රූපලාවන්‍ය ද්‍රව්‍ය ගෙන්වීමේ දී නිසි ක්‍රමවේදයක්

Published in පුවත්
Tuesday, 23 March 2021 12:48

රූපලාවන්‍ය ද්‍රව්‍ය ගෙන්වීමේ දී නිසි නියාමනයක් සිදුවිය යුතු බැවින් ඉදිරියේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ක්‍රමවේදයක් ඉදිරිපත් කරන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් අද(23) පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබෙනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සුවඳ විලවුන් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසාමිල් විසින් ඉදිරිපත් කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්ය.

රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමේදී, යම් නියාමනයකට අනුව එය සිදු කළ යුතු බවත් සමේ ආලේපනය කරන මෙම සංවේදී ද්‍රව්‍ය ප්‍රමිතියකට අනුව ආනයනය කළ යුතු බවත් ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යංශය සමග එක් වී මේ සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.

රූපලාවන්‍ය ද්‍රව්‍යය ආනයනය කිරීම පසුගිය වසර කිහිපයේ සියයට සියයකින් වැඩි වී ඇති බවත් 2015 වසරේ ජාතික ඖෂධ නියාමන පනතෙන් රූපලාවන්‍ය ද්‍රව්‍ය නියාමනය යන පරිච්ඡේදය සම්පූර්ණයෙන් ඉවත් කර ඇති බවත් කිසිදු නියාමනයකින් තොරව රූපලාවන්‍ය ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇති බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උවමනාව මත මෙය සිදු වී ඇතැයිද මොහොමඩ් මුසාමිල් මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us