේ සිට 2014 වර්ෂය දක්වා මගේ ස්වාමිපුරුෂයා ආරක්ෂක අමාත්‍යංශයේ සේවය කළ අතර එවකට එහි ලේකම්වරයා වශයෙන් කටයුතු කෙරේ වත්මන් ජනාධිපතිතුමාය. 2013 වර්ෂයේ ආණ්ඩු මාරුවෙන් පසුව එතුමාගේ මිනිහෙක් ලෙස ඔහු හංවඩු ගැසුණි. එසේ ලක් වීමට හේතු වූයේ ඔහු කවරෙකු යටතේ සේවය කළ ද ඔහුගේ සේවය උපරිම අයුරින් අවංක කැප කිරීමෙන් සිදු කළ බැවිනි.ඔහුගේ හැකියාවන් සහ කැපවීම යුධ හමුදා දිවිය තුළ විශේෂයෙන් ගෙවී ගිය දශකයේ යුද හමුදාපතිවරුන් පෞද්ගලිකවම සහ පැහැදිලිවම දන්නා දෙයකි .නම් සඳහන් නොකළ ද ඔවුන්ගෙන් සමහරක් ඔහු සැලකුවේ යුද හමුදාවට ලැබුණු වත්කමක් ලෙසය.

2014 න් පසුව රජය වෙනස් වීමත් සමගම ඔහුත් මගේ පවුලේ අයටත් දිගින් දිගටම බලපෑම් එල්ල වූ අතර අනෙකුත් පළිගැනීම්වලටද ලක් විය. ඒ සෑම අවස්ථාවකදීම ඔහුගේ සහෝදරයෙකු නොවුනත්, එක බඩවැල කඩා ආපු සහෝදරයෙකු බදු, එවකට ජනාධිපති වරයා වූ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තුමාගේ වත්මන් පෞද්ගලික ලේකම්වරයා සහ ඒ ඒ කාල වල ඔහුගේ ආයතන ප්‍රධානී වරුන් ඔහුගේ නිර්දෝෂිභාවය ඒ සෑම අවස්ථාවකදීම ඔප්පු කළේය. ඔවුන් හට හදවතින්ම මා ද මගේ ඔහු ද දරුවන් තිදෙනාද කෘතඥපූර්වකව ස්තුතිවන්ත වෙන්නෙමු.

කොතරම් තර්ජන මර්දන නඩු විමර්ශන අප හමුවට පැමිණිය ද මගේ ස්වාමිපුරුෂයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අත්නොහැර ඔහුත් සමග නිරන්තරයෙන් සිටියේ කිසිම ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් හෝ ඔහු අනාගත ජනාධිපති වේ යැයි වත් සිතා නොවේ. ඒ ඔහු තුළ තිබූ අවංකත්වය සහ ගරුත්වය නිසා පමණි.

නමුත් එතුමා ජනාධිපති වූ පසු අද වනතුරු ඔහු එතුමා පෞද්ගලිකව මුණ ගැසී නොමැත. අන් අය මෙන් පසුපසින් ගොස් වරදාන වරප්‍රසාද සහ තනතුරු ඉල්ලුවේ ද නැත. එතුමා ඔහු හට කතා කළේ ද නැත. අදටත් ඒ පිළිබඳ එතුමා සමඟ ඔහු හට කිසිම අමනාපයක් නැත. සෑම දේම සිදුවන්නේ ඉන් පසුවය.

2019 ජනාධිපතිවරණයෙන් පසුනම් ඉදිරියේදී සඳහන් කිරීමට බලාපොරොත්තු වෙන, දැනට නම් නොකියන පුද්ගලයින් කිහිප දෙනෙක් විසින් මගේ ස්වාමිපුරුෂයාටත් මටත් මගේ පවුලේ අයටත් බලය පාවිච්චි කරමින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කළේය මා එම නම් සඳහන් නොකරන්නේ රටේ දැන් පවතින තත්ත්වය අනුව එසේ නම් සඳහන් කිරීමෙන් ඔවුන් සිදුකළ නින්දිත හිරිකිත ලැජ්ජා සහගත සදාචාරාත්මක නොවන අසික්කිත ක්‍රියාවන් හේතුවෙන් ඔවුන්ට සිදු විය හැකි බලපෑම් නැවැත්වීමට ය.

