subash

subash

පසුගිය යහපාලන යුගයේදී මුදල් අමාත්‍යංශ ලේකම් වරයා ලෙස කටයුතු කළ ආචාර්ය ආර්. සමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ආර්ථිකය ස්ථාවර කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම සදහා වැඩි බලතල සහිත කමිටුවක් පත් කොට ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පියවර ගෙන ඇත්තේ මෙරට ආර්ථිකය හැසිරවීම සඳහා වන ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම වෙනුවෙනි.

අද අපේ රටෙි ප්‍රධාන ප්‍රශ්න ආර්ථික ක්ෂේත්‍රයට පමණක් සීමා වෙලා නැහැ.ඒ වගේම දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙනවා.යළිත් 19 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම එක ප්‍රශ්නයක්.ඒ පිළිබඳව දැන් අපි පක්ෂ නායකයන් හැටියට 21 වෙනි සංශෝධනය සකස් කරගෙන යනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලෙවාටු මහතා හා සෞඛ්‍ය හා ජල ජලසම්පාදන අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට ඉන්දියාව සහ ජපානය එකඟ වී තිබේ. පසුගිය දා ටෝකියෝ නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මේ බව ජපාන රජය ප්‍රකාශ ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (මැයි 27) තීන්දු කළේ ය. එසේ ම, රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ අධිකරණය එම දඩය නොගෙවන්නේ නම්, මාස හයක සිර දඬුවම් ද නියම කළේ ය.

"ගෝඨා ගෝ ගම" අරගලකරුවන් මෙන්ම රට පුරා වෙනසක් ඉල්ලන තරුණ තරුණියන්ගේ ගැටලු හා යෝජනා ඉදිරිපත් කිරීමට අග්රාමාත්ය කාර්යාලය වෙබ් අඩවියක් හදුන්වා දී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

ශ්‍රී ලංකාව මුහුණ දෙන වර්තමාන අභියෝග සහ විශේෂයෙන් ඖෂධ නිෂ්පාදන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රී ලංකාවේ නියෝජිත ආචාර්ය අලකා සිං මහත්මිය හමුවිය.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස ලබන ජුනි මස පළවනදා වැඩ භාරගැනීමට නියමිත බව යුද හමුදාව ප්‍රකාශ කළා. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මේ වනවිට වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙසයි කටයුතු කරන්නේ.

වගා නොකළ ඉඩම් හා පුරන් කුඹුරු වහා රජයට පවරා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් සකස් කරන බව වාර්තා වේ. ඒ අනුව මේ සඳහා අවශ්‍ය ගැසට් පත්‍රය කඩිනමින් සකස් කර නිකුත් කරන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

අද වන විට රට තුළ විවිධ අර්බුද නිර්මාණය වී තිබේ. මිනිසුන් ජීවත් වීමේ අරගලයක නිරතව ඇත.

Connet With Us