ජනතා සහාය ඇත්නම් මේ අර්බුදයත් ගොඩ ! Featured

Tuesday, 21 June 2022 13:24

රටේ ආර්ථික අර්බුදය තුළ ඉන්ධන ගැටලුව අන් සියල්ල ඉක්මවා හිණිපෙත්තට නැග තිබේ. එවැනි පසුබිමක මේ වන විට රටේ දෛනික ජන ජීවිතයට දරුණු බලපෑමක් එල්ල වී ඇති අතර අදින් එළඹෙන සතිය තුළ ඒ බලපෑම තීව්‍ර වන තත්ත්වයක් පෙන්නුම් කෙරේ.

සාමාන්‍ය පොදු ප්‍රවාහන සේවාවන්හි සිට අනෙකුත් සෑම ක්ෂේත්‍රයකම බරපතළ කඩා වැටීමක් මේ වන විට සිදුව ඇත. තෙල් ආනයනය කරන ලොව සෑම රාජ්‍යයක්ම තම රටෙහි ආනයනික කටයුතු සඳහා වැඩි වශයෙන් මුදල් යොදවනු ලබන්නේ ද ඉන්ධන සදහාය. එවැනි රාජ්‍යයන් සමඟ ශ්‍රී ලංකාවට ද මේ තුළ මුහුණ දීමට සිදුව තිබෙන්නේ බරපතළ අභියෝගයකටය.

මේ වන විට පවතින තෙල් අර්බුදය හරහා නිර්මාණය වූ තවත් අර්බුද රැසකි. ආර්ථික හා ඉන්ධන අර්බුදය හරහා පාසල් ළමයින් මෙන්ම ගුරුවරුන් පාසල් කරා පැමිණීම පසුගිය දිනවල විශාල වශයෙන් අඩු වෙමින් තිබිණි. මෙවැනි පසුබිමක් තුළ මේ වන විට ප්‍රධාන නගරයන්හි පාසල් වසා තැබෙන අතර අනෙකුත් පාසල්හි කටයුතු පළාත් මට්ටමේ අධ්‍යාපන බලධාරීන්ට පවරා තිබේ. මෙයට විකල්පයක් ලෙස "ඔන්ලයින්" අධ්‍යාපනය මඟින් ඉගැන්වීම් ක්‍රියාවලිය යළිත් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කළද එයට පවතින බාධා සුළු පටු නොවේ.

කෙසේවෙතත් මේ පිළිබදව දැඩි අවධානයක් යොමු කරන රජය පසුගියදා තීරණය කෙරුනේ ගුරුවරුනට සහ පාසල් සේවා වාහන සඳහා ඉන්ධන සහනාධාරයක් දීමට ය. මේ යෝජනා නුදුරේදීම ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ. එය මේ මොහොතේ රජය විසින් ගත් වටිනා තීන්දුවකි.

එසේම සෞඛ්‍ය පද්ධතිය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පැමිණෙන කාර්ය මණ්ඩලයන්හි විශාල අඩුවක් ඉන්ධන අර්බුදය හේතුවෙන් දැන් සිදු වෙමින් පවතී. වසර දෙක හමාරක පමණ ගෝලීය කොවිඩ් අර්බුදයට බරපතළ ලෙස මුහුණ දෙමින් මේ වන විට එය මුළුමනින්ම පාහේ පාලනය කර ගැනීමට හැකිව තිබේ.

එහෙත් මේ වන විට ඇතිව තිබෙන අර්බුදය හරහා රටෙහි අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර ගණනාවක අර්බුදකාරී තත්ත්වයන් මතුව තිබේ. කොවිඩ් ව්‍යසනයට සාර්ථකව මුහුණ දුන් අයුරින්ම වත්මන් අර්බුදයට ද සාර්ථකව මුහුණ දිය යුතුම වේ.

මේ සදහා ජනතා සහය අත්‍යවශ්‍යම කාලයක් දැන් එළඹී ඇත..ජනතාවගේ සන්සුන් බව,බුද්ධිමත් බව තුළින් මේ අර්බුදය කෙටි කාලයක් තුළ පහසුවෙන් ජය ගත හැකිය..එහෙත් ආවේගශීලි වුවහොත් මේ අර්බුදයට කිසි සෙත් විසදුම් ලැබෙන්නේ නැත..පසුගිය කාලය තුළ ජනතාවගේ ආවේගශීලි ක්‍රියාකලාපයන් නිසා රටට සිදු වූ අලාභ හානිය සුළුපටු නොවන්නේය..එය රටට යන්න වඩා සුදුසුම වචනය තම තමන්ට යැයි කීම වඩා උචිතය. වගකීම් විරහිත මුග්ධ ක්‍රියාකලාපයන් තුළින් තව තවත් මේ අර්බුධය තුලම අපට කාලාන්තරයක් ජිවත් වන්නට සිදු වෙනවා හැර වෙන සිදුවන දෙයක් නොමැත. ඇති හැකි අයට විදෙස් ගත වන්නට හැකියාව පැවතියත් බහුතරයකට ජීවත්වන්නට සිදුවන්නේ මේ රට තුලමය..

එම නිසා පළමුව ජිවත් වීමට රටක් අවශ්‍ය බව ආවේගශීලි ජනතාව ගත යුතුය..කොවිඩ් වැනි දරුණු අර්බුදයකින් ගොඩ ආ අප වැනි රටකට මේ අර්බුදයෙන් ගොඩ ඒමට බැරි නැත..එය මැනවින් අවබෝධ කර ගනිමින් ඉවසීමෙන් මේ අර්බුදය ජය ගැනීමට සහාය දීම ශ්‍රී ලාංකිකයන් ලෙස ඔබේ යුතුකමක් වන්නේය.

 

-මහේෂි

Leave a comment

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us