පරිසරය රකින්න නීතිය ක්‍රියාත්මක කරපු, ජනාධිපති ගෝඨා ගැන රවීන්ද්‍ර මීගමාරච්චි තැබූ සටහන

Published in පුවත්
Tuesday, 23 March 2021 13:16

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික කාර්ය මණඩලයේද කටයුතු කළ යුධ හමුදා නිලධාරියෙකුද වන ජනාධිපතිවරයාගේ හිතවතෙක් වූ ජනප්‍රිය ගායක රවීන්ද්‍ර මීගමාරච්චිගේ පවුලේ ව්‍යාපාරයකට අයත් බොල්ගොඩ ගග ආසන්නයේ තිබූ හෝටලයක් පරිසර නීතිවලට අනුකූලව කඩ ඉවත් කිරීම ගැන ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

එහිදී තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කෙතරම් හිතෛශිවන්තයෙක් වුවද තමාගේ හිතවත්කමට වඩා පරිසරය රැකීමේ අවශ්‍යතාවය නිසා නිසි ලෙස නිතිය ක්‍රීයාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව ඔහු ඔහුගේ සටහන මඟින් පෙන්වා දෙනවා.

සිය හිතවත්කමට වඩා පරිසරය රැකී ජනාධිපති ගෝඨාභය ගැන ජනප්‍රිය ගායක රවීන්ද්‍ර මීගමාරච්චි සිය මුහුණු පොතේ තැබූ සටහන පහතින්,

ජනාධිපතිතුමා, පරිසරය, නීතිය සහ මම.

“සත්‍ය වෙනුවෙන් පෙනී සිටීම කඩේ යාමක් නොවන බවට පසක් කරමින් මෙසේ සටහන් තබමි. පෞද්ගලික අරමුණු වෙනුවෙන් පුද්ගලයන් කීප දෙනෙකුන් විසින් සංවේදී ප්‍රදේශ කීපයක ඔවුන්ගේ සහ ඔවුන්ගෙන් නොවන ඉඩම් වල නිසි පරිසර ඇගයීමක් කර හෝ නොකර සිදුකරනු ලැබූ පරිසර වි නා ශයන් සහ යටිතල පහසුකම් සංවර්ධනයේදී පරිසර ශක්යතා වාර්තාවට අනුකූලව කිරීමට සිදුවන අවම පාරිසරික වෙනස්කම් දඩමීමා කරගත් අවස්ථාවාදීන් රටේ නායකත්වයට ඇඟිල්ල දිගු කරමින් ප්‍රසිද්ධ හා සමාජ මාධ්‍ය තුළ රගදක්වන හිරිකිත මෙගා නාටකය සැබවින්ම බොරුවක් බව මා කියන්නේ මාවම උදාහරණයට ගනිමිනි.

ජනාධිපතිතුමා ගහකොළ සතා සිවුපාවා සහ පරිසරයට ඇති ආදරය මා ඇසින් දැක අත්වින්දේ එතුමා ආරක්ෂක ලේකම් වරයා වශයෙන් සේවය කරන අවධියේ සිටය . රටේ විවිධ ප්‍රදේශයන්හි නොයෙකුත් ව්‍යාපෘති සඳහා කපා ඉවත් කළ යුතු ගස් වල අත්තක්වත් කපා ඉවත් නොකර විශාල පරිශ්‍රමයක් දරා කොළඹට ගෙනවිත් නැවත සිට වූයේය Root Balling ලංකාවට හඳුන්වා දෙමිනි.එක රැයින් සිට වුණු රූස්ස ගස් වලින් කොළඹ අහස යට පොළොවට සෙවණක් විය , කොළ ඇල දිය නිල් දිය විය. මා තවදුරටත් අතීතය ආවර්ජනය නොකරමි.

