subash

subash

සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරුන් ඇමැතිධුර ගැනීමට එරෙහිව විනය පියවර ගන්නා බව සජබයේ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පවසා ඇත.

රනිල් - ගෝඨා කුමන්ත්‍රණ ආණ්ඩුව පන්නමු, ක්‍රමය පෙරළමු යන සටන් පාඨ මූලික කරගෙන යළි අරගලය මුවහත් වී තිබේ. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පමණක් නොව විශේෂයෙන්ම පෙර‍ටුගාමි සමාජවාදී පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණත් මෙම සටන් පාඨයෙහි එල්ලී සිටී. වෙනත් ජන බලවේගයන්ද මේ සටන් පාඨය පිළිගෙන කටයුතු කරනවාද විය හැකිය.

ඉදිරියේදී සම්පූර්ණ කෙරෙන නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන්ට අමාත්‍ය වැටුප් ලබා නොදීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

විවිධ ව්‍යාපෘති වෙනුවෙන් ජාත්‍යන්තර මුල්‍ය ආයතන විසින් මෙරටට ලබා දුන් ඩොලර් බිලියන දෙකක පමණ මුදලක් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමකින් තොරව පවතින බවත් එම මුදල් පීඩාවට පත්වට පත්ව සිටින ජනතාවගේ මූලික අවශ්‍යතා වෙනුවෙන් යොදා ගැනීමේ හැකියාව ගැන සොයා බැලිය යුතු බව පාඨලී චම්පික රණවක පවසයි

අද (17) පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය සඳහා පැවැති ඡන්ද විමසීමේදී පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබූ අපේක්ෂකයා වූ අජිත් රාජපක්ෂ වැඩි ඡන්දයෙන් ජයග්‍රහණ්ය කර තිබේ.

සාමකාමී උද්ඝෝෂකයින් සිටි 'මයිනා ගෝ ගමට’ සහ ගෝඨා ගෝ ගමට’ පහර දීමේ සිද්ධීන් වලට සම්බන්ධ හිටපු ඇමතිවරු ඇතුළු 22 දෙදෙනකු වහාම අත්අංඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතීපතිවරයා පොලිස්පතිවරයාට සහ රහස් පොලිසිය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද ලිඛිතව උපදෙස් දී ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා කළ ප්‍රකාශය :

පසුගිය බ්‍රහස්පතින්දා මම අග්‍රාමාත්‍ය ධූරය භාරගත්තා. එම ධූරය මම ඉල්ලා සිටියේ නැහැ. රටේ ඇතිවී තිබූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ගරු ජනාධිපතිතුමා විසින් මෙම ධූරය භාරගැනීමට ම‌ට ආරාධනා කළා. මම දේශපාලන නායකයෙකු වශයෙන් පමණක් නොව නිදහස් අධ්‍යාපනය බුක්ති විඳලා කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලබාගෙන ඉහළට ගිය ජාතික නායකයෙකු වශයෙනුයි මෙම වගකීම භාර ගත්තේ.

ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ යම් හෝ සහනයක් සලසා ගත හැකි වන්නේ දැනට පවතින ආනාරක්ෂිත භාවය තුරන් කරමින් ආරක්ෂිත පරිසරයක් තුළ සේවය කිරීමට හැකියාව ලබා දී අඛණ්ඩව ආර්ථික යාන්ත්‍රණය පවත්වාගෙන යාමෙන්ම පමණක් බව පෞද්ගලික අංශයේ ව්‍යාපාරික සංවිධාන කිහිපයක් අවධාරණය කරයි.

පසුගිය මැයි 9 වනදින ගාලු මුවදොර පිටියෙන් අ‍රැඹුණ ප්‍රචණ්ඩ ක්‍රියා ‍රැල්ල තව දුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බවට තොරතුරු වාර්ථාවේ.මේ වන විට ප්‍රචණ්ඩ ක්‍රියාවන් හී විශාල අඩුවක් පෙන්නුම් කළ ද නගරයෙන් පිටත ප්‍රදේශවල නිවාස සහ ව්‍යාපාරික ස්ථාන වලට පහර දීම්, ගිණි තැබීම් , කොල්ල කෑම් සිදු වෙමින් පවතින බවට වාර්ථාවේ .

ගාලුමුවදොර කේන්ද්‍රකරගෙන සිදුවන අරගලයේ පාර්ශ්ව කරුවන් විසින් ඉදිරිපත් කර තිබෙන ' ගාලු මුවදොරින් ඔබ්බට' පුරවැසි ඉල්ලීම් යෝජනාවලිය මේ වන විට තමන් වෙත ලැබී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් කැමති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්ර්කාශ කරයි.

Connet With Us