ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව සම්මතයි

Published in පුවත්
Tuesday, 23 March 2021 16:48

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද පවත් වූ අතර එය මිට සුළු වෙලාවකට පෙර සම්මත විය.

එම යෝජනාවට පක්ෂව රටවල් 22ක් ඡන්දය ප්‍රකාශ කළ අතර, ඊට විරුද්ධව රටවල් 11 ක් සිය ඡන්දය ප්‍රකාශ කළේය.

තවත් රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධ මධ්‍යගත කණ්ඩායම මෙම යෝජනාව කෙටුම්පත් කර ඉදිරිපත් කර අතර 46 /1 ලෙස මෙම යෝජනාව නම් කර ඇත.

එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැස්ඩෝනියාව ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව චෝදනා ඇතුළත් කරමින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට යෝජනාව ඉදිරිපත් කර ඇත.

මෙරට මානව හිමිකම් කඩවීම් පිළිබඳව චෝදනා ඇතුළත් කරමින් එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමයි අද ආරම්භ වුයේ.

යෝජනාව පරාජය කිරීමට නම් ශ්‍රී ලංකාව සාමාජික රටවල් 47ක් අතුරින් 24ක ඡන්දය දිනාගත යුතුව තිබිණි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී, මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගියදා ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් ඉකුත් පෙබරවාරි 25 වනදා රටවල් 38ක නියෝජිතයින් සිය රටවල නිල ස්ථාවරය පැහැදිළි කළේය.

එහිදී එක්සත් රාජධානිය, ප්‍රංශය, අමෙරිකා එක්සත් ජනපදය, නොර්වේ රාජ්‍යය, කැනඩාව, ස්විට්සර්ලන්තය,බෙල්ජියම, නෙදර්ලන්තය, අයර්ලන්තය, ඇතුළු රටවල් 15ක් මහ කොමසාරිස්වරියගේ වාර්තාවට පක්ෂව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය විවේචනය කරමින් අදහස් පළකර තිබුණි.

කෙසේවෙතත් චීනය, පකිස්තානය, ඉරානය, සිරියාව, රුසියාව, කියුබාව, ලාඕසය, වියට්නාමය, පිලිපීනය ඇතුළු රටවල් 21ක් අදහස් පළ කර තිබුණේ මහ කොමසාරිස්වරියගේ වාර්තාවට එකඟ නොවන ස්ථාවරයක සිටිමින් ශ්‍රී ලංකාවට පක්ෂවය.

ජපානය සහ අසල්වැසි ඉන්දියාව මධ්‍යස්ථ ස්ථාවරයක සිටිමින් එහිදී අදහස් පළකිරීම විශේෂත්වයකි.

ලංකාවට පක්ෂව ඡන්දය දුන් - බොලීවියාව, චීනය , පාකිස්ථානය, බංග්ලාදේය, පිලිපීනය, රැසියාව, උස්බෙකිස්තාන්, කියුබාව, එරිත්‍රියාව, වෙනිසියුලාව, සෝමාලියාව
ඉන්දියාව ඇතුළුව බහරේන්, ගැබෝන්, සෙනගාල්, සුඩාන්, ටොගෝ, ඉන්දුනීසියාව, ලිබියාව, ජපානය, නැමීබියාව, නේපාලය, කැමරොන් හා බුර්කිනා පාසෝ හා නෙදර්ලන්තය ඡන්දය දීමෙන් වැලකී සිටියි.
ප්‍රංශය, ජර්මනිය, එංගලන්තය, ඉතාලිය, ආජන්ටිනා, ඕස්ට්‍රියා, බහමාස්, ආමේනියා, ආජන්ටිනාව, බ්‍රසීලය, ෆීජී, බල්ගේරියා, අයිවරි කොස්ට්, කොරියාව, පෝලන්තය, යුක්‍රේනය, උරුගුවේ, මෙක්සිකෝ, මලාවි, මාෂල් අයිලන්ඩ්, ඩෙන්මාර්ක් හා චෙක් ජනරජය යෝජනාවට පක්ෂව ඡන්දය දෙයි.

-පංචාලි අබේසේකර

ntw

Last modified on Tuesday, 23 March 2021 16:59

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us