වී සහ බඩ ඉරිඟු මිලදී ගැනීමට රජය විසින් සියයට හතරක සහන මිලට ණය ලබාදුන් බවත් මෙම ණය මුදල මීට ඉහතදී ලබා දුන්නේ සියයට 13ක පොලී අනුපාතයකට බවත් , සහන පොලියට ණය ලබාගත් ඇතැමුන් වාහන පවා මිලදී ගෙන ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
තවද මෙම සහන ණය මුදලින් අතැමුන් වී තොග මිලදී ගෙන වැඩි මිලට විකිණීම සඳහා සඟවා ගෙන ඇතැයිද අමාත්‍යවරයා සදහන් කරයි.
ආණ්ඩුව ජනතාවට මින් සහනයක් ලබාදීමට උත්සාහ කළත් එය අවාසියක් වූ බවත් එම හේතුවෙන් 4% සහන පොලිය මත ණය ලබාදීම නතර කිරීමට කැබිනට් මණ්ඩලය ඉකුත් සතියේ තීරණය කළ බවද අමාත්‍යවරයා සදහන් කර ඇති බව වාර්තා වේ.
-පංචාලි අබේසේකර