ඔබ සියලු දෙනා දන්නා පරිදි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ ඔහු අතර බැඳීම ඉතාමත් සමීපය .ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගිරවුන් ගෙන් බෙන සෑදීම වළක්වා ගැනීමට ඔහු විසින් මහත් පරිශ්‍රමයක් යොදා පිළියම් සොයා චීනයෙන් කුරුලු විකර්ශන යන්ත්‍ර 2020 ජුනි මස 4 වැනි දින ලංකාවට ගෙනැවිත් අටමස්ථානාධිපති අවසරයි ගරුතර සිරිනිවාස නායක හාමුදුරුවන්ට එම මස 5 දින භාර දෙන ලදී.

එම සිදුවීම විකෘති කරමින් ජනාධිපති තුමාද නොමඟ යවා පුද්ගලයන් දෙදෙනෙක් විසින් පිළිකුල් සහගත ලෙස ඔහුගෙන් සහ අප පවුලෙන් පලි ගත්තේය. ඔවුන් එම ක්‍රියාන්විතය මෙසේ දියත් කළේය .

පළමුව ඔහු ජුනි මස 4 දින රාත්‍රියේ පසුදින ඇඳිරි නීතිය දින බැවින් ගුවන් තොටුපලට පැමිණි හොත් එම පාර්සලය නිදහස් කර ගැනීමට හැකියාවක් ඇද්ද යන්න ගුවන් තොටුපල හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ සභාපතිවරයාගෙන් විමසූ අතර පසුව ඔහු විසින් මගේ ස්වාමිපුරුෂයා කවුදැයි යන්න පිළිබඳව කවුදැයි යන්න අදාළ පුද්ගලයා ගෙන් විමසා ඇති අතර මාගේ ස්වාමිපුරුෂයා විසින් පාර්සලයක් ලංකාවට ගෙනා බව දැනගත් එම පුද්ගලයා සහ තවත් පුද්ගලයෙක් සත්‍ය සිදුවීම විකෘති කර ඇත්තේ රවින්ද්‍ර විසින් චීනයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලයේ නම සඳහන් කරමින් ජනාධිපති වරයාගේ උවමනාවකට බව කියමින් බලෙන් ලංකාවට පාර්සලයක් ගෙනවිත් ඇති බවත් එම පාර්සලය රේගුවට ද නොපෙන්වා හොර රහසේම ගුවන්තොටුපලින් පන්නා ඇති බවත් එම පාර්සලයලේ තිබ්බෙ කුඩු ද විස්කි ද යන්න මෙතෙක් තහවුරු නොකර ඇති බවත්ය.

ඔවුන්ගේ සුපුරුදු ශෛලිය භාවිතා කරමින් පළමුව ඔවුන් සති අග අරුණ පුවත්පතෙහි මුල් පිටුවේ ම "ජනපතිගේ නම විකුණලා කර්නල් වරයෙක් ගුවන් තොටින් පාර්සලයක් පන්නලා _ පරීක්ෂණයක් කරන්න ජනපතිගෙන් නියෝග' යන ශීර්ෂ පාඨය යටතේ විකෘති ප්‍රවෘත්තියක් පළ කර එය දෙරණ රූපවාහිනියේ පත්තරේ විස්තරය තුළින් කියවා ලංකාවටම ප්‍රසිද්ධ කර සමාජ මාධ්‍ය හරහා සහ නෙත් ගුවන් විදුලිය හරහා පුළුල් ප්‍රචාරයක් ලබාදුනි.

පසුව එම ප්‍රවෘත්තිය පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස යුද හමුදාවට, ශ්‍රී ලංකා රේගුවට සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට රාජ්‍ය මට්ටමෙන් දැනුම් දෙන ලදී .

