සිංහරාජයේ වැව් දෙකක් ඉදිකෙරෙනවා යැයි කියන මධ්‍ය ප්‍රචාරය බොරුවක් - චමල්  

Published in පුවත්
Tuesday, 23 March 2021 12:31

සිංහරාජ රක්ෂිත වනාන්තරයේ වැව් දෙකක් ඉදිකිරීමට සැළසුම් කර තිබෙන බවට ඇතැම් මාධ්‍ය වැරදි ප්‍රචාර ගෙන යන බවත් නිවැරදිව කෙරෙන්නේ කුමක්දැයි සොයා බලා වාර්තා කළ යුතුයැයි ද වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙනවා.

සිංහරාජ රක්ෂිත වනාන්තරය ආශ්‍රිතව වැව් දෙකක් ඉදිකිරීමට සැළසුම් කර ඇති බවත් මෙය වසර ගණනාවක සිට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු යෝජනාවක් බවත් රටේ ජනතාව අවුස්සන්නේ නැතිව නිවැරදිව කෙරෙන්නේ කුමක්දැයි සොයා බලා වාර්තා කළ යුතුයැයිද අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(23) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිණි.

මීට වසර 90කට පමණ පෙර සිට කළු, ගිං, සහ නිල්වලා ගංගා වල වතුර ඊසාන දෙසට ගෙනයාමේ සැළැස්මක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු වූ බවත් එහෙත් කිසිදු රජයක් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවූයේ නැති බවද අමාත්‍යවරයා කීය. ජල පිපාසයෙන් පීඩාවට පත් වූ විශාල ජනතාවක් එම ප්‍රදේශ වල සිටින බවත් තවද ගං වතුර වළක්වා ගැනීමද මෙහි අරමුණ පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම ව්‍යාපෘතිය කවදා හෝ සිදුකළ යුතු ව්‍යාපෘතියක් බවද කීය.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සහ එමගින් විශාල හානියක් සිදුවන්නේද යන්න පිළබඳව අධ්‍යනය කරන ලෙස යුනෙස්කෝවෙන්ද ඉල්ලා ඇති බව අමාත්‍යවරයා පැහැදිළි කළේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us