අමාත්‍යවරුන්ට වැටුප් ලබා නොදීමට තීරණය කරයි ! Featured

Published in පුවත්
Thursday, 19 May 2022 10:57

ඉදිරියේදී සම්පූර්ණ කෙරෙන නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන්ට අමාත්‍ය වැටුප් ලබා නොදීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ අනුව ඔවුන්ට සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප පමණක් හිමිවෙනු ඇති.

එසේම නව ඇමතිවරුන්ගේ අමාත්‍ය වරප්‍රසාද ද අඩුකිරීමට බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ අද (19) පාර්ලිමේන්තුව අමතමිනි.

කැබිනට් අමාත්‍යවරුන්ට පමණක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන වරප්‍රසාද අහෝසි කළ යුතු බවට දැන් කාලයක් තිස්සෙ විශාල ඉල්ලීමක් සමාජය තුළින් පැන නැගී ඇත. මේ ඉල්ලීම් ප්‍රකාරව මන්ත්‍රීවරුන්ට ලබා දෙන වැඩි මනත් වරප්‍රසාද අහිමි කරන්නෙ නම්, එම කැප කිරීම රට වෙනුවෙන් කරන්නේ නම්, මේ දුෂ්කර මොහොතේදී රට වැසියාද රට වෙනුවෙන් කැප කිරීම් කරන්න දෙවරක් කල්පනා නොකරනු ඇත.

රජය කෙරෙහි පාලකයා කෙරෙහි විශ්වාසය තහවුරු කරමින් වැඩකටයුතු සිදුවේ නම් රට වැසියාගේ සහයෝගය කැප කිරීම රට වෙනුවෙන් ලබා ගැනීමට පාලකයාට නොහැකි වන්නේ නැත.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us