ඒ අනුව මෙම පළිගැනීම් නිසා ඇතිවූ කම්පනය මත හදවත් සැත්කමකට ලක් කර සිටි මාගේ ස්වාමිපුරුෂයා සැත්කම් කර මසක් ගතවීමටත් ප්‍රථම ජීවිතයේ පළමු වරට යුද හමුදාවේ විශේෂ විමර්ශන ඒකකය විසින් විවර සිර අඩස්සියට පත්කර දින තුනක් රඳවා තබා ප්‍රශ්නකර පුළුල් විමර්ශනයක් සිදුකර අවසානයේ දී මාගේ ස්වාමිපුරුෂයා කිසිම ලෙසකින් ජනාධිපති වරයාගේ හෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ නම භාවිතා නොකර ඇති බවත් නිසි ක්‍රමවේදයට ගුවන් තොටුපලට පැමිණ අවසර පතක් ගෙන එම පාර්සලය රේගුවේ පරීක්ෂණයට යොමු කර රේගුවේ අවසරය මත නිසි ක්‍රමවේදයෙන් ගුවන්තොටුපලින් පිටව ගොස් ඇති බවත් මගේ ස්වාමිපුරුෂයා සියලූ වැරදි වලින් නිර්දෝෂී බවත් ප්‍රකාශයට පත් කළේය .ඉන් නොනැවතී මූලික පරීක්ෂණ උසාවියකටද මාගේ ස්වාමිපුරුෂයපැමිණවූ අතර එහි දී ද ඔහු නිර්දෝෂි බව ඔප්පු වී ඔහු නිදහස් විය.

රේගුවේ ද කළ පරීක්ෂණයේ එම පාර්සලය ඔහුගේ පෞද්ගලික ලිපිනයට ඔහු හට පැමිනි බවත් ඔහු විසින් රේගු පටිපාටියට අනුකූලව එම පාර්සලේ මුදා ගත් බවත් කිසිම ලෙසකින් මෙම ක්‍රියාවලියේදී ජනාධිපතිගෙ නම හෝ එම කාර්යාලයේ නම ඔහු භාවිතා නොකල බවත් ප්‍රකාශ කර සිටියේය.

තවත් එක් විශේෂ සිදුවීමක් වූයේ 2020 .6. 14 වන දින දිවයින පුවත්පතෙන් පළවූ 'ගෝඨාගේ හෝටලය බව කියමින් බොල්ගොඩ වැවේ ඉඩම් කුට්ටි කර කට්ටියකට හෝටලයක් හැදූ හමුදා මේජර්" (https://www.lankadaily.com/latestnews/item/11178-gothabaya-rajapaksha ) යන ශීර්ෂ පාඨය යටතේ මාගේ ස්වාමිපුරුෂයටත් මටත් මගේ පවුලේ අයටත් ඉතාමත් පිළිකුල් සහගත ලෙස පුවත්පතේ පිටුවක් පිරෙන්නට අසත්‍ය සහ අභූත චෝදනා පදනම්ව නිර්ලජ්ජිත ලිපියක් පල කරවීමයි. එම ලිපියට අදාළ ඡායාරූප 2020 අප්‍රේල් මස 21 වන දැඩි ලෙස ඇඳිරි නීතිය පැවත්වූ සහ රජයේ නිවාඩු දිනයක දහවල් මගේ නමට ඇති හෝටලයට පැමිණි ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාවේ P අර්ජුන ද සිල්වා, ඩබ්ලිව් ජේ එම් බන්දුසේන සහ K N K සිරිවර්ධන යන අය ගත් ඡායාරූප වේ.

