ඕස්ට්‍රේලියාවෙන් ,චීනයෙන් ,ඇමරිකාවෙන් සහන රැසක් ! ඒ පමණක් මදිය.

Tuesday, 21 June 2022 19:53

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහා චීනයේ නියෝජ්‍ය තානාපති Hu Wei මහතා අතර අද උදෑසන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යාලය දි පැවත්වුණි. ශ්‍රී ලංකාව "එක් චීනයක්" ප්‍රතිපත්තිය පිළිබඳ අග්‍රාමාත්‍ය එහිදී පැහැදිලි කළේය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව චීනය සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවද අගමැතිවරයා පැවසීය.


ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන් පිළිබඳව සොයා බැලූ චීන නියෝජ්‍ය තානාපතිවරයා, ආහාර අර්බුදය සමනය කිරීම සඳහා චීනය ශ්‍රී ලංකාවට සහල් පරිත්‍යාග කරන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ට නැවත සහතික විය.

මේ අතර සෞඛ්‍ය සහ ආහාර අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් රුපියල් කෝටි 1,250ක (ඔස්ට්‍රේලියන් ඩොලර් මිලියන 50) හදිසි ආධාරයක් ශ්‍රී ලංකාවට දීමට ඔස්ට්‍රේලියා රජය පියවර ගෙන තිබේ.

වසර 70කට පමණ පසුව ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර එය ආහාර, වෛද්‍ය සැපයුම් සහ ඉන්ධන ආදී අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් දක්වා වර්ධනය වී තිබෙන බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර සමීප හා දිගු කාලීන සබඳතා පවතින බව පෙන්වා දෙන එම මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවේ ජනතාවට අවශ්‍ය අවස්ථාවන්හි දී උපකාර කිරීමට සහාය දෙන බවද මෙම අර්බුදය අඛණ්ඩවම පවතින්නේ නම් කලාපයටම බරපතළ තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ මිලියන තුනක ජනතාවට ඔවුන්ගේ දෛනික පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා හදිසි ආහාර ආධාර වශයෙන් ලෝක ආහාර වැඩසටහන සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 22ක් දීමට පියවර ගෙන තිබෙන බවද 2022-2023 වර්ෂවල සංවර්ධන ආධාර වශයෙන් ඔස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 23ක් දීමට පියවර ගෙන තිබෙන බවද කියා සිටී.

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය තවත් ඩොලර් මිලියන 5.75 ක ප්‍රධානයක් ලබා දීමට තීරණය කර ඇති බවට මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලය අද නිවේදනය කර තිබේ. ඒ මෙරට ආර්ථික අර්බුදයෙන් පිඩාවට පත් ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙනි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඉදිරියේදී මාණ්ඩලික මට්ටමේ එකගතාවක් ඇති කර ගත හැකි බවත් පසුව ඔහුන් සමග යෝජිත වැඩසටහන ඇරඹීමට හැකි බවත් තමන් අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් මෙරට බලධාරීන් සමග ලබන 30වැනි දින දක්වා සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ඉංදියානු ආධාර තවදුරටත් අඛන්ඩව මෙරටට ලැබීම මෙ මොහොතේ රටට ලැබුණු විශාලම අස්වැසිල්ල වී තිබේ.

මේ සියලු පරිත්‍යාගයන් රටේ අර්බුදය සමනය කර ගැනීමට මනා පිටුවහලක් වනු ඇත..ඉදිරියටත් සහන ලබා ගැනීම වෙනුවෙන් රජය තවදුරටත් ජාත්‍යන්තර මට්ටමින් සාකච්ඡා පවත්වමින් සිටි..
කොරෝනා අර්බුදයෙන් ගත් රටක් ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට බැරි නැත..අවශ්‍ය වන්නේ සියලු ජාතීන්ගේ සමුහිකත්වයත් ,ඉවසීමත් ,සහයෝගයත් පමණි..

කොහොම නමුත් මේ ජාත්‍යන්තර ආධාර උපකාර මත ශ්‍රී ලංකාවට හැමදාම පවතින්නට නොහැකිය. මේ සහයෝගය රටට ලැබෙන්නේ මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ලබා දෙන මිත්‍රත්වයේ සහයක් ලෙස පමණි. රටට අහිමි වූ ආදායම් යළි අත්පත් කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය වැඩ සටහන් අප සකසා ගත යුතුය. ඒ නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතුය.

මෙය තනිවම කිසිදු පාලකයකුට කළ හැක්කක් නොවේ. මේ වෙනුවෙන් වන වගවීම ජනතාව තුළින්ද විය යුතුය. අද මුහුණ දෙන සියළු පීඩාවන් ඉවසා දරා ගෙන අනාගතය ගොඩනංවා ගැනීමට අප සියළු දෙනා අදිටන් කර ගත යුතුය. මේ වෙනුවෙන් කැපකිරීම කළ යුතුය. එහෙත් මේ සියල්ල සිදුවන්නට නම් පාලක පක්ෂයද එලෙසම අවංකව මේ වෙනුවෙන් කැප විය යුතුය. පාලක පාලිත දෙකොට්ඨාෂයම ඒ අවබෝධයෙන් විශ්වාසයෙන් වැඩ කිරීම අනිවාර්ය අවශ්‍යතාවයකි.

-මහේෂි

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us