පාස්කු අනු කමිටුව අද යළි රැස්වෙයි !

Published in පුවත්
Wednesday, 24 March 2021 09:27

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ අධ්‍යයනයට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අද යළි රැස්වෙන බව වාර්තා වෙනවා.

ලබන 31 වැනිදා එම වාර්තාව ජනාධිපතිතුමාට භාර දීමට සැලසුම් කර ඇති බවයි අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ අධ්‍යයනයට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ ලේකම්, ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්තා රෝහණධීර සඳහන් කළේ.

ඒ අනුව, අද හා හෙට දෙදින තුළ කමිටුව රැස්වී ජනාධිපති කොමිසම ඉදිරිපත් කර තිබෙන නිර්දේශ පිළිබඳව ගැඹුරින් සලකා බලා අනු කමිටු නිර්දේශ සකස් කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් පසුගිය 15 වැනිදා අමාත්‍ය මණ්ඩල අනු කමිටු වාර්තාව ජනාධිපතිතුමාට භාර දීමට සැලසුම් කර තිබුණද ඒ සඳහා කමිටුව සති දෙකක් කල් ලබා ගෙන ඇත.

අමාත්‍ය චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන්ය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us