රට වළ පල්ලටම යවා, මළ කඳන් මතින් හෝ බලය ගැනීමට විපක්ෂය තීන්දු කරයි!   Featured

Tuesday, 21 June 2022 13:00

මෙම සතියේ පාර්ලිමේන්තු සැසිවාරය වර්ජනය කිරීමට සමගි ජන බලවේගයත්, ජනතා විමුක්ති පෙරමුණත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් තීන්දු කර තිබේ.

විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට පියවර ගෙන ඇත්තේ "ජනතා ප්‍රශ්න කතා නොකර කාලය සහ ධනය විනාශ කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව" පවසමින් යැයිද මාධ්‍ය වාර්තා පළව තිබේ.

ජනතා ප්‍රශ්න කතා නොකර කාලය සහ ධනය විනාශ කිරීම අලුත් තත්වයක් නෙවේ. ඒක හැමදාම තිබුණු විදිහය. පාර්ලිමේන්තුව කයිවාරු සභාවක් බවට නැතිනම් නාගඩම් මඩුවක් බවට පත් කරගත්තේ මේ දැන් වර්ජනය කරනවාය කියන පිරිසත් ඇතුලු 225 දෙනාමය. මිනිස්සු 225 ම එපා කියා පාරට බැස්සෙ ඒ ඇත්ත දන්නා නිසාය.

දැන් මේ විපක්ෂය අමුතු නාඩගමක් නටන්න ලැහැස්ති වෙන්නේ ඒ 225 ඇතුලෙ තමන් නැහැ කියන එක පෙන්වන්නටය. ඒත් මේවා විහිළුය. මේ පරණ නාඩගම් සංදර්ශන මිනිස්සුන්ට දැකලා ඇති වෙලා නිසා මේවායේ ඇති වැදගත් කමකකුත් නැත.

මේ අය පාර්ලිමේන්තුවේ සිටියාය කියා රටට, ජනතාවට සිදුවූ යහපතක්ද නැත. මිනිස්සුන්ට පුලුවන් වුණානම් පසුගිය මැයි 09 වෙනිදා ඔය පාර්ලිමේන්තු ගොඩනැගිල්ලත් අනිවාර්යෙන්ම බිමට සමතලා කර දමනු ඇත. එතරම්ම රට වැසියාට වින කරන ආයතනයක් බවට පාර්ලිමේන්තුව පත්කිරීම ගැන මේ 225 ම මුලුමනින්ම වගකිව යුතුවේ. අද ඒක වර්ජනය කළා කියා ඒ වගකීමෙන් ඒ කිසිවකුට ගැලවිය නොහැක.

අද රට මුහුණ දී තිබෙන ආර්ථික, දේශපාලනික සහ සමාජීය අර්බුද හමුවේ.. ඊට විසඳුමක් ඉල්ලා රට වැසියා පාරට බැස්සේ පාලකයන්ගෙන් පාර්ලිමේන්තුවෙන් සත පහක වැඩක් නැති නිසාය. රටේ මිනිස්සුන්ය ජනාධිපතිවරයා පමණක් නොව 225 මත් තොලොන්චි වෙලා පල කීවේ ඒකය.

රටේ ප්‍රශ්න විසඳා ගැනීමට ජනාධිපතිවරයාත් පැවැති පොහොට්‍ටු ආණ්ඩුවත් අසමත් වීම තුළ රට වැසියෝ අලුත් පාලකයෙක් අවශ්‍ය බව කීය. රටට වින කරපු වුන් සියල්ලෝ රට වැසියාගේ වෛරයට පාත්‍ර වී තිබේ. එහෙත් ජනාධිපතිවරයා ගියේ නැත. ඒ වෙනුවට විවිධ පාර්ශ්ව වලින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනගා මෙම අර්බුද කළමනාකරණයට පියවර ගන්නැයි ඉල්ලීම් ඉදිරිපත් විය.

ඒ ඉල්ලීම් කොතරම් දැඩිව ආවත් සජබය, ජවිපෙය, ශ්‍රි ලනීපය, දෙජාස යන විපක්ෂ පක්ෂ කීවේ ගෝඨා ඉවත් වෙන්නෙ නැතිව සර්වපාක්ෂික ආණ්ඩුවට එන්නේ නැති බවය. ඒ වගේම ඔවුන් ආවේ නැත. මේ මොහොතේ දේශපාලනයට වඩා රටට වෙන්න යන විකාශය හමුවේ ඒ මඟ හැර සිටීම කළ නොහැකි බව හෘදසාක්ෂියක් ඇති කිහිප දෙනෙකු විපක්ෂයේ සිටි අතර ඔවුන් තමන්ගේ දේශපාලනය අත් හැර ආණ්ඩුකරණයට සහය වී සිටී. අද කොහොම හරි අටවාගෙන දුවන ආණ්ඩුවක් රට වළපල්ලට යෑමේ වේගය අඩාල කරමින් මේකෙන් ගොඩයෑම ගැන අපේක්ෂා දල්වමින් තිබේ.

