චීන සිනොෆාම් කොවිඩ් එන්නත් ලක්ෂ 06ක් ඉදිරි සතිය තුළ ලංකාවට

Published in පුවත්
Wednesday, 24 March 2021 09:40

ඉදිරි සතියක කාලයක් ඇතුළත ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත චීනයේ නිෂ්පාදිත සිනොෆාම් (Sinopharm) කොවිඩ් එන්නතේ මාත්‍රා ලක්ෂ 06ක තොගයක් බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට භාරදෙන බව කොළඹ චීන තානාපති කාර්යාලය ‘අරුණ’ට තහවුරු කළේය.

තානාපති කාර්යාල ප්‍රකාශකයෙක් සඳහන් කරන ලද්දේ ශ්‍රී ලංකාවෙන් අනුමැතිය ලද වහාම එම එන්නත් තොගය ශ්‍රී ලංකාවට ගුවන්ගත කරන බවයි.

‘‘මේ මස අවසානයට පෙර එන්නත් තොගය බීජිංහි ශ්‍රී ලංකා පාර්ශ්වයට (තානාපති කාර්යාලයට) භාර දෙනවා. ඒවා ශ්‍රී ලංකාවට යොමු කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන්ගේ සහයෝගය අපේක්ෂාවෙනුයි අපි ඉන්නේ.’’ යැයි ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම එන්නත් ​තොගය පරිත්‍යාගයක් බැවින් ඒවා ලබාදීම සඳහා පුද්ගල කාණ්ඩ තෝරා ගන්නා ලෙස ඉල්ලා සිටීමේ බලයක් චීනයට නොමැති බවද ප්‍රකාශකයා පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ රැඳී සිටින චීන ජාතිකයන්ට මෙම එන්නත ලබා දීමට ශ්‍රී ලංකා රජය එකඟතාව පළ කර ඇතැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පසුගිය සතියේ සඳහන් කරන ලද්දේ චීනයෙන් ආනයනය කරන සිනොෆාම් එන්නත ප්‍රථමයෙන් මෙරට වාසය කරන චීන ජාතිකයන්ට ලබා දීමට නියමිත බවයි. චීනයේ නිෂ්පාදිත මෙම එන්නත දැනට ලොව රටවල් 60 පුද්ගලයන් මිලියන 75කට ලබා දී ඇතැයි ද චීනය ප්‍රකාශ කරයි.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us