පරිසරය දැන හෝ නොදැන කිසිවකු විසින් විනාශ කළේ නම් ඔවුනට නීතියෙන් එයට දිය යුතු දේ ලැබෙන බව මා සක්සුදක් සේ දනිමි. මක්නිසාදයත් වර්තමානයේ ඒ සඳහා හොඳම නිදසුන මා නිසා වූ බැවිනි. ජනාධිපතිතුමා මා නොදන්නා මා නොහදුනන පුද්ගලයෙක් නොවන බව සත්‍යයකි. නමුත් නීතිය සැමට එකසේ පොදුය .

පෞද්ගලිකව මට හානියක් වූවද කීප දෙනෙක් පමණක් දන්නා මේ සත්‍යය කතාව දෙවරක් නොසිතා අද සමාජය හමුවේ මා ප්‍රකාශ කර සිටින්නේ ජනාධිපති තුමා හිතවත් කම් වලට වඩා පරිසරයට ආදරය බව උදාහරණ ඇතිව පෙන්වා දිමටය .

2016 වර්ෂයේ දී අප පවුලේ ව්‍යාපාරයකට බොල්ගොඩ ගග ආසන්නයේ හෝටලයක් එක්කර ගන්නේ ඒ වන විටද දීර්ඝ කාලයක සිට ගඟ රක්ෂිතයේ ඉදිවී තිබූ ඉදිකිරීම කීපයක් ද සමගය.පසුව අප විසින් එම ඉදිකිරීම්ද නවීකරණය කිරීමට පියවර ගත් අතර නිසි අවබෝධයකින් තොරව 2016 සිට 2020 දක්වා කාලය තුළ යම් යම් නවීකරණ කටයුතු ගඟ රක්ෂිතයේ සිදු කරන ලදී. බොල්ගොඩ ගඟට මායිම්ව ඇති හෝටල් වල ගඟ රක්ෂිතයේ අඩුවෙන්ම ඉදිකිරීම් පැවතුණේ මෙහි වන අතර ඒවා ද අවුරුදු 25ක සිට පැවත ආ ඉදිකිරීම් විය. නමුත් 2008 වර්ෂයේ පරිසර පනත සංශෝධන වීමත් සමග මෙම ඉදිකිරීම් අනවසර විය. ජනාධිපතිතුමා බලයට පත්වී මාස කීපෙකට පසුව එම ඉදිකිරීම් සබැඳිව පානදුර දිසා අධිකරණයේ නඩුවක් ගොනු කර අතර අනවසර ඉදිකිරීම් සහ ගඟ ආසන්නයේ තිබූ ගොඩනැගිලි සියල්ල ඉවත් කරන ලෙස ගරු අධිකරණය විසින්දැනුම් දෙන ලදී. (නඩු තීන්දුව පහලින්) නායකත්වයට ද රටේ නීතියට ද ගරු කරමින් අප විසින් එම ඉදිකිරීම් ඉවත්කර ගන්නා ලදී. (ඡායාරූප පහලින්)

එක රටක් එක නීතියක් මෙන්ම පරිසරයට ආදරේ කරන නායකයෙකු ඉදිරියේදී හිත මිතුරුකම් කිසිත් නැත. ඔහු ආදර්ශමත් නායකයෙකි. නීතිය එක රැයින් ක්‍රියාත්මක කළද තීන්දුව ලැබීමට කෙටි කාලයක් ගතවේ .එදිනට ඔහු පරිසර හිතකාමි සැබෑ නායකයකු බව ඔබට වැටහෙනු ඇත.දැන හෝ නොදැන පරිසරය විනාශ කරන්නන්ට තරාතිරම හිතවත්කම් නොබලාම දඬුවම් දීමෙන් නොනැවතී එම පරිසර පද්ධති යථා තත්ත්වයට පත්කිරීමටද ක්‍රියාකරන බව විල්පත්තු නැවත වගා කිරීමට ලබාදුන් නඩු තීන්දුවෙන් මනාව පැහැදිලි වනු ඇත.තවදුරටත් ඊනියා මතධාරි අසත්‍ය ප්‍රචාරකයන්ට නොරැවටී සත්‍යය හඹා යෑමට මෙම කාලීන ආදර්ශය හොඳම උදාහරණය වේ යැයි සිතමි .

n2n3n1

Last modified on Tuesday, 23 March 2021 13:20

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us