ගෝඨා ගියොත් විතරයි රටේ ප්‍රශ්න විසඳන්න තමන් සහය වෙන්නේ කියන නරුම කොන්දේසිය දමාගෙන විපක්ෂයට, වී පාර්ලිමේන්තුවට වී මේ ආණ්ඩුව කරන කරන දේට එරෙහිව කෑ කෝ ගසමින් , රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යටපත් කරමින්, ඊට විසඳුම් සොයා ගැනීමට ඇති ඉඩකඩ අහුරමින්, ඇත්තටම පාර්ලිමේනතුව විගඩම් මඩුවක් කරගෙන ඇත්තේ මේ විපක්ෂ කණ්ඩායම් කිහිපයයි.

ආණ්ඩුවක් නැතිව රට අරාජික වී, රට වඩාත් අනතුරු දායක තැනකට කඩාගෙන වැටෙමින් තිබියදී ඒ වලක්වා ලමින් පාර්ලිමේන්තුවේ එක ආසනයක් තියාගෙන අගමැති වගකීම රනිල් වික්‍රමසිංහ අතට ගත්තේ මෙරට දේශපාලන ඉතිහාසය තුළ සුවිශේෂී අවස්ථාවක් ආදර්ශයක් සහිටුහන් කරමිනි. පාර්ලිමේන්තුවේ බහුතරයකගේ සහය තිබ්බ නොතිබ්බා.. ඔහු බරපතල අවදානමක් දරමින්, මඩ අවලාද, ඉවසා දරාගනිමින් තමන්ගේ රටට ජනතාවට ඉ‍ටුවිය යුතු යුතුකම වගකීම අද සිදු කරමින් තිබේ.

හුදු පක්ෂ දේශපාලනය පැත්තකට විසි කර සමස්ත පාර්ලිමේන්තුවම මේ අර්බුද හමුවේ එකට එකතුවී වැඩ කළ යුතු බවට දිගින් දිගටම විද්වතුන්ගෙන්, බුද්ධිමතුන්ගෙන්, දේශපාලන සිහිබුද්ධියක් ඇති මිනිස්සුන්ගෙන් කෙරුනු ඉල්ලීම විය. පාර්ලිමේන්තුව තුළින් විසඳුමක් සොයාගත යුතු බව මේ අය පෙන්වා දී තිබිණි.

ඒ වෙනුවෙන් පෙරමුණ ගත්තේ රනිල් වික්‍රමසිංහය මිසක් පාර්ලිමේන්තුවෙන් වැඩක් නෑ කියමින් ඒ වර්ජනය කරන තක්කඩි විපක්ෂය නොවේ. මේ විපක්ෂය දැනටත් කල්පනා කරමින් ඉන්නේ මේ අර්බුද මතින් මිනිසුන්ගේ මළ කඳන් මතින් හෝ ඉදිරි මහ මැතිවරණයෙන් තමන්ගේ පාර්ලිමේන්තු ඔලුගෙඩි ගාන කීයකින් හෝ වැඩි කරගැනීම ගැන පමණය.

මේ සියළු දෙනා මේ මොහොතේ මහ මැතිවරණයක් ඉල්ලා කෑ ගසන්නේ ඒ් නිසාය. ඒත් මේ අවස්ථාවාදී නරුම තක්කඩියන් මේ මහපොළොවේ කැකෑරෙන යථාර්ථය දන්නේ නැත. යම් ලෙසකින් මැතිවරණයක් කැදවා මේ තක්කඩියන් ඡන්දය ඉල්ලමින් මිනිස්සු අතරට එන්නේ කොහොමදැයි තවමත් කල්පනා කර නැත. මිනිස්සු එළව එළවා ගහලා පන්නන විට ඒ අවබෝධය ඔවුන්ට ලැබෙනු ඇත.

පාර්ලිමේන්තුව වර්ජනය කිරිමේ නාඩගම පැහැදිලිවම මේ රට ජනතාව නැවැත ගොනාට ඇන්දවීමේ තවත් උත්සාහයක් පමණි. එයින් රටටවත් ජනතාවටවත් වෙන සෙතක් නැත. නමුත් මේ ඇන්දිල්ල ගැන දැන් ජනතාව දැනුවත්ය.

මේ මොහොතේ පාර්ලිමේන්තුව වර්ජනය කර ආණ්ඩුව මොන ක්‍රමයකින් හෝ රට ඛේදවාචකයක් දක්වා ඇදගෙන වැටීම වලැක්වීම වෙනුවෙන් ගන්නා පියවරයන් කඩාකප්පල් කිරීම හැර මේ වර්ජනයෙන් වෙනත් කිසිවක් වන්නේ නැත. ආණ්ඩුවට සහය දෙන්න නොහැකි නම් අඩුම තරමින් ජනතාව වෙනුවෙන් ගන්නා පියවරයන් කඩාකප්පල් නොකර සිටීමට තරම් හෝ සදාචාරයක් විපක්ෂයට නැති වීම රටේම අවාසනාවකි.

ඔවුන්ට අවශ්‍ය අර්බුද තව තවත් අර්බූදයටම යවා.. මහා විනාශයකින් පසු රටේ බලය අත්පත් කරගැනීමෙ කෑදර ආශාව පමණි. වෙන්ත කිසිවක් මේ විපක්ෂයේ තීන්දු තිරණ තුළ නැත. ඒ ඉතා පැහැදිලි ඇත්තකි.

 

 

the novemberist

Last modified on Tuesday, 21 June 2022 13:04

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us