සහල් හිග කරමින් ,මිළ අධික කෙරූ කුට වෙළද මාෆියාව ! Featured

Sunday, 19 June 2022 19:32

මෙරට බත් ප්‍රධාන ආහාරය කොටගත් රටකි. එම නිසා සහල් කුමන හෝ හේතුවක් මත වේවා සහල් හිග වීම ,සහල් අධික මිළක් දැරීම බත ප්‍රධාන ආහාරය කොටගත් අප වැනි රටකට අතිශය ගැටළු සහගත ප්‍රශ්නයකි.

සහල් වෙළෙඳාමේ අසාමාන්‍ය මිලක් මෙකල ඇතැම් වෙළෙඳසල් ඇසුරෙන් දක්නට ලැබේ. ඇති තතු දන්නා කාටත් එය මවිතයට කරුණකි.
බොහෝ විට අධික මිලක් ගෙන ඇත්තේ ගොවියාගෙන් වී කිලෝවක් රුපියල් 100 -110ක් පමණ ගණනකට මිලට ගත් තත්ත්වයක් යටතේය. ඉන්ධන මිල ඉහළ යෑම් ආදියේ යම් බලපෑමක් තිබුණ ද මෙතරම් ඉහළ මිලක් පාරිභෝගිකයාගෙන් අය කිරීම අසාධාරණ බව සමාජ විශ්ලේෂකයන්ගෙන් ඇසේ.

එපමණක් නොව, 2015 වර්ෂයෙන් පසුව මෙරට වැඩිම වී අස්වැන්නට උරුමකම් කීමට මෙරටට මේ වසර මුලදී හැකියාව ලැබිණ. ඒ අනුව රජයේ මැදිහත් වීමෙන් ඉකුත් සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේදී ඇරඹිණි. ඒ අනුව සතොස සහ සමුපකාර සංගම්වලට වී අලෙවි මණ්ඩලයේ වී තොග රුපියල් 140ක් තරම් අඩු මිලකට අලෙවි කෙරිණි. වී සහල් බවට පෙරළා 145ක් තරම් මිලකට මහජනතාවගේ පරිභෝජනය පිණිස සහන මිලට අලෙවි කෙරිණි. වී අලෙවි මණ්ඩලයේ වැදගත්කම ඉන් මනාව වැටහේ.

ඒ කෙසේ වුවද, මේ වන විට ඇතැම් වෙළෙඳසල්වල උදෑසන දක්නට ලැබෙන මිල සවස් වන විට වෙනස් වී ඇත. අදහා ගත නොහැකි තරම් වැඩි වීමක් එකම දිනක් තුළදී වුවද දක්නට ලැබෙති.
මේ වන විට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ ඉල්ලීමට අනුව ඉන් ඉතිරි වී තොගය වන මෙට්‍රික් ටොන් 43,000 ක් පමණ සහන මිලට නැවත මහජනතාව වෙත සතොස සහ සමුපකාර සංගම් හරහා අලෙවි කිරීමට වී අලෙවි මණ්ඩලය කටයුතු කරයි. මේ වන විට එය ක්‍රියාත්මකය. ඊට අඩු අගයකින් ජනතාව ආර්ථික අපහසුතාවලින් පෙළෙන මේ අවස්ථාවේදී අඩු මිලට සහල් සැපයීමට රජය මැදිහත් වී ඇත.

මේ අනුව කැකුළු වී තොග වී අලෙවි මණ්ඩලීය තොග ගබඩාවලින් රුපියල් 192කට සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට මෙන්ම සමුපකාර සංගම් ආදියට ද සපයා දෙයි. ඉනික්බිතිව එම තොග සහල් කිරීමෙන් පසුව ප්‍රශස්ත ලාභයක් ද ඇතිව ජනතාවට 197ක මිලට සතොස හා සමුපකාර හරහා අලෙවි කිරීමට ද කටයුතු කර තිබේ.

නාඩු වී පිළිබඳ තත්ත්වය ද එසේමය. වී අලෙවි මණ්ඩලය නාඩු වී සමුපකාර සංගම් ආදියට මේ වන විට රුපියල් 194කට සපයා දෙයි. ඒ අනුව එම සංගම්, සතොස ආයතන නාඩු රුපියල් 199කට වෙළෙඳපොළේ අලෙවි කරයි. සම්බා සහ කීරි සම්බා පරිභෝජනය බස්නාහිර පළාත තුළ ඉතා වැඩි බව පර්යේෂණාත්මකව හෙළිකර ගෙන තිබේ. ඒ අනුව සම්බා වී අලෙවි මණ්ඩලයෙන් වී වශයෙන් රුපියල් 205ට මිල දී ගන්නා සමුපකාර සංගම් ආදියෙන් මේ වන විට රුපියල් 210කට අලෙවි කෙරේ. කීරි සම්බා වී රුපියල් 200ට ද වෙළෙඳපොළේ එම සහල් 215ට පමණ අලෙවි කෙරෙන්නේත් රජය, වී අලෙවි මණ්ඩලය හරහා රජය ජනතාවට සහන සලසමිනි. කෘෂිකර්ම අමාත්‍යංශයේ දත්ත අනුව සැලකිය යුතු වගා බිම් ප්‍රමාණයක වැඩ අරඹා ඇත. ගොවීන්ගේ ඉල්ලීමට අනුව ලබන මස මුලදී ඉන්දියාවෙන් යූරියා ඇතුළු රසායනික පොහොර ආනයනයට කටයුතු කරන බවට කෘෂිකර්ම ඇමැතිවරයා ඇතුළු රජය සහතික වෙයි. දෙපාර්ශ්වය ඒ වගට ගිවිසුම්ගත වී ඇත. දේශීය සහල් සඳහා පාලන මිලක් ද මේ වන විට ක්‍රියාත්මකය. රජය දැඩිව එය අනුගමනය කිරීමට තීරණය කර ඇත. පාරිභෝගික කටයුතු අධිකාරිය ඇතුළු බලධාරිහු නිතර ඒ පිළිබඳ සෙවිල්ලෙන් සිටිති. ජනතාව ආර්ථික අපහසුතාවලින් පෙළෙන මේ අවස්ථාවේදී අඩු මිලට සහල් සැපයීමට රජය මැදිහත් වී තිබීම පැසසුමට ලක් කළ යුතුය..

එසේම කීමට ඇත්තේ සහල් තොග සැඟවීමේ ජාවාරම දෙස බැලීමේදී එය නිරර්ථක කාර්යයක් වනු නියතය. කූට වෙළදුන්දැන ගත යුත්තේ තෙල් සගවමින් කරන ලබන ක්‍රියාව සහල් සදහා කල නොහැකි බවය. උපරිම වශයෙන් දෙමසක් වුව සහල් කල් තබා ගත නොහැකිය. අවසානයේ සිදු වන්නේ සහල් ඉවත දැමීමටය..එය ජාතික අපරාධයකි.

-මහේෂි

Leave a comment

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us