සහල් වැඩි මිළට විකුණුවහොත් මෙන්න වෙනදේ

Published in පුවත්
Wednesday, 24 March 2021 09:03

පාරිභෝගික අධිකාරියේ පනත වෙනස් කරන ලෙස තමා කැබිනට් මණ්ඩලයට යෝජනා කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර තිබේ.

ඔහු සදහන් කර සිටියේ වී මිලදී ගැනීමේ කටයුත්ත ඇතුළත බරපතළ ප්‍රශ්න ගණනාවක් තිබෙන බවත්, අප්‍රේල් මස 05 වැනිදා සිට නාඩු සහල් කිලෝවක් සතොස සහ සමුපකාර සමිති හරහා රුපියල් 97 කට ලබාදෙන බවත්ය.

මේ පිළිබදව අදහස් පලකළ අමාත්‍යවරයා ,

''පාරිභෝගික අධිකාරියේ තිබෙන පනතින් වැඩක් නෑ, සහල් වැඩි මිලට වික්කොත් දඩය ලෙස ගහන්නේ රුපියල් දෙදහස් පන්සීයයි. වී මෝල් හිමියා දඩයට අමතරව පෙරකදෝරුවාගේ 2500ත් ගෙවනවා. සහල් වැඩි මිලට විකුණනවා නම් දින 14ක් බන්ධනාගාර ගත කළ යුතුයි. මේ පනත් වෙනස්විය යුතුයි.

එහෙම නැත්නම් රුපියල් පනස් දහසක හෝ ලක්ෂයක දඩයක් නියම කළ යුතුයි. දැන් නිකුත් කරන 2500 ක දඩය මහා පරිමාණ වී මෝල් හිමියන්ට දැනෙන්නේවත් නෑ. පිටකොටුවේ විතරක් එක දවසට රුපියල් ලක්ෂ 200ක සහල් විකුණනවා. පනත වෙනස් කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියත් දැනුවත් කරනවා'' යනුවෙන් සදහන් කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us