පසුගිය යහපාලන යුගයේදී හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ ඇතිරේක ලේකම් වරයකු ලෙස කටයුතු කළ ඒ මහතා එවකට රක්නා ආරක්ෂක ලංකා සමාගමෙහිද සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර පසුව 2018 වසරේ ඔක්තොබර් 26 වෙනිදා සිදුවූ ආණ්ඩු වෙනසත් සමඟ ජනාධිපතිවරයා විසින් ඔහුව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස වැඩ බැලීමට පත්කරනු ලැබිය.
වත්මන් ජනාධිපතිව ගෝඨාභය රාජපක්ෂගේ පත්වීමෙන් පසුව 2020 ජනවාරියේදී නාලක කළුවැව මහතා ප්රවෘත්ති අධයක්ෂ ජනරාල් ලෙස කැබිනට් අනුමැතියකින් එම තනතුරෙහි ස්ථීර කරනු ලැබීය.
කෙසේ නමුත් ඔහුගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් හේතුවූ කරුණුකාරණා මෙතෙක් දැනගැනීමට නොමැත .
-පංචාලි අබේසේකර