"හෙළ සළු පියස" පුහුණු මධ්‍යස්ථානයක් පන්නලදී විවෘත කෙරේ

Published in පුවත්
Tuesday, 23 March 2021 12:40

"හෙළ සළු පියස" පුහුණු මධ්‍යස්ථානයක් ඊයේ (22) දින පන්නල දී බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව යමින්සංකල්පයක් මත බතික් සහ අත්යන්ත්‍ර කර්මාන්තය ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණ පෙරදැරිව මෙම "හෙළ සළු පියස" පුහුණු මධ්‍යස්ථාන ඇති කිරීමේ සංකල්පය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

"හෙළ සළු පියස" නමින් ආරම්භ වන මෙම මධ්‍යස්ථානය සුවිශේෂී තැනක් ගන්නේ මෙය බතික් සහ අත්යන්ත්‍ර යන ක්ෂේත්‍ර දෙක ම ජනතාව හට පුහුණුව ලබා දෙන ස්ථානයක් මෙන්ම අමුද්‍රව්‍ය යෙදවුම් ලෙස ලබා දී ලැබෙන නිමවුම අළෙවි කරන අවසන් ක්‍රියාව දක්වාම සිදු කරන සියල්ලම කැටිකොට ගත් සුවිශේෂී පුහුණු මධ්‍යස්ථානයකි.එසේම පන්නල ප්‍රදේශය අවට පුළුල් වපසරියක් තුල ඇති ස්වයංක්‍රීය නූල් එතුම් යන්ත්‍රය ඇත්තේ ද මෙම මධස්ථානයේය.

මෙම මධ්‍යස්ථාන පරිශ්‍රයට නව මුහුණුවරක් ලබා දීමට බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය, කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් තාක්ෂණය ආයතනය එක්ව කටයුතු කර ඇති අතර ග්‍රාමීය ජනතාවගේ ජීවන මට්ටම ඉහළ තත්ත්වයකට ගෙන ඒමට මෙම සංකල්පය මහත් පිටුවහලක්ද වනු ඇත.

මෙවැනි බතික් වගේම අත්යන්ත්‍ර පුහුණු,නිෂ්පාදන හා අළෙවි මධ්‍යස්ථාන දිස්ත්‍රික්කයකට එක බැගින් ලබා දීමට කටයුතු කරනබවත්,මෙම ඇගළුම් ක්ෂේත්‍රයෙහි ඇතිව තිබෙන නව ප්‍රවනතාවය අනුව ඉදිරි පස් අවුරුද්ද තුළ දිවයින පුරා බතික් පුහුණු මධ්‍යස්ථාන 200ක් ඇති කිරීමටද කටයුතු කරන බවත් මේ වන විට මධ්‍යස්ථාන 4ක් ස්ථාපිත කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us