එය එසේ කීමට හේතු වනුයේ ඔවුන්ගේ අවාසනාවට මෙම සිද්ධිය ප්‍රබල සාක්ෂියක් වන පුවත්පතේ පළවූ සහ දිවයින වෙබ් අඩවි වල පළවූ වර්ණ ඡායාරූපයෙ එම ඡායාරූපවල එම ඡායාරූප ගත් දිනය 20204 21 ලෙස පැහැදිලිව සටහන් වීමයි වීමය ( ඔබගේ දැනගැනීමට එම පුවත් පත සහ ඔවුන් විසින් 2020 .4 .21 හෝටලයට පැමිණි බවට සාක්ෂි සටහන් ලිපිය මෙම ලිපියට අමුණා ඇත)

දැනටමත් මෙම ලිපිය කාගේ වුවමනාවට කවුරුන් ලවා දිවයින පුවත්පතේ මාධ්‍යවේදියා උසස් ආයතන වෙත ගෙන්වා සාකච්ඡා කර අවසානයේදී ආයතනකදිම මීට අදාළ ඡායාරූප සහ අසත්‍ය තොරතුරු ලබාගෙන ඇත මේ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග අප විසින් ගන්නා බැවින් හඬ පට ආයතන වල නම් සහ පුද්ගලයන්ගේ නම් සඳහන් නොකරන්නෙමි.

පුවත්පත් ලිපිය පිළිබඳව සහ එහි සඳහන් කරුණු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ පානදුර උසාවියෙන් යුද හමුදාවෙන් සහ ශ්‍රී ලංකා රේගුවෙන් සිදුකරනු ලද පරීක්ෂණ වලින් අප නිදන් කොට නිදහස් කර ඇති පසුබිමක එසේ සඳහන් කරමින් පුවත්පත මගින් මා පුවත්පත මගින් මාගේ ස්වාමි පුරුෂයාට මට මගේ දරුවන් තිදෙනාට සහ අප ආයතනයට හට සිදු අනර්ථයට පුවත්පත වගකිය යුතු බවත් එම අසත්‍ය තොරතුරු ලබාදුන් තුන්වන පාර්ශවය කවරහුද යන්න පුවත්පත් මගින් රටටත් ප්‍රකාශ කරන ලෙස හෝ එසේ කිරීමට අපොහොසත් වුවහොත් මිලියන 100 ක වන්දි මුදලක් ඉල්ලා නීතිමය පියවර ගන්නා බවට එහි කර්තෘ අනුර සොලමන් මහතාට ලිඛිතව ලිපියක් ඉදිරිපත් කර අතර එම තුන්වන පාර්ශවයෙන් එන බලපෑම් හමුවේ ඔහු එම නම් හෙළි කිරීම අද දින සිදු නොකළේය.

පසුව සුපුරුදු ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දිවයින පුවත්පතේ පලවූ එම ලිපිය සම්බන්ධව පූර්ණ පරීක්ෂණ කරන ලෙස නියෝග කරවන ලදී. පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් හා විමර්ශන කොට්ඨාශය විසින් මගෙන්, මගේ ස්වාමිපුරුෂයාගෙන් රාජ්‍ය ආයතනවලින් සහ මහ බැංකුව හා සෙසු බැංකු සියල්ලෙන්ම සාක්ෂි සටහන් කරන්න විමර්ශනය ආරම්භ විය. කිසි දිනෙකවත් පොලිසියට නොගිය අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීමට ලක් කිරීම කිසිදා අමතක නොවන වේදනාකාරී අත්දැකීමක් වේ. මේ අතර මෙම ලිපිය හේතුවෙන් මගේ වැඩිමහල් දියණිය අධ්‍යාපනයට සමු දුන් අතර මානසික ආතතියට ලක් විය.

මෙම ලිපිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනය හේතුකොටගෙන බැංකුව විසින් අප හට අප ජීවත් වන නිවස සහ හෝටලය උගස්කර ලබාගත් ණය ලබාදීම නවතා දැමූ අතර ඉදිකිරීම් සියල්ල දැන් නතර වී ඇත නමුදු ලබාගත් ණය මුදල සඳහා සෑම දිනකම පොලි එකතු වේ. එකසිය පනහකට පමණ රැකියා සැපයීමට ඇති අවස්ථාවක් ලත් තැනම ලොප් කිරීමට ඔවුන්ට හැකි විය.

අවසානයේදී වසරකටත් වැඩි විමර්ශන කටයුතු අවසන්වීමෙන් පසුව. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් හා විමර්ශන කොට්ඨාශය මගින් එම ලිපියේ කරුණු අසත්‍ය බවත් බැංකු ණය මුදලක් ගෙන මෙම හෝටලය ඉදිකර ඇති බවත් ජනාධිපති වරයාගේ නම මගේ ස්වාමිපුරුෂයා විසින් අවභාවිතා කර නොමැති බවත් මගේ ස්වාමිපුරුෂයා නිර්දෝෂී බවත් ප්‍රකාශයට පත් කළේය (එම ලිපිය ද මේ සමග ඉදිරිපත් කරමි)(https://www.facebook.com/ravindra.meegamarachchi/posts/10220463469727141)

නමුත් ඒ වන විට ද සිදුවීමට තිබු සියලුම හානි සිදු වී අවසන්ය. අවසන් වශයෙන් නීතිපති දෙපාර්මේන්තුව සහ පානදුර උසාවිය වෙත කරුණු දන්වා අපගේ හෝටලයේ අනවසර ගොඩකිරීම සහ ඉදිකිරීම් ඇති බවට ප්‍රකාශ කර නඩු අංක 52069 යටතේ නඩු පවරා අවසානයේ දී අප විසින් කිසිම ගොඩ ගොඩ කිරීමක් සිදු නොකර ඇති බවත් අප විසින් හෝටලය මිලදී ගැනීමට ප්‍රථම තිබූ ඉදිකිරීමක කොටසක් පමණක් අනවසර බවත් එය කඩා ඉවත් කරන ලෙසත් දැනුම් දී අප එම නඩුවෙන් ද නිදහස් කළේය.

දැන් අපගේ හෝටලය සහ ඉඩම කිසිදු ආකාරයකින් නීතිය ඉදිරියට ගෙන යාමට ඔවුන්ට තවදුරටත් නොහැක. එම ඉදිකිරීම් කඩා ඉවත් කිරීම මගේ ස්වාමිපුරුෂයා විසින් එවකට සාධාරණීකරණ කරන ලද්දේ ජනාධිපතිතුමාට ප්‍රශංසා කරමිණි. එ එතුමාට බරපතළ පරිසර හානි සිදුකරන බවට එකල එල්ල වූ චෝදනා හමුවේ එතුමා හට අස්වැසිල්ලක් වීමටයි.
මා මේ ලිපිය සබැඳිව සියලු ලිපි වීඩියෝ පට මේ සමග ඔබගේ දැනගැනීමට ලක් කරමි. කෙදිනක හෝ මේ බලය අයුතු ලෙස පාවිච්චි කරන පාහරයන් නීතිය ඉදිරියට ගෙන එමි. සමහර රහස් මගේ ස්වාමිපුරුෂයා සමගම පොළොවට පස් වුණත් හෙළි නොකරන සහ ඒ සඳහා අනවශ්‍ය බියක් ඇති නොකර ගත යුතු බව ද අවසාන වශයෙන් දැනුම් දෙමි.

මාගේ මේ අනාවරණය සම්බන්ධව නොයෙකුත් පාර්ශව විසින් සිදු කරනු ලබන විග්‍රහ සම්බන්ධයෙන් මා වගකියන්නේ නැති අතර මෙය මා හට මුහුණු පොතක් නොමැති බැවින් මට මාගේ ස්වාමිපුරුෂයාට සහ පවුලේ අයට සිදු වූ අනර්ථය ස්වාමිපුරුෂයාගේ මුහුණුපොතෙහි කිසිවෙකුටත් හානියක් නොවන ආකාරයෙන් පළ කරන ලද මගේ අත්දැකීමක් පමණි.

ස්තුතියි.
හර්ශනි පෙරේරා

Last modified on Saturday, 18 June 2022 14:21

Leave a